Friday, November 17, 2017

දිවි රැකි පෙම...




එක්කන් යන්නද දියපිරි විලකට...
නිකින්නියේ....
ඉරි ඇඳෙද්දී වැව කුස ...
කොකෙක් අහනවා....
කුඩමසුගෙන්

නැතුවාම නොවේ සිත
යන්න ඔබත් එක්ක...
ඒත් කොහොමද යන්නෙ
පෙම්කල සියපත අතැර....

Wednesday, November 8, 2017

ගිලිහුණු මල්....................





නිමිත්ත: මව දින දොළහක් වයස බිළිඳා මහමඟ දමා යයි....


ගසක පිපිනු මල් ගසකට මහමෙරකි
අහස දිලන තරු අහසට පිරිවරකි
කණාමැදිරියන් රැයකට සිහිනයකි...
දරුවන් මවුන් හට දිදුලන මහ කොතකි...