Friday, June 6, 2014

අපි ඒ පුතුන්..........



මීට කලින් පොස්ට් එකේ මම ලිව්වා මේ මගේ අවසන් කවියයි කියල.....දැන් ආයෙමත් ලියන්න අරගෙන.....මොන බොරු කාරයෙක්ද මේ....ඔබ හිතනවා ඇති....වරදක් නැහැ එහෙම හිතුවට.....මම ඔබට කිව්වනේ මම facebook එකේ ලියන අන්තිම පොස්ට් එක කියල ඉස්සෙල්ල ලිව්වේ.....
හැබැයි මම කිව්වේ ඇත්ත.....

මේ කතාව පැහැදිලි කරන්න මම යනවා අවුරුදු විස්සක් අතීතයට....මම ඉස්කෝලේ යනවා....අටේ පන්තියේ හරි නාමයේ පන්තියේ හරි මට මතක විදිහට....අපේ ඉස්කෝලේ අලුත් පුස්තකාලයක් හැදුවා....බලන්න ලස්සනයි ....ඉස්කෝලේ ඉස්සරහම හරි උජාරුවට තිබ්බ මේ පුස්තකාලේ.....ඔන්න හැම පන්තියකටම පුස්තකාල පීරියඩ් එකක්.....පීරියඩ් එකේදී විතරක් නෙමේ.....හැම ඕෆ් පීරියඩ් එක්කම වගේ අපි පුස්තකාලයට යන්න පුරුදු උනා ...... සමහර උන් එතනත් ගිහින් හොයන්නේ පාඩම් පොත්...ඇයි යකෝ ආණ්ඩුවෙන් නිකන් දෙන පොත් මදිවෙලාද මන්ද.....මට ඉස්සරත් ඉතින් සින්දු කවි පිස්සුව නේ....... ඔන්න මම හොයාගත්ත පොතක්.....ලියල තියෙන්නේ ඩෝල්ටන් අල්විස්..... (ඔව්....අර " සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන් " තමයි...ඒ කතාව වෙන දවසක ලියන්නම් දන්නේ නැති අයට )

ඒ පොතේ තිබ්බ කවියක් එක පාරින්ම මට කට පාඩම් හිටිය......

"කිවිඳෙකු ළයේ ලේ තැවරුණු හඳ පානේ

සිතුවිලි ලඳුන් ඇවිදින්නට යනවානේ

රන්වන් තුඩින් කවි ලියැවෙන මගෙ පෑනේ

අවසන් කවිය අවසන් නැත අවසානේ...."




ඔය කවිය එදා ඉඳන් මගේ හිතේ හොල්මන් කරනවා......අර පුස්තකාලෙන් ගත්ත පොත ගෙදර අරගෙන ගිහින් එක හුස්මට කියෙව්වා.......අම්මලට හොරෙන්.....පාඩම් පොත් නැතුව කවිපොත් කියවනවා දැක්කනම් එහෙම..........හපොයි

හැබැයි ඒ කාලේ අපි ගෙදරට හොරෙන් කියෙව්වේ කවි පොත්.....ඒකට දැන් කාලේ හැදෙන උන්.....පුංචි කාලේදී වෙන සමහර පුංචි සිද්ධි නිසා අපේ ජීවිතය වෙනස් වෙනවා.....මම හිතන්නේ අද මට මොනවහරි දෙයක් පද හතර ගලපලා ලියාගන්න හැකියාවක් තියෙන්නේ පුංචි කලේ මන් අත්දැකපු මේ පුංචි සිද්ධිය වෙන්න ඇති.....

කොහොම කොහොම හරි ඔය කවිය තවමත් මගේ හිතේ දෝංකාර දෙනවා.....ඉතින් අන්තිමේදී මට මගේ අවසන් කවිය අවසන් කරගන්න බැරිවුණා......


"අවසන් කවිය අවසන් නැත......." අවසානේ......


ඔන්න බස් වල වඩේ විකුනපු වඩේ කාරය දැම්ම පොඩි තේ කඩයක්.......මම පටන් ගත්ත බ්ලොග් එකක්........ඉතින් මම කිව්වේ ඇත්ත.....මීට පස්සේ ම,මම ලියන්නේ ඒකෙ ......ලියල facebook එකට ෂෙයාර් කරනවා.......
ඇවිත් බලන්න මගේ බ්ලොග් එකට මෙන්න ලින්ක් එක....
http://awasankawiya.blogspot.com/

අලුත් බ්ලොග් එකේ අලුතින්ම ලියන්නේ මොනවද......මම දහඅතේ කල්පනා කරනවා.....මගේ හිත දිවගියා අවුරුදු 125ක් අතීතයට......ඔන්න 1888 අවුරුද්දේ කුරුණෑගල බොධිරාජ මාවතේ කඩ කාමරයක හිටපු පවුලක පුංචි පැටියෙක් උපන්න.....

පැටියාගේ තාත්ත තමයි හෙන්රි.....
මේ පැටියට තව අයියල මල්ලිලා පස් දෙනෙක් හිටිය......ඒ ගොල්ල තමයි..ආනන්ද....රාහුල....මහින්ද......ධර්මාරාජ .......
ආනන්ද ඉපදුනේ කොළඹ, රාහුල ඉපදුනේ මාතර....අනිත් සහෝදරයෝ පිලිවෙලින් ගාල්ලෙත් , මහනුවරත් ඉපදුනා .......
ඉතින් කුරුණෑගල උපන්න මේ දරුවට තාත්ත නම තිබ්බ මලියදේව කියල.....ඒ තාත්ත තමයි හෙන්රි.........හෙන්රී ස්ටීල් ඕල්කට්......

මේ අටුවා ටීකා කිව්වේ මගේ බ්ලොග් එකේ සිංදුවකට ලියන පළමුවෙනි ආගිය කතාව ලියන්න......මගේ ආදරණීය පාසල් මාතාව .....ආදරණීය මලියදේවය ගැන ලියවුන උපහාර ගීයක් ගැන ලියන්න.....මේක උපහාර ගීය.....පාසල් ගීතය නෙමේ....මට මතක විදිහට මේක 98 කණ්ඩායමේ නිෂ්පාදනයක්....මේකට හවුල් වෙච්ච හැමෝම වගේ මලිදෙව් මෑණියන්ගේ පුතුන්... ලිව්ව කෙනා හැර   .....හැබැයි සින්දුව ලියල දුන්නේ නම් රත්න ශ්‍රී විජේසිංහ.......

ගායනය කරන්නේ ටී.එම්. ජයරත්න, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු මලියදේව විද්‍යාලයීය ආදි සිසුන්
(ටී.එම්. ජයරත්න, ලක්ෂ්මන් විජේසේකර ,බුද්ධික දයාරත්න ,නිරෝෂන් හෙට්ටිආරච්චි ,අනිල් කිරිඳිවත්ත ,සේනාංග දිසානායක ,මංජුල මීදෙණිය ,වරුණ ගුණතිලක ,නයන කුරේ ,ධනංජය ජයතිලක ,ජිනෙත් හර්ෂන, ඉසුරු කොන්දසිංහ ,එච්.සී. තෙන්නකෝන් ,ධම්මික බණ්ඩාර හේරත් ,තරංග මුණසිංහ ,දුමිත් තිලකරත්න ,ධනුෂ්ක ලක්මාල්)
තනු නිර්මාණය කලේ නයනරංග කරුණානායක


ඇතුගල වගේ නොසැලී ලංකාවේ ඉහලටම ගිය සිරිමතුන්, නැණ ගුණෙන් පිරි අපි ඔබේ දරුවන් ආදරණීය මලිදෙව් මවුනි.....දිසපමොක්වරුන්,ඉසිවර වෙදදුරන්,මහාචාර්යවරුන්, ගායකයින්, සිංහ ගුණැති රණවිරුවන් මේ දෙරණට බිහිකළ මලිදෙව් මවුනි ඔබේ පාමුල වැඳ වැටෙමි...බැතියෙන්.......ඔබට උපහාරයක් වේවා......

තුමුල ඇතුගල සදිසි සිරිලක
කිරුළ සැරසූ සිරිමතුන්...
විපුල දිරියෙන් නැණගුණෙන් යුතු
මලියදෙව් මව දිණු පුතුන්..........//

පැණසර දිසාපාමොක්වරුන්
නැණ ගුණ සපිරි ගුරු මාපියන්
වැඩු පුතුන් මෙබිමට තිළිණදුන්
මලිදෙව් මව්න් පිණි පා කරම් //

තව කුමටදෝ.......... අපමණ වැනුම්..........
අපි ඒ පුතුන්.......... මලිදෙව් පුතුන්..........

තුමුල ඇතුගල සදිසි සිරිලක
කිරුළ සැරසූ සිරිමතුන්...
විපුල දිරියෙන් නැණගුණෙන් යුතු
මලියදෙව් මව දිණු පුතුන්..........//

ඉසිවර වෙදැදුරන් -මහැදුරන්..
බාසුරු ගුණැති රණවිරු පුතුන්...
මව්බිමේ මෙහෙයට තිළිණදුන්
මලිදෙව් මව්න්... පිණි පා කරම් //

තව කුමටදෝ.......... අපමණ වැනුම්..........
අපි ඒ පුතුන්.......... මලිදෙව් පුතුන්.......... //


මලිදෙව් පුතුන් Ringing Tones :

* Airtel : Dial 8881630278
* Dialog : Dial 87533222
* Mobitel : Text 198000215 Send SMS to 777


1 comment: