tag:blogger.com,1999:blog-27106190389393888112024-03-06T06:00:56.950+05:30අවසන් කවිය අවසන් නැත කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.comBlogger112125tag:blogger.com,1999:blog-2710619038939388811.post-25570713302072383172020-10-01T03:14:00.002+05:302020-10-01T03:14:26.789+05:30මල්ලිකා...
හරියටම හත්දොහක් වෙනව අදට....
එදා මොර සූරන වැස්ස,
බොරැල්ල පැත්තෙ ඉඳන් ආයුර්වේද හන්දිය පහුකරල මම එනව රාජගිරියට...
වින්ඩ්ස්ක්‍රීන් කොපුල මත වැටෙන වැහි බිංදු වයිපර් ලේන්සුවෙන් පිහිනව...
ඒත් අහස අඬනව.... පිහල ඉවරයක් කරන්න බෑ...
බස් හෝල්ටෙකේ නවත්තල අමුතු තාලෙ බස්සෙකක්... බස්සෙක උඩ පෙට්ටියක් වගේ එකක්... ඒකෙ තඩි අකුරින් ලියල " පොත් ප්‍රදර්ශනයේ නොමිලේ ප්‍රවාහන සේවාව" වගේ අකුරු පෙලක්... මට මතක නෑ හරියකට....
සෙනඟ ඇති සූ ගාල.... ඔතන සමහර කතුවරු... කවියො එහෙමත් ඉන්නවනෙ... පොත් ගතහැකි කතුවරයගෙ අත්සනත් එක්ක... හිත කියනව.... මම නෑහුන වගේ ඉන්නව... මේ දබහරි වැස්සෙ....
කොහොමින් හරි ගෙදරටත් ආව... තාම වැස්ස තුරල් කරල නෑ.... අඩිය තිබ්බම චිරිස් ගාල ඉහෙන මඩ වලක් උඩින් පැනලා මම ගෙට ගොඩ උනා....
සද්දෙට බැලුව...
තැපැල් පියුං මහ වැස්සෙම.... ලියුම් මිටියටත් හිරිකඩ ගහල....
ඒ ලියුම් මිටි තියල තිබ්බ කූඩෙම නැඟලා....
පියුං එක්ක 'මල්ලිකා' ආව... තාර කලුපාටට... යද්දෙස්සියක් වගේ මූණ.....
හ්ම්.....
මට ආයෙත් පොත් ප්‍රදර්ශනේ බස්සෙක මතක් උනා. පොත් ප්‍රදර්ශනේ ඇතුලෙන් මුණ ගැහෙන්න බැරි.... කුලියාපිටියේ , නාරම්මල කොහේ හෝ තැනක මුණ ගැනෙන්න පුලුවන් නමක් ලියල තිබුනා.... නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් ....... එහෙම නැත්නම් බෙනා අයියා.... ජීවිතේ කවදාවත් හමුවෙලා නැති.... මුහුණු පොතේ කවි වලින්ම හඳුනන බෙනා අයියා....
බෙනා අයියගේ 'මල්ලිකා' මගේ අතට ආවෙ ඔහොම .... සතියක් දැනට...
පොත් සල්පිලේ කවිපොත් ඇති.... කවියොත් ඇති.... ඒත් ඔබට බෙනාගේ " මල්ලිකා" සල්පිලේ හමු නොවේවි... ඒ ඔහු කවි නොලියා ලේ ,මස් ,නහර ,කඳුලු ,සෙම්,සොටු වලින් ජීවිතය ලියන නිසාද....
එක හුස්මට කියවන්නම් කියල ඉඳගත්තට පොත.... බෙනා අයියා ඒකට ඉඩ දෙන්නෙ නෑ... පලමු කවියෙන් කියනව කුලියාපිටියේ මල්ශාලාවේ අම්මගේ මිනිය එම්බාම් කරනව බලන් උන්නු හැටි.... බෙනා අයියේ.... උඹ අපේ පපු කැවුතු සේරම උදුරලා අරගෙන පොලොවෙ ගහනව.... තව කවියක් කියවන්න බෑ.... කෑලි කෑලි කැඩිච්ච හිත එකතු කරගන්න දවසක්ම යනව......
ඊලගට දෙවෙනි කවිය.... ඉවර කරන්නෙ "කොහා වැලිකඩ හිරේ ඒකයි" කියල.... දවස් බාගයක් යනව මට ඊලඟ කවිය කියවන්න.... ඔන්න ඔහොම කවිපොතේ කවි විසිපහ කියවන්න සතියක්ම ගියා...
තවත් එක් කවියක්.... සමහර කවියන් ලියල තියන ඉතාම ඛේදනීය සිදුවීමක්... බෙනා ලියනව කවුරුත් නොලියපු ආරකට.... කවියෙ අන්තිම පද දෙක විතරක් කියන්නම් ඔබට...
බතල ගාලෙ වළක් කපල කළලෙ ඔබා..
උකුළ පලල් අඩහඳ රෑ මැකිල ගියා......"
හ්ම්...
හත් වෙනි කවිය " මල්ලිකා" පොතට නම දාන්න මුල් උන කවිය....
බෙනා අයියා මේකෙ පූර්වාපර සංධි ගලපල ලියල තිබ්බ මූණු පොතේ.... ඒ ටික එහෙමම උපුටා දන්වන්නද මම... බෙනාගේ වචනයෙන්ම....
(උපුටනය ආරම්භය)
පූර්වාපර සන්ධි ගැලපීම........!!!
ගිං පොල් කිරළ
කටු ඉකිළිය කඩොලාන
කරු මුල් කයිරු මුල්
බහුලය සකියාන
අනේ ඕං මං
එක හිත් දුගියාන
එහෙම උන්ට
දැඩිමුණ්ඩත් ඔරවාන...........!
මං මේක ලියන දැන් හරියටම වේලාව රාත්‍රී 12.00 යි.
මේක සත්‍ය කතාවක්. මට ගම මොකක්ද කියල ඔබට කියන්න බෑ. මල්ලිකාගෙ ස්වාමිපුරුෂය හරිම හොඳ මනුස්සයෙක් . උදේ කුළී වැඩට යනව. රෑට රෑවෙලා ගෙදර එනව. මල්ලිකාට පණ ඇරල ආදරෙයි ......
මල්ලිකා ඔය අතර අනියම් සම්බන්ධයක පැටලෙනව. මම මේ කතාව බොහොම කෙටියෙන් ඔබට කියන්නෙ. මතක තියාගන්න මේක සත්‍ය කතාවක්.මම දැක්ක දෙයක්. මං ලියල තියෙන්නෙම මේ වගේ පතොක් කටු ඇනෙන හා ගල්වල හැප්පිලා කකුල් තුවාල වෙච්ච සත්‍ය සිද්ධි පාදක වෙච්චි කවි............!
මල්ලිකා තම සැමියා සාමෙල්ට වැඩිය අනියම් පුරුෂයා වන රාළට ආදරෙයි . ඉතාම කුරිරු විදියට දවසක් මල්ලිකා තීරණයක් ගන්නව. මේක කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගමක සිදුවුණු සිදුවීමක් ..........................!
මල්ලිකා කලින් දා රාත්‍රියේ අගුළු කරවල බැදපු තෙල් තාච්චිය අරන් ඒකෙ ඉතුරුවෙච්ච තෙල්වලට අල කපල දාල අල බැදුමක් හදනව. අල තරමක් කරවෙන්න ඇරල ඒකට කබර තෙල් දාල හැඳිගානව.දැන් වැඩේ සම්පූර්ණයි,එච්චරයි .............!
නමුත් දැන් මේ කබරතෙල් විෂට සාමෙල් මැරෙයිද කියන එක ගැන මල්ලිකාට සැකයක් එනව. ඒ නිසා එයා සාමෙල් හවස වැඩ ඇරිල ගෙදර එන්න ඉස්සරවෙලා වස මිශ්‍රණය පරීක්ෂා කරන්න ගෙදර ඉන්න බැල්ලිට බත් එක්ක කලවම් කරල මේක කන්න දෙනව. සුළු මොහොතකින් බැල්ල කටින් සෙම හලාගෙන මැරිල ඇදගෙන වැටෙනව..............!
ගම්වල ඉන්න , නැත්නම් වන්නියෙ ඉන්න අපි , එහෙම නැත්නම් ඩොටේ අපි මේ කබරතෙල් ඒ වාගේම ළියැදි පෙන , නියඟලා, කණේරු සහ මෙකී නොකී වස විස ගැන හොඳාකාරවම දන්නව .නගරයේ ඔබට දැනගන්නත් ඒත් එක්කම මෙහි කෲර බව හා අනුවේදනීය පැත්ත ඔබට පෙන්නන්නත් එක්ක මම මේ කවිය මගෙ අළුත් කවි පොතට ඇතුළත් කළා. පොතේ නම යොදන්නෙත් මේ කවිය ආශිුතව...........!
කබරතෙල් ගිරියට වැටිල විනාඩි ගනනකින් මිනිසෙකුගෙ පපුවෙ සියළු අවයව බොක්කට කඩාගෙන පාත්වෙනව.එවැනි මිණියක් වැඩිවෙලාවක් තබා නොගෙන ඉක්මනින්ම වළලා දැමිය යුතුයි.මෙය වස දීමකින් සිදුකළ මරණයක් බවට තීන්දු වුවහොත් නීතිමය කටයුතු සඳහා යම් ප්‍රමාදයක් සිදුකළ යුතු සේම එය තදබල දුර්ගන්ධයන් යටතේ සිදුවන්නක්ද වෙයි.ඔබ කබරතෙල් ජලය සමඟ මිශ්‍රකර භාජනයකට හැලුවොතින් එහි කොතනක හෝ කබරයකුගේ රුව පිහිටන ආකාරයද දැක බලාගත හැකියි.මේ පිළිබඳව බොහෝ කරුණු කාරණා ගම්වල මිනිසුන් දන්නා බව ඔබට කිව යුතුයි .මා මෙහිදී කියන්නේද ඉතාමත් ස්වල්පයයි.............!
මැරිල මැරිල වැඩ ඇරිල ආව සාමෙල්ට මල්ලිකා කබරතෙල් සමග පිසගත් අල බැදුම බෙදල දෙනව. වල කපන තැන රාළ බොරුවට අඬ අඬත් ඉන්නව .........!
දැනට මාස හතරකට උඩදි මල්ලිකා පිස්සු හැදිල මැරුණ . එයාට සාමෙල්ගෙ මරණෙන් පස්සෙ කවදාවත් රෑට නිදාගන්න බැරිවුණා .මහ රෑ දොළහට එකට හීනෙන් කවුද ඇවිත් එයාගෙ බෙල්ල මිරිකනව කියල මල්ලිකා ගමේ හැමෝටම කියල තිබුන ...........!
ඔබේ අදහස මම දන්නෙ නෑ. නමුත් මම මල්ලිකාට නිවන් සුවය ප්‍රාර්ථනය කරනව.
මොන රෙද්දක්ද මන්ද මට කාටවත් වෛර කරන්න බෑ..........!!
එතනින් පස්සෙ සිදුවීම් ඔබට කවිපොතෙන් කියවාගත හැකියි ......
එළිවෙන්ඩ ළඟයි දැන් . ගම් තුලානෙ මිනීපිටිය පැත්තෙන් තනි නරියෙක් හූ කිව්ව . බඩා මාමගෙ කඩේ ළඟ බල්ලො උඩුබුරනව. මේ කාලකණ්ණි බළල්ලු මෙතන පොරකනව. අනිවාර්යයෙන්ම දවස් හතක් යන්න කළින් කවුරු හරි මැරෙයි. කණ කොක්කු මහ ලියද්දට උඩින් ඊයෙ හැන්දෑවෙ සුදු ඇඳන් ගියෙ ඒකයි.........!!
මතකයිනෙ පොතේ නම...............!
" මල්ලිකා "
කරමූඩියෙ එකට අනං
කාපු පිලේ
මුරවාඩියෙ රා පොල්කටු
ගාපු තොලේ
මටත් හොරෙන් ගෑණිට
උල තියපු වෙලේ
මාව මතක් වුනේ නැද්ද
රාළ මලේ.............?
(උපුටා ගැනීම අවසන්)
ඒ තමා බෙනා අයියාගෙ වචන
දහවෙනි කවිය.... මඩමක ( ළමා නිවාසෙක) ඉන්න දරුවෙක් හිත... අතීතය....
බෙනා අයියෙ ඇයි බං උඹ අපට මෙහෙම කරන්නෙ....
කවි විසිපහට විසිපස් වතාවක් පපුව ඉරාගන්නෙ කොහොමද මම.....
දහ නම වැන්නේ ඔහු ලියනවා මෙහෙම...
" සස ජාතකේ හාවා... ඇත්තටම අපේ තාත්තා..."
බෙනා අයියා නොහොත් නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් ..... කවි උල් විසිපහක්ම ඇන්නා පපුවට.... රිදුම් දෙයි ඒත් ගලවන්නෙ කොහොම හිතකින්... මම දන්නවා ඒ උල් ගැලෙව්වොත් වඩාත් රිදෙන බව. ලය තුලින් ලේ කඳු ගලන බව.. ඒ හින්ද මම ඒ උල් තිබෙන්නට හරින්නම්...
ඔබත් ගන්න ඒ කවි හීතුඩු.... හැබැයි පොත් සල්පිලේ හොයන්න නැතිවෙයි... කතා කරන්න ඔහුගේ ප්‍රකාශකට... නොම්මරේ ඇති පොටෝ එකේ... එවයි මල්ලිකා.... පියුංගේ බයිසිකලේ නග්ගලා....
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com1tag:blogger.com,1999:blog-2710619038939388811.post-62355053615841012872020-05-14T21:47:00.004+05:302020-05-14T21:47:45.798+05:30ගිලී යයි සිතක්....
ඉඩෝරෙට පෙම් කරන පුංචි කහ මලක්..
නිකිණ්නියෙ ගිනියමට වෙන්නෙ නෑ මෙලෙක්..
වැහි බිංදු වැටෙන කොට රිදෙනවා හුඟක්..
පෙති කැඩී දිය පාරෙ ගිලී යයි සිතක්....
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com0tag:blogger.com,1999:blog-2710619038939388811.post-9366985105515697192019-08-08T20:26:00.002+05:302019-08-08T20:27:11.333+05:30සෞම්‍ය රාත්‍රී....
නැඟෙන සඳ සෝ කැලුම් හද මඩල බුර බුරා..
හඬයි පිණි කඳුලු ඉස සඳ මඩල පුන් සරා..
සඳ කොපුල පිසින සඳ කලු වලා නුබ පුරා..
අඳුර අබිසෙස් ලබයි මහීතල සිත් අරා...
රෑ කුමරි මල් ගසක් බිසරු ලිය සේ නුරා...
මල් සේල උනයි නල පහස විඳිමින් දරා...
මා වවුල් සලෙල දන එබී ගනදුර ඉරා...
මී මලෙක සිල් බිඳී මකරන්ද උර උරා...
සඳ නිතඹ පිපෙන සඳ කලු වලා සලු ඉරා ..
සඳ නැබෙහි රුව විඳී මහීතල සිත් පුරා..
නුරාගය ගලන සඳ සඳ එලිය සේ පෙරා...
කඩුපුලක් නෙත් හරී සදෙව් ලොව සිරි අරා....
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com0tag:blogger.com,1999:blog-2710619038939388811.post-11201629412641466922018-12-26T09:33:00.000+05:302018-12-26T09:33:28.678+05:30මයෙ රත්තරන් පුතේ හොඳටෝම රිදුණාද...
photo courtesy https://jetsetbunny.com/
මහමුහුද අඬනවා එදා වගේම....
ඇය බලා ඉන්නවා මුහුද දිහා...
මුලු ජීවිතේම දුන්නෙත් ... හැමදේම ආපහු උදුරගත්තෙත් මේ මහ මුහුදම නේද....
ඒත් කොහොමද මුහුද එක්ක තරහ වෙන්නේ....
ඇගේ මතකය අවුරුදු දාහතරක් අතීතෙට යනවා....
දෙදාස් හතර...
පස් හැවිරිදි පුංචි පුතාවත් අතින් ඇදගෙන ඇය පොත් සාප්පුවෙන් එලියට ආවෙ ගමට යන බස් එක අල්ල ගන්න....
උදේ නමයෙ බස් එක අල්ල ගත්තොත් දහය වෙද්දි ගෙදර ගියෑකි... අම්මේ පොත් කඩවල සෙනඟ...
ලබන අවුරුද්දෙ ඉස්සෙල්ලම ඉස්කෝලෙ යන පුංචි පුතාට පොත් පැන්සල් අඩුම කුඩුම ගන්න ඇය පාන්දරින්ම ගාල්ලට ආව....
ඉස්කෝල පොත් ගන්න කාලෙ හින්ඳ පොත් කඩවල් උදේ හත වෙද්දි ඇරල....
පොඩි එකාට හරි සතුටුයි....
මූදු ගිය ලමයින්නෙ තාත්තා ගෙදර ඒවි අපි යන්න කලින්... ඇය තනියම හිතුවා...
ලා නිල් පාට පොත් බෑග්ගෙක පොඩි එකා දැන්මම එල්ලගෙන පිටේ... හරි උජාරුවෙන් උඩ පැන පැන එන්නෙ....
ජනවාරියෙ ඉස්කෝලෙ යනව කිව්වම කොල්ලා ඉන්නෙ හරි ආසාවෙන්...
පොඩි එකා කිරිදත් පෙන්නලා හිනා උනා....
උපන්දා ඉඳන් තමන් ලඟම හිටපු පුංචි පුතා.... ඉස්කෝලෙ ගියාම මම තනියෙන් පාලුවෙන් ඉන්නෙ කෝමද... උදේ වරුවෙ....
ඇයට පුංචි සාංකාවක්....
හ්ම්...
කමක් නෑ... උදේ වරුව විතරනේ...
එකෙන් දෙකට... දෙකෙන් තුනට... ඊට පස්සෙ පහේ ශිෂ්‍යත්වෙ....
ඊට පස්සෙ ටවුමෙ ලොකු ඉස්කෝලෙකට දැම්මැකි...
ඉක්මනට කල් ගෙවෙයි.... සාමාන්‍ය පෙල උසස් පෙල ..... පොඩි එකා කැම්පස් යයි...
මගේ කොල්ල ලොකු වෙලා දොස්තර කෙනෙක් වෙයි....
ගමේ එවුන් සේරම ඉරිසියා වෙයි මගෙත් එක්ක...
ඇගේ මූණෙ පුන්චි හිනාවක්....
පුන්චි පුතා අතේ එල්ලීගෙන උඩ පැන පැන එනවා....
පුතා කැම්පස් යද්දි කරාපිටියේ එකට යන්න කියන්න ඕන... ඔය කොළඹ රටේ යවල කොහොමද.... අපි පාලුවෙන් ඉන්නෙ....
කොල්ල ගනී රතුපාට කාරෙකක්...
"අම්මේ මට මුරුක්කු ඕන..." පොඩි එකා අතින් ඇද්ද...
ඇය පියවි සිහියට ආව හීන මාලිගාවෙන් බැහැල...
ඈත ඔරලෝසු කණුවෙ වෙලාව හරියටම නමයයි.... ඇය දැක්ක...
බස් එක මඟඇරෙයිද...
කමක් නෑ.... පුතාට බැහැයි කියන්න කෝමද....
මුරුක්කු එක්ක බූන්දි මල්ලක්කුත් අරන් ඉක්මනට බස්ටෑන්ඩ් එකට ආවත් නමයෙ බස්සෙක ගිහින්...
දැන් ඉතින් ඉඳපන්කො නමයයි හතලිහෙ බස්සෙක එනකන්...
ඇය පොඩි එකා දිහා බැලුවා....
හුරතල් හිනාව...සුන්දර ලෝකෙ.....
ඇය නැවතත් සිහින මාලිගාව පාමුල....
ඒත්....
රැල්ල ඇවිත් ඒ සිහින මාලිගාව.....
හ්ම්....
මුහුදු රළ වියරුවෙන් නැගිට්ටා
මහ දුරක් ගොඩබිමේ ඇවිද්දා
වැල්ලෙ තැන තැන නටපු මගෙ මාළු පැටියාව
මහ මුහුද මට හොරෙන් ගෙනිච්චා.....
දිය වැලට අසුවෙලා කළු ගලක වැදුණාද
මයෙ රත්තරන් පුතේ හොඳටෝම රිදුණාද
මුහුදු පතුළේ අපව හැම තැනම සෙව්වාද
මාළුවන් වටවෙලා නුඹ එක්ක හැඬුවාද
නුඹ එක්ක හැඬුවාද
මහ මුහුදු එක්කමයි තරහවක් නෑ සිතේ
වෙරළ ගැන දන්නෙ නැති මාළුවන් නෑ පුතේ
මාත් වැල්ලෙම වැටී සොයනවා දස අතේ
කොහොම හරි පීනලා එල්ලියන් මයෙ අතේ....
එල්ලියන් මයෙ අතේ....
ඇය අතීතෙන් මිදිලා වර්තමානෙට ආවා... අල්ලපු ගෙදර කෙල්ලගෙ සද්දෙට...
ඇයට හීල්ලුනා... මගේ පොඩි එකත් හිටියනම් මේ වයසෙමයි... අවුරුදු දහනමයක ඉලංදාරියෙක්..... හ්ම්....
ඇයගෙ හිත ලිව්වෙ....අතුල ජයදේව
හද කකියන සත්සර රටා මැව්වෙ....නවරත්න ගමගේ
ඇගේ හඬ උනේ....දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
වසර දාහතරකට පෙර මහ මුහුද බිලිගත් අපේම කිරිකැටියන්...සොයුරු සොයුරියන්... මාපියන්... හිතවතුන්..... සංසාර සාගරයෙන් එතෙර වේවා...
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com1tag:blogger.com,1999:blog-2710619038939388811.post-66165051539668450472018-08-04T00:34:00.002+05:302018-08-04T00:34:42.130+05:30ආදරය කවියක්
ආදරය කවියක්....
එලිසමය රැඳි... සොඳුරු වැකි පිරි....
සොඳුරු සිතිවිලි.... මුතු අකුරු බැඳි...
ආදරය කවියක්...
ආදරය කවියක්....
අකුරු ගිලිහුන... කුරුටු වැකි බැඳි
කිලිටි කරදහි පිටු අතර රැඳි...
ආදරය කවියක්....
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com1tag:blogger.com,1999:blog-2710619038939388811.post-91295090987296396322018-05-15T21:27:00.001+05:302018-05-15T21:27:07.247+05:30එන්න ...පව්කාරියට ගල් ගසන්න....
ඉහට උඩින් ඉර.... හෙවනැල්ලත් පෑගෙනවා.
නලල දිගේ ගලාගෙන ආපු දාඩිය පිටි අත්ලෙන් පිහින ගමන් තවත් හයියෙන් දරුවව අල්ලගත්ත...
අලුත උපන් කිරි දරුවට අව් රැල්ලක්වත් වැටෙයි කියල පැනල් කෑල්ලකින් වහගත්ත කුමුදු ඉක්මන් ගමනින් බස්ටෑන්ඩ් එක පැත්තට ගියා...
හොඳ වෙලාවට කොලඹ බස් එකක් පිටත් වෙන්න හදන්නෙ...
මේ බස් එකේ ගියොත් ඊලඟ ටව්මෙ තියන ලොකු ඉස්පිරිතාලෙට පැයකින් විතර ගියෑකි...
නැත්නම් දරුව අඬන්න ගනී හාමත් වෙලා....
ජනේලයක් අයිනෙ ඉඳගත්ත ඇය ජනේලෙන් එලිය බලනවා....
මාස ගානකින් වැස්සක් වැහැල නැති,දූවිලි වැකිච්ච ගස් ගල් ගෙවල් පහුවෙනව...
ඇගේ හිත මාස ගානක් ආපස්සට යනවා...
කසාද බැඳලා ..හීන ගොඩක් පුරෝගන ඔහුත් එක්ක ආපු හැටි....
අවුරුදු විසි තුනක් තමන් හිටපු ගෙදර.. අම්ම තාත්තා... එකම සහෝදරයා .... ඒ හැමෝගෙන්ම වෙන් වෙලා...
අලුත් කැදැල්ලක් හදන්න.. අලුත් නෑයො අතරට ආපු හැටි....
මගුල් දවසේ ඔහු ඇයගෙ කනට කරල ආදරෙන් කිව්වදේවල්....
" සුදු මැනිකෙ.... මට දඟකාර පැටව් තුන්දෙනෙක් ඕනැ...."
ඇය කෝල බැල්මක් හලල හිනාවුනා....
ඇහිදාර වලින් වාන් දමපු කඳුලු බින්දුවක් කඩා වැටුන බිමට...
ඇය පියවි සිහියට ඇවිත් බැලුවා... කඳුලු බින්දුව වැටුනෙ පුන්චි එකාගෙ ඇඟටද කියල...
නෑ... පොඩි එකා තද නින්දෙ... හාමත් වෙලාවත්ද... ඇගේ හිත බයෙන්.... පුන්චි රෝස පාට කම්මුල් වලට හාදුවක් දුන්න දරුවගෙ....
බස් එක රේස් එකක්... තවත් බස් එකක් එක්ක...
අපි හැමෝම .... වෙන වෙනම රේස් වල නේද කියල ඇයට හිතුන....
ආයෙත් හිත අතීතයට දිව ගියා...
කසාද බැඳලා අවුරුද්දක්ම යනකන් දරු පැටියෙක්ගෙ බර දරන්න නොහැකි උන නිසා... නැන්දම්මා ඇනුම්පද කියන එකත් ටික ටික වැඩි වෙන්න ගත්ත.
අහල පහල උන්ටත් වෙන වැඩ නෑ... අපිට ලමයි හම්බවෙනවද කිය කිය හොයනවා ඇරෙන්න....
මුල් දවස් වල සුදු මැණික කියල කතා කරපු මනුස්සයත් නිතර නිතර රන්ඩු වෙන්න ගත්ත...රුස්සන්නෙ නෑ වගේ.
සුදු මැණික කියපු කටින්ම කණවැන්දුමී කියල අහගන්න තරම්....
හ්ම්..
ඇයගෙ දුක දැකලද කොහෙද අන්තිමට දරු සම්පතක් බඩට ආව... නැන්දම්මගෙත් දැන් සැලකිලි... මනුස්සයත් දැන් ආදරෙයි..ආයෙත්.... ඒත් ඒ වාසනාව තිබ්බෙ මාස තුනයි....
දවසක් උදේ රතුපාට ලේ කැටියක් වගේ ඒ වාසනාව ඇගෙන් ගිලිහිලා තිබ්බා.....
" ඉඳල ඉඳල දරුවෙක් බඩට ආව විතරයි... ඒකත් මාස තුනෙන් ඇබෝසන්.... මූසල කම තමා... වෙන මොකක්ද..."
නැන්දම්මා ඇහෙන නෑහෙන ගානට කියන ඒවා... තමන්ගෙම මනුස්සයා පොකුරු පිටින් මූණටම ගහල දාන්න පටන් ගත්ත....
හ්ම්... ජීවිතෙන් වැඩක් නෑ කියල හිතුන වාර අනන්තයි....
කොහොම හරි තවත් මාස අටකට පස්සෙ ඔන්න ඇයට වාසනාව පහල උනා... තව දරුවෙක් බඩට ආව....
" ඉස්පිරිතාලෙ ගාව බහින අය බැහැගන්න ඉක්මනට" කොන්දොස්තරගේ හඬින් පියවි සිහියට ආපු ඇය වටපිට බැලුවා .... ඉස්සරහින් පේන්නේ ලොකු ඉස්පිරිතාලේ... කලබලේට දරුවාගේ කකුලේ මේස් එකකුත් බිම වැටුන..ඇය ඉක්මනින් බැහැගත්තා...
මහ ඉස්පිරිතාලෙ ගේට්ටුව ලඟ වැඩ ඉන්න සුදුපාට බුදුපිලිමේ ඇය දිහා බලාගෙන ඉන්නව වගේ ඇයට දැනුනා... ඇයට ඔලුව උස්සල බුදුපිලිමේ මූණ බලන්න බෑ වගේ... එතනින් ඉක්මනට අඩිය ඉක්මන් කරල ඕපීඩී එක ගාවට ගියා...
" බබා හම්බ වෙලා සති තුනක් වෙනවා.... හරියට කිරි නෑ ඩොක්ට...."
" බයවෙන්න එපා.... අපි කිරි කාමරේට යවන්නම්... එතනදි මිසීල කියල දෙයි කිරි දොවන විදිහ" ඕපීඩී එකේ හිටපු තලත්තෑනි දොස්තර මහත්තයා ඇයව කිරි කාමරේට යැව්වා...
"අම්මට කිරි බින්දුවක්වත් නෑනෙ... බේබි කාමරේ ඩොක්ටර්ට පෙන්න ගන්න... නැත්නම් බබා කහපාට වෙයි" කිරි කාමරෙන් බේබි කාමරේ ගාවට යැවුන ඇය...
"අනේ මිසී... එහෙනම් මාවයි, දරුවවයි වාට්ටුවෙ නවත්තන්න... දවසක් දෙකක් හිටියම මට කිරි දෙන්න පුලුවන් වෙයි... බැරිම උනොත් කිරිපිටි වත් දෙන්න බැරියැ..."
"නෑ... නෑ... ඊට කලින් බබාල බලන ඩොක්ටර් ට පෙන්නල ඉන්න ඕන... අම්ම එතෙන්ට ගිහින් එන්නකො"
මේ මිසීගෙන් නම් බුරුලක් නෑ වගේ... ඇය තනියම හිතුව....
බේබි කාමරේ හිටියෙ පුන්චි දොස්තර නෝන කෙනෙක්.. ඇය බබාව හොඳට බලලා අම්මා දිහාවට හැරුනා..." බබාට වයස කීයද අම්මා... දවස් දෙකද...තුනද..."
"දැන් සති තුනක් වෙනවා ඩොක්ටර්, මට කිරි නෑ... දරුවට මොනවහරි පිටි ජාතියක් ලියව ගන්න කියලා"
" සති තුනක්... " ඩොක්ටර් එහෙම කියල දරුවා දිහා බලාගෙන ඉන්නවා....
එතන ඉඳන් ගෙවුන පැය තමන් ඉපදුන දා ඉඳන් ගෙවිච්ච කෙටිම පැයද... දිගම පැයද කියල ඇයට නිච්චියක් නෑ....
දරුවා බේබි කාමරේට ඇඩ්මිට් කරා..
ඇයව යැව්ව වාට්ටුව්ට...
ඇස් වල පිරිච්ච කඳුලු අතරින් ඇය දැක්ක වාට්ටුවේ දොර ගාව මුර කරන පොලිස් කාන්තාව....
එහා පැත්තෙ ඇඳේ ... තවත් දරුවො වදාපු අම්මල තුන්දෙනෙක් කතාවෙනවා...
මෙහෙම....
"ලමයි නෑ කියල මිනිහයි, නැන්දම්මයි ගහනව බනිනවලු... කලිනුත් එකක් මාස තුනෙන් ඇබෝසන් වෙලා.... මේ පාරත් එහෙමලු.... ඊට පස්සෙ ගෑනි බඩේ රෙදි ඔතාගෙන රඟපාලා... දින හරියද්දි මහ ගෙදර ඇවිත් නැවතිලා... ඊට පස්සෙ දරුව හම්බවෙන්න යනව කියල එහා ටවුමෙ ඉස්පිරිතාලෙට ගිහින්... එහෙ අම්මෙක්ට ඊයෙ ඉපදුන ලමයෙක් අරන් පැනලා... ඔය දවල් නිවුස් වලටත් කිව්වෙ අලුත් උපන් දරුවෙක් අතුරුදහන් කියල... ගෑනි මෙහෙ ඇඩ්මිට් වෙන්න හදලා කිරි නෑ කියල... දොස්තර නෝනට කියලා සති තුනයි කියලා... ඒත් නෝනා අදුරගෙන දවස් දෙකක බබෙක් කියල....."
කුමුදුගේ ඇස් ආයෙත් බොඳ උනා... ඒ කදුලු අතරින් පෙනුනා තමන්ගෙ මනුස්සයා නැන්දම්මත් එක්ක එනවා.... හෙට මේ දෙන්නව ගෙන්නගෙන ...මෙහෙන් ටිකට් කපාගෙන මෙහෙ බබා හම්බ උනා වගේ යන්න තිබ්බ නේද කියල ඇයට මතක් වෙලා ඇස් ආයෙත් බොඳ උනා.....
එතන හිටපු ගොඩක් දෙනෙක්... අම්මලා... ඇයට දොස් කිව්වා.... බැන්නා... අපහාස කලා.....
මට තාමත් හිතාගන්න බෑ....
ඇය තවත් ගෲශා කෙනෙක්ද කියල....
ඒත් මම එකක් දන්නවා..... ඒ ඇයගේ වැරැද්දක්ද.....
මෙතන ඇත්තම් වැරදිකාරයා කවුද....
ඔබේ පපුවට තට්ටු කරල අහන්න....
මෙහි නම් ගම් මනක්කල්පිතයි.. ඒත් මේ සිද්දියේ මූල බීජය මෑත ඉතිහාසයේ මේ පින් බිමේ කොහේ හෝ තැනක් සිදු උනේ නෑ කියල මම කියන්නෙ නෑ.... මගේ පරිකල්පනයන් අඩු වැඩිය එක්කලා.... ..
මේ ගීතය මෙතෙන්ට ගැලපෙන්නේ නැතුව ඇති... ඒත් මගේ මතකයට ආවේ මේක...අහල බලමු...
මේ නීලා වික්‍රමසිංහගේ හැඬුම්බර හඬ....
ඊට පස්සේ හැමෝම එන්න මගෙත් එක්ක...
පව්කාරියට ගල් ගසන්න....
දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා
හඬනා කිරි දරුවෝ
තුරුල පුරා පැතුවා
පව් පුරවා සංසාරෙන්
මවු පදවිය නැතුවා
කුරුළු මුවෝ සතුනේ
දරු සෙනෙහේ විඳිනා
මිනිස් බවේ මහිමේ මගේ
මට දරුවෝ නොදෙනා
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com5tag:blogger.com,1999:blog-2710619038939388811.post-79538522332555342162018-04-15T09:18:00.002+05:302018-04-15T09:18:59.629+05:30මෙදා අවුරුද්දටවත් ඇවිදින් යන්න වරෙන් මගේ පුතේ....
ඉහින් කනින් දාඩිය පෙරාගෙන ගුරු පාර දිගේ ආව අප්පුහාමි මහ නියරට ගොඩ උනේ තවත් මේ අව් කාස්ටකේ දූවිලි කකා ගුරු පාරදිගේ යන්න අමාරු හින්ද,
අවුරුදු පොලෙන් ගත්ත අඩුම කුඩුම ටික දාගත්ත පන් මල්ලත් අරන් මහ නියර දිගේ ගිහින් ඒදණ්ඩෙන් පැන්න ගමන් කඩුල්ල ගාවටම ගිහෑකි..
ගුරු පාර දිගේ ගියා නම තව හැතැප්ම බාගයක් විතර දූවිලි කකා යන්න වෙනව..
වතුර නැතුව පහුගිය කන්නෙ වී ගොයිතැන් පාලු උනාට ගොඩ ගොයිතැන් සරුසාර උන හින්ද මිනිස්සුන්ට එහෙමයි කියල අහේනියක් නෑ.. අවුරුදු පොලෙත් ඊස්මීස් නැතුව සෙනග උන්නෙ...
තමන් බොම්බයි මොටයි කාරයා ගාව ගල් ගැහිලා වගේ උන්නු හැටි අප්පුහාමිට මතක් උනා...
"මොකෝ අප්පුහාමි... බොම්බයි මොටයි කන්න ආසාවක් වත් ආවද... කමු කමු..."
බොම්බයිමොටයි සුගතෙගෙ සද්දෙන් ගැස්සිලා පියවි සිහියට ආවත් ... එතැන ටැක් ගැහෙන්නෙ නැතුව අඩිය ඉක්මන් කරල පැනගත්ත.. ඇත්තටම අප්පුහාමිට මතක් උනේ සිරිමල්...
පුංචිකාලෙ සිරිමල්ගෙ අතින් අල්ලගෙන අවුරුදු පොලට යන හැටි මතක් උනා... මොනදේ හම්බුනත් සිරිමල් බොම්බයි මොටයි කරත්තෙ ගාවින් නම් ගෙනියන්න බැරි වග මතක් උනා අප්පුහාමිට....
හ්ම්...
අලුත් කමිස,සරම් සෙරෙප්පු කුට්ටම්, පොත් ගොඩක් කරගහගත්ත සිරිමල්ව ඉස්සර කරගෙන ඒ දවස්වල අප්පු හාමි එන්නෙ උජාරුවෙන්...
"මාමන්ඩි... සිරිමල් අයියා කෝල් කරේවත් නැද්ද ලඟදි..."
ලඟින්ම ආපු කට හඬට ගැස්සිලා සිහිය එලව ගත්තා...
"ආ... මංගලිකා කෙල්ලෙ... ඔහෙ නෑ... මාත් මේ වරුවම තැපැල් කන්තෝරුව ගාව ටැක් ගැහි ගැහි ඉඳල ආවෙ,අදත් නෑ නොවැ, උඹ කොහෙ යනවද මේ මද්දහනෙ..."
"පිල්ලෑවෙ ගෙදර ලොකු නැන්දම්ම , හාල් ටිකක් කොටා ගන්ඩ එන්ඩ කියල තිබ්බ... උන්දැට තනියෙන් කර ගන්ඩ අමාරුයිනේ... එහෙ යන ගමන්... මම ගිහින් එන්නම් මාමන්ඩි...."
මංගලිකා යනදිහෑ බලන් හිටපු අප්පුහාමිට සිරිමල්ගෙත්, මංගලිකගෙත් පුංචි සන්දිය මතක් උනා...
සුදු ඇඳුම් ඇඳල කිරි කොක්කු වගේ උදේට ඉස්කෝලෙ ගිය හැටි... පුන්චි සන්දියෙ ඉඳල දෙන්නගෙ ඇඟෑලුම් කමක් තිබ්බ...
හ්ම්...
වැහි කාලෙට කඩාඬුවක් කැඩිල වෙල පල්ලෙහා වතුර පිරුනම රජ මඟුල් සිරිමල්ට.... දුවගෙන ඇවිත් එතෙන්ට පනින්නෙ හරියට දියකාවෙක් වගේ...
ජබුක් කියල ඇල අයිනෙ හිටපු ගෙම්බෙක් වතුරට පැන්න... අප්පුහාමිට බයවෙලා...
ඒ සද්දෙට ආයෙත් ඔහු පියවි ලෝකෙට...
ගේ ලඟටම ඇවිත්... දැන් ඒදණ්ඩෙන් එගොඩ උන ගමන් ගෙදර...
ඔහු අතේ තිබ්බ පන් මල්ල හයියෙන් අල්ලගත්ත.
ඉඩෝරෙට අහුවෙලා ඉපල් බේරුන ගහක් වගේ නහර ඉලිප්පුන අතින්... අවුරුදු කිව්වට සරමකුයි, ලමයින්ගෙ අම්මට චීත්තෙකුයි විතරයි ගත්තෙ...
අපි දෙන්නට තනියෙන් මොන අවුරුදුද.... තනියෙන් හිතුව....
කඩුල්ල ලඟ ඔහු නතර උනේ අල්ලපු ගෙදරින් මහා ගාලගෝට්ටියක් ඇහිල...
දරුමුණුපුරෝ රංචුවම ඇවිත් අල්ලපු ගෙදර පොඩි උන්ගෙ සද්දෙ...
ඒ පැත්තෙන් ඇස් අරගෙන ඔහු තියන්නෙ තමන්ගේ ගෙවල් පැත්තෙ... දොරකඩ පාපිස්ස උඩ නිදාගෙන උන්නු වයිටා ඔලුව උස්සල බලල වලිගෙ වනන්න ගත්තා...
අප්පුහාමි අඩිය ඉක්මන් කලා ඒ පැත්තට. ..
දොරකඩ ගහේ වැල ගෙඩියක් පතබෑවෙලා මිදුලටම...
කෝඳුරු විමානයයි..
කමක් නෑ... කෝඳුරු කැවුමක් එල්ලනවත් කැවුම් ඉදුනෙ නැති කොට උන් මේව වත් කාපුවාවේ... හිතින් හිතාගෙන අප්පුහාමි ගෙට ගොඩ උනා...
බලාපොරොත්තු ඇස් අගින් පත්තු කරගෙන බලන් හිටපු ලමයින්නෙ අම්මා අප්පුහාමිගෙ මූණෙන් තේරුම් අරන් පපුව පත්තු කර ගත්තා...
ඇස් කොනෙන් උතුරන වතුර පිහගෙන... ආපහු හැරුන කුස්සියේ කේතලේ උතුරන සද්දෙ ඇහිල....
හ්ම්...
අහල බලන්න මේ රෝහණ බැද්දගේ ... ලියල..තනුව දාල ගයන්නේ
සෙක්කු ගෙදර මංගලිකා
දීග ගියෙත් නෑ තවමත්
මං හිතන්නේ උඹ එනකං බලා ඉන්නවා
මෙදා අවුරුද්දටවත් ඇවිදින්
යන්න වරෙන් මගේ පුතේ
එංගලන්තෙ නම් දුර බව මාත් දන්නවා
මං සද්ද කළත් උඹලා මොකෝ
සද්ද නැතුව ඉන්නෙ කියල
දොරකඩ කොස් ගහේ ඉදං
කොහා අහන්නේ
අපි සද්ද කරන්නේ කොහොමද
කොච්චර කල් ඇද්ද මකුළුදැල් බැඳිලා
බිත්ති කොනේ එල්ලු රබානේ
හරි හම්බකරල මේ ගේ දොර
හදා ගත්ත මිසක් අපේ
සන්තකේට ඉතුරු කරපු
කිසිම දෙයක් නෑ
පුතේ උඹට උගන්නන්න
උකස් කරපු ගේ දොරත්
උගසට සින්න වුණොත් නං
අපට යන්න තැනක් නෑ
ගුරු පාර දිගේ ඉස්කෝලෙට
පුංචි එවුන් යන එන කොට
වෙල් නියරේ මං ඉඳගෙන බලා ඉන්නවා
අහස් යානාවක් ගමට උඩින්
ගියොත් එදා නොකා නොබී
අම්මා බලා ගත්තු අතේ
බලා ඉන්නවා
හුස්ම උඩට ඇදෙනවා
දෑසින් කඳුළු වැටෙනවා..............
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com2tag:blogger.com,1999:blog-2710619038939388811.post-50992737243348303442018-04-09T16:54:00.000+05:302018-04-09T16:54:06.739+05:30සුසුම් ගෙනා සෙව්වන්දිය...
සිහින නොමැති රාත්‍රියේ ගන අඳුරේ
හුදෙකලා සිතුම් බිඳ සිත සුවඳ සොයනවා....
අතීතයේ විස කටු පපු තුරෙන් දැනෙනෙවා....
නෙත පිනි විසිරෙනවා....
තණ අග පිණි වන් දිවියේ...
මුතු පිනි කැට ආදරයක්...
පැතූ අතීතෙන් සුවඳක්.... සිතට දැනෙනවා...
හිරුදුටු පිනි බිඳුවක් සේ වියැකී යනවා...
දෙකොපුල් උතුරනවා....
සදිසි රූප බිතුසිතුවම් ....
තනිකම නෙත් පියන් වසා....
ආදරයෙන් තුරුලු වෙලා සිනා සලනවා
සුසුම් ගෙනා සෙව්වන්දිය සිතෙන් මැකෙනවා....
නෙත් බර වෙනවා...
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com0tag:blogger.com,1999:blog-2710619038939388811.post-83645944520073554632018-03-18T01:53:00.001+05:302018-03-18T01:53:13.790+05:30සිහින කුමටද...
සුවඳ කුමටද කුසුම ලඟ නැතිනම්...
කැලුම් කුමටද සඳවතිය නැතිනම්...
සිසිල කුමටද නලත් දුර යානම්....
මසිත කුමටද ඔබත් ලඟ නැතිනම්...
කඳුලු කුමටද නෙතින් ගිලිහෙයි නම්...
සුසුම් කුමටද සිතින් වැලපෙයි නම්...
අඳුර කුමටද රැය පහන් වේ නම්...
රැයක් කුමටද විරහ සිත් නැතිනම්...
තරඟ කුමටද කුමුදු මුකුලිත නම්....
තුශර කුමටද වලා සළු නැතිනම්...
තරුත් කුමටද වැවට නොබසී නම්...
සිහින කුමටද ඔබව නොපෙනේනම්.....
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com2tag:blogger.com,1999:blog-2710619038939388811.post-34687862751306591002018-02-27T16:36:00.002+05:302018-02-27T16:36:18.508+05:30ඇය ගිහින් දුර....දුරටම
ලියා නිමවූ සොදුරු කවියක
එලිවැටත් උගුලුවා විසිකර.....
නිසදැසක් කරවා ජීවිතයම
ඇය ගිහින් දුර....දුරටම
ඇගේ රුව මැව් මගේ තෙලිතුඬ...
කඩා විසිකර ඈත දුරකට
සිහිනයක් වී බොඳව ඒ රුව
ඇය ගිහින් දුර... දුරටම
සොඳුරු ගීයක මිහිරි තනුවක
පැටලිලා සිත පෙම් සිතාරෙක
කඩා තත් සිත් පෙමින් පිරවුන....
ඇය ගිහින් දුර .... දුරටම
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com0tag:blogger.com,1999:blog-2710619038939388811.post-88118927749042711562018-02-20T00:36:00.005+05:302018-02-20T00:39:58.123+05:30වියපත් ප්‍රේමය...
සිහින සිතුවම් ඇන්දූ....
හදේ සැනකෙලි බැන්දූ....
ඇසඟ මදහස රැන්දු.....
ලන්දූ.......
ගනඳුරට පෙම් බැන්දූ...
සිතට තරුපති කැන්දු...
නිහඬ සිතුවිලි බින්දූ....
ලන්දූ....
මකරන්ද පිණි බින්දූ...
එපා මත් සිත් රැන්දූ..
සුවඳ සිහිනෙන් රැන්දූ....
ලන්දූ.... බාල ලන්දූ.....
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com3tag:blogger.com,1999:blog-2710619038939388811.post-59878911364057396992018-02-17T12:02:00.001+05:302018-02-17T12:02:13.489+05:30සිල්ගත් සඳක්...
පෙම් කරන ගංදෑල
අතැර දුර දුර ඇදෙන....
සිනිදු පෙන කැටි මවන...
සිත නිවන ගත දවන
සිල්ගත් සඳක් සදිසි
නිසංසල මන සිඹින
සිඟිති පිණි දරු රුවින
කිකිණි දෙන යලි නිවෙන
සයුර ඉම දුටු කලක
වියෝදුක් ගී ලියන
ගංදෑල දෙසබලා
නෙතින් කඳුලැල් පුරන....
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com1tag:blogger.com,1999:blog-2710619038939388811.post-87707450202363886612018-01-09T00:35:00.001+05:302018-01-09T00:35:17.149+05:30පුතු තනි කරලා පන්තියෙ තියලා....
කලුපාට ගේට්ටුවෙන් එලියට ආව නෙමේ එවුනා...
අනිත් අම්මල තාත්තලත් එක්ක...
පුතා පන්තියේ දොර ගාවට ඇවිත් බලාගෙන ඉන්න කොට
කොහොමද අනිත් පැත්ත හැරිල යන්නෙ...
පිටිපස්ස බල බල ඇවිදින්න ගිහින් තවපොඩ්ඩෙන් කානුවේ...
හ්ම්...
පුංචි ඇස් දෙක දිලෙසෙනව මම යන්තමින් දැක්ක...
කටත් පොඩ්ඩක් ඇද උනා....
කොල්ල අඬාවිද....
හ්ම්...
මගේ හිතත් බර වෙනවා.....
අවුරුදු තිස් ගානකට කලින් මම මුලින්ම ඉස්කෝලෙ ගිය දවස මතක් කරගන්න හැදුව මම...
ඒත්... ගුරුවරියක් වෙච්ච අම්මා උගන්නපු ඉස්කෝලේටම ගිය නිසාද මන්දා මට කිසිම විශේෂ දෙයක් මතක් වෙන්නෙ නැති හැටි....
මම ආයෙත් එනව පියවි ලෝකෙට....
හිත කීරිගැහෙනවා.... මට ආපහු යන්න හිතෙන්නෙ නෑ.... ඔන්න ඔහේ ඉන්නව ඉස්කෝලෙ ඇරෙනකම්....
මීටර සීයක් විතර එහායින් නවත්තල ආපු වාහනේට ගිහින් ඉඳගෙන ඉන්නද....
ම්හ්.... ඒකට හිත එකලාසයක් කර ගන්න බෑ....
මම වටපිට බලනවා...
තවත් අම්මලා තාත්තලා තාප්පෙ අයිනේ...
ගේට්ටුව අස්සෙන් එබීගෙන....
කාටවත් දාලයන්න බැරුවා වගේ.....
පුතා අඬාවිද....
හ්ම්
ටිකෙන් ටික අව්ව එනව.....
තව ටිකකින් කොළඹ අහස.... ගිනියම් වේවි.... ඔන්න ඔහෙ කමක් නෑ කියල මම තාප්පෙ අයිනෙන්ම ඉන්නවා....
මම දන්නව මේක හැමදාම කරන්න බැරි විත්තිය.... මගේ දෙමවුපියෝ මාව මුලින්ම එක වසරට බාර දුන්නා වගේ මම අද මගේ පුතාව බාරදෙනවා.... තව අවුරුදු තිස් ගනනකින් මගේ දරුවනුත් ඔවුන්ගේ දරුවන් ඉස්කෝලෙට බාර දේවි..
ඊට පස්සෙ ඔවුන්ගේ දරුවනුත්...හ්ම්....
සංසාර චක්කරේ.....
මොන තරම් බන මතක් කරන්න හැදුවත්... හිත දුකින්...
හැබැයි... මීට අවුරුදු ගානකට කලින් ඇන්ජලීන් ගුනතිලක කියන අම්මා අපිට කියල දුන්නා දුක තුනී කරගන්න මේ වගේ වෙලාවක..... ධර්මසිරි ගමගේ පද රචනා කරල... ක්ලැරන්ස් විජේවර්ධනයන් සංගීතවත් කරල දීල තිබ්බා....
පුංචි පුතා මගේ ඉස්කෝලේ ගියමුල්ම දවස අද වේ.. //
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනිකළ මොහොතේ..//
අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙක් වනු මැන
සිතින් පැතුම් පතාලා
ඔහු පන්තියේ තියලා
මා වෙන් කළ මොහොතේ
පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකක්
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට
සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිමවි පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි ලස්සන මුහුනයි
අද සිට හොඳින් ඉගෙනගෙන.... මතුයම් දවසක... රටට දැයට සමයට වැඩදායක පුරවැසියෙක් වේවා කියල හිතාගෙන... මම ආයෙත් මහා විසාල කලුපාට ගේට්ටුවෙන් ඇතුලට නෙත් යොමුකලා....හ්ම්...
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com0tag:blogger.com,1999:blog-2710619038939388811.post-20921544350186570642017-11-17T13:37:00.002+05:302017-11-17T13:37:25.765+05:30දිවි රැකි පෙම...
එක්කන් යන්නද දියපිරි විලකට...
නිකින්නියේ....
ඉරි ඇඳෙද්දී වැව කුස ...
කොකෙක් අහනවා....
කුඩමසුගෙන්
නැතුවාම නොවේ සිත
යන්න ඔබත් එක්ක...
ඒත් කොහොමද යන්නෙ
පෙම්කල සියපත අතැර....
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com0tag:blogger.com,1999:blog-2710619038939388811.post-68128839523564389202017-11-08T17:25:00.001+05:302017-11-08T17:25:45.868+05:30ගිලිහුණු මල්....................
නිමිත්ත: මව දින දොළහක් වයස බිළිඳා මහමඟ දමා යයි....
ගසක පිපිනු මල් ගසකට මහමෙරකි
අහස දිලන තරු අහසට පිරිවරකි
කණාමැදිරියන් රැයකට සිහිනයකි...
දරුවන් මවුන් හට දිදුලන මහ කොතකි...
ගසකින් ගිලිහිලා මිහිමත වැටුනාදෝ
තරුකැට ගිලිහිලා දියමත වැටුනාදෝ
රැය පහන් වෙලා සිහිනය නිවුනාදෝ
මවකට එපා වී මහ මඟ රැදුනාදෝ
ගිලිහී වැටෙද්දී අන් තුර රැඳීයන්
තරු එලි දරු දෙනෙත් වී මඟ කියාපන්
අරුණ පමාවී සිහිනය දිනාපන්
අන් මව් තුරුල්ලේ සිනහා සදාපන්
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com0tag:blogger.com,1999:blog-2710619038939388811.post-32095384508555071512017-10-29T07:10:00.001+05:302017-10-29T10:01:40.431+05:30තවත් ප්‍රේම කතාවක්...
කපන කොට රස දෙන්න උනත් හොද්දකට..
වැටෙනවා කදුලු ඇසඟින්
මතක් වෙනකොට උගුල්ලා ගෙනා හැටි
පෙම්කෙරූ පොලොවෙන්...රතු ලූනු.........
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com1tag:blogger.com,1999:blog-2710619038939388811.post-68935641922650466192017-10-26T21:02:00.002+05:302017-10-26T21:02:27.170+05:30ඔබ නෑ දෙවෙන්දොරා.....
සුවඳත් අරගෙන යනවද දවසක
නැවත නොඑන්නට තමබොචි සොහොනට.
අද අද පමණයි .. හෙට හෙට පමණයි...
අද අප උන්නට .. හෙට මා පමණයි....
සුබකි මලක් අත කෝපි සුවඳ මැද
ඔබ ඒවිද හිත පෙරමං බැලුවට
මමමම විතරයි ඔබ නෑ දෙවෙන්දොරා.....
ගිය උන් සේරම ආවද දෙවෙන්දොරා.....
කබුකි නැටුම් හල් දොරකඩ හවසක
යන එන නෙත් මැද ඔය නෙත් සෙව්වට
නොරිකොම විතරයි ඔබ නෑ දෙවෙන්දොරා......
ඉක්මනින්ම ගිය ඔබ කොයි දෙවෙන්දොරා.....
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com6tag:blogger.com,1999:blog-2710619038939388811.post-25643644968984808532017-10-22T18:01:00.000+05:302017-10-22T18:06:39.571+05:30හ්ම්......
බෝතලේක හිර කලත්
මතක් වෙනවා දිය පොදට.....
උඩ පැන නැටූ හැටි....
නදියක ගල් පර අතර......................
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com0tag:blogger.com,1999:blog-2710619038939388811.post-34219819386310799972017-10-19T22:50:00.001+05:302017-10-19T22:50:36.924+05:30ආදරණීය අඳුර...
හඬා වැලපෙන අහස මම
සිනාසෙන වැව් තරඟ ඔබ...
වැව් දියේ සෙනෙහසින් නැලැවෙන
සුමුදු සුදු සියපතයි ඇය.....
අහසෙ පිපි තරුපතිය මම
කැලුම් ලද මහ පොලොව ඔබ
ලෙවන් හද ගැබ පෙමින් ඉල්ලන
සුමුදු සුදු තරුමතිය ඇය......
සැලෙන නැලැවෙන පහන ඇය
සිඹින රෑ මද පවන ඔබ...
බිදුණු පෙම් සිත් පතන තනිවන
රැයේ නිසසල අඳුර මම......
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com8tag:blogger.com,1999:blog-2710619038939388811.post-75428122604437856602017-08-29T01:51:00.000+05:302017-08-29T01:51:35.354+05:30වීසි කරන්නට දරුවන් තනනා ලෝකය කා වනසන් පුතුනේ.....
ලියම්දෝ.. නොලියම්දෝ කියන දෙගිඩියාවෙන් හිටිය කීප දවසක්...
මගේ හිතමිතුරන් පවා දෙපැත්තට බෙදිල....
මේ මතය වෙනුවෙන් .....
හ්ම්
ඒක කියන එක පැත්තකට දාල කියන්නම් පොඩි කතාවක්...
ඒ මේ දශකයේ මුල... මහ රෑ එකොලහට විතර...
මම ශල්‍ය වාට්ටුවේ රාජකාරිය....
ඉස්කෝලෙ යන වයසෙ ගෑනු දරුවෙක්...එනව වාට්ටුවට...
ටිකට් එකේ ලියල තිබුනෙ අවුරුදු පහලොවයි කියල.....
දැරිවි කෙදිරිගානවා අමාරුවෙන්....
ඒ දැරිවිගේ අම්මා කියල හිතන්න පුලුවන් කාන්තාවක් කටහඬ අවදි කරනවා.....
"හවස ඉදන්ම කෑ ගහනවා කොන්දයි, කකුලුයි ඇදුම් කනව කියල.. මුත්‍රා අඩස්සිය වගෙත් හවහ ඉදන්ම...."
ඔන්න අර ගෑනු දරුව බෙරිහන් දෙනව......
දාහකුත් එකක් රෝග විනිශ්චය, පරික්ෂණ අතරේ නිකමට වගේ අපි ලියන පරීක්ශනයක් ලිවුවා....ඒ දැරිවිගේ රෝග ලක්ශන මට සැකයක් ඇතිකල නිසා....
Urine hCG.....
"ඩොක්ටර්..... hCG පොසිටිව්.... "
යන්තං බස් එකක බෝඩ් එකක් කියව ගන්න පුලුවන් ඒ නුවර කලාවියේ අම්මට...ඒ ටික තෙරුනා.....
"අනේ... දෙයියනේ මගෙ කෙල්ල...මොකක්ද මේ කරගත්තේ ......මේ මගෙ පොඩි කෙල්ල..ලබන අවුරුද්දේ එස්සස්සී කරන්න ඉන්න මගේ පොඩි කෙල්ල..... මොකක්ද උබට උනේ..... කියපාන්......."
හ්ම්......
අර ඉස්කෝලෙ යන දැරිවි.... අම්මත් එක්ක බේත් ගන්න ආපු දැරිවි..... වෙනදට හවසට වතුසුද්ද මල් කඩල පාන් පැලේ පාන පත්තු කරන කෙල්ල...... එකපාරට බඩදරු අම්ම කෙනෙක් වෙලා..... දැරිවිගෙ අම්ම කොහොම උහුලන්නද...
නාරිවේද වාට්ටුවේ වෛද්‍ය සගයට දන්වලා...ලෙඩාව යැව්වා නාරිවේද වාට්ටුවට
ඒ ජවනිකාව ඉවරයි එතනින්.....
ඊට මාස හය හතකට පස්සේ මම නාරිවේද වාට්ටුවේ රාජකාරි..... අර කතාවම තියන අවුරුදු දාසයක යුවතියක්.....හ්ම්
අතවරයට ලක්වෙලා මාස හයක් ..... බයට, ලැජ්ජාවට ....කාටවත් කියල නෑ ....
(අතවරයකට පස්සේ පොස්ට්නොර් 2 ගන්න කියලා කවුදෝ මුහුණු පොතේ ලියල තිබ්බ.... එත් අපි මේ ඉන්නේ නාමය වසරේ සෞඛ්‍ය පාඩමේ ප්‍රජනනය පාඩම අත ඇරලා උගන්වන ගුරුවරුන් ඉන්න සමාජයක )
ඒ දැරිවිගේ අම්මා මගෙන් අහනවා...හොරෙන්ම....අනේ ඩොක්ටර් බඩ හේදෙන්න මොනවවත් බේතක් නැද්ද......
"පිස්සුද අම්මා.... ඒක නීති විරොධී...... "මම පොලිස්කාරයෙක් වගේ උත්තරයක් දුන්නා .......
ඒ සිද්ධියත් මගේ හිතෙන් මැකිලා ගියා.....
මාසයක් විතර යන්න ඇති.....
මගේ වාට්ටුවෙන් ඇමතුමක්... වෙලාව රෑ දහයයි.....
ඩොක්ටර් .....emergency Lap එකක් (emergency laparotomy / හදිසි උදරය විවෘත කර කරන සැත්කම)
මම දුවනවා ශල්‍යාගාරයට.... මාත් එක්කම වගේ මගේ ජේශ්ට වෛද්‍ය වරයත් එතන....
මේ අර යුවතිය නේද.....
හොර ගබ්සා මද්‍යස්ථානයකට ගිහින්.... එතනින් අන්නාසි ගැට කවල... ඉස්පෝක් කම්බි වලින් ඇනල... දරු ගැබ විනාශ කරන්න... අන්තිමට ගර්භාශය පුපුරලා... විසබීජ ඔඩු දුවලා .....
උදේ වෙද්දි ඇය මේ ලෝකෙන් සමු අරන්......
සොලොස් වියැති යුවතිය... සොලොස් කලා පිරි පුන්සඳ බැස ගිහින්... නැවත නොපායන්නම.....
හ්ම්....
තවත් ජවනිකාවක්...
මම පූර්ව ප්‍රසව වාට්ටුවේ....
ඔන්න එදත් රෑ 11ට විතර අම්ම කෙනෙක් හදිසියෙන් ඇතුලත් උනා.....
ඩොක්ටර් අපි මාතර....
මම යාලුවො කට්ටියත් එක්ක ශ්‍රී මහා බෝධිය වදින්න ආපු ගමන්....
කාඩ් මොනවත් ගෙනැල්ලත් නෑ මම....
යාලුවා කියන තරුණියත් 30-35ක් විතර ඇති....
නමුත් බඩදරු අම්මගේ හැසිරීමේ තිබුනු සැක සහිත බව නිසා මම නැවත කතා කරා....
ඔව් මම විතරයි ... කවුරුත්ම වෙන නෑයො ආවෙ නෑ
ඔයින් පිට වචනයක් අහගන්න... සෑහෙන වෙලාවක්....
අන්තිමට ඇත්ත..
ඇයත් පාපතරයෙකු අතින්......හ්ම්..
බඩට මාස දහයයි... ඒ අතින් ඇයහොඳ නාට්ටියක් කරන්න හැදුවේ....
දරුවන් නැති යුවලකුත් හොයාගෙන..දරුවාව හදාගන්න දෙන්න...
ඔව් අර යාළුවා වගේ ආවේ ඇය තමයි......
රටේ අනිත් පැත්තේ රෝහලකට එනවා බොරුවකුත් කියාගෙන...
අර යාලුවා කියන කෙනාගේ නමින්ම ඇඩ්මිට් වෙන්න.....
හ්ම්...
මේ තවත් දවසක්
සිහි මද ගතියෙන් පෙලෙන.... උපතින්ම අබාධිත යුවතියක්....
වයස අවුරුදු විසි පහයි.....
බලා කියාගන්නේ අක්කා...
ඇයත් විවාහවෙලා නැහැ නංගි බලාගන්න ....ඕන නිසා...
අක්කා එදා වේල හොයාගන්නේ ගමේ ගල්වලේ වැඩකරලා...
උදේට නංගිට කවා පොවා වැඩට ගිය අක්ක දවල් එද්දී අර සිහි මඳ ආබාධිත නංගි අසල්වැසියෙක් අතින්.......
හ්ම්
දරුවෙක් තබා තමාවවත් හරියට බලා ගන්න බැරි ඇය ........හ්ම්...
ඊට සෑහෙන කාලෙකට පස්සේ මම ළදරු දැඩි සත්කාර ඒකකයේ රාජකාරි.....
පොලිසියෙන් පණිවිඩයක්......
අලුත් උපන් දරුවෙක්..කුණු ගොඩකට විසිකරලා ගිහින්.... අපි දැන් අරන් එනවා... දිමියෝයි පොඩි පොඩි සත්තුනම් ටිකක් කාල... පන තියනවා තාම.....
හ්ම්.....
දස මසක් මා කුස තුල සිටි පුතුනේ
දැන් ඉතින් අප වෙන්ව යා යුතු වේ
වීසි කරමි වන ලැහැබට දෑස පියා ගෙන
නයි පොළොඟුන්ගෙන් මවක ලබාවා
වග වළසුන්ගෙන් පියෙකු ලබාවා
දැඩිවී වග වළසුන් අතරේ
වළසකු වී අවුදින්
පුතුනේ . . . වීසි කරන්නට දරුවන් තනනා
ලෝකය කා වනසන් පුතුනේ
සැතපී නයි පොළොඟූන් දරණේ
පොළඟෙකු වී අවුදින්
පුතුනේ. . . අහක දමන්නට දරුවන් වදනා
ලෝකය කා වනසනු පුතුනේ
සුනිල් ආරියරත්න ලියපු.....නන්දමාලිනිය පවන කැසට් එකට ගයපු මේ ගීය..... අහන්න ඔබත්.....
ගබ්සාව පිලිබඳ අලුත් නීති ගෙන ඒම ගැන මොකද හිතන්නේ ඔබ.... මේවා අහද්දී යම් ඒක හොඳයි කියල හිතෙනවා ....
ඒත් ධනය...බලය...දේශපාලන ගොහොරුව...මුදල් ආදී දෙයින් පිරුණු මේ ලංකාවේ....
සල්ලි වලට බල්ලොත් මරණ මේ ලංකාවේ ඕක හරියයිද ....
මම ඒ අලුත් නීති වලට පක්ෂව හෝ විපක්ෂව නැතුව මැදින් හිටගන්නම්....
ඔබ හිතල බලල කැමති පැත්තකට යන්න......
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com4tag:blogger.com,1999:blog-2710619038939388811.post-62376742509346937322017-06-21T02:27:00.001+05:302017-06-21T02:27:36.915+05:30අවසන් කවිය අවසන් නැත අවසානේ
කිවිඳෙකු ලයේ ලේ තැවරුණ හඳපානේ
සිතුවිලි ලඳුන් ඇවිදින්නට යනවානේ
රන්වන් තුඩින් ගී ලියැවෙන මගෙ පෑනේ
අවසන් කවිය අවසන් නැත අවසානේ
-ඩෝල්ටන් අල්විස්-
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com1tag:blogger.com,1999:blog-2710619038939388811.post-58379777929227550872017-05-11T23:10:00.000+05:302017-05-11T23:10:02.286+05:30වෙසක් කලාපය
තොරන් බලන්න ගෝල්ෆේස් එකට...
තණ්හා, රතී, රඟා .....
විතර යැ,
මම හැරිල ආපහු ආව....
මට කොහෙන්ද නිවුණු හිතක්
සිද්ධාර්ථට වගේ......
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com2tag:blogger.com,1999:blog-2710619038939388811.post-518558612680988252016-11-14T14:50:00.001+05:302016-11-14T14:53:01.906+05:30විඳිමි දඬුවම් 3 (සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට..)
කාලෙකින් ලියන්න බැරි උනා.....හිත එකලාසියක් කරගන්න බැරිවුනා ......
ඒත් මම ලිව්වත් නැතත් නිකිණිලා රාජීව්ලා මේ මහපොළොවේ ජීවත් වෙනවා......
මට ඔවුන්ව අමතක නෑ .....
මේ සටහන කියවන්න කලින් මගේ 2014 ඔක්තෝබර් 25 දා සටහන
සහ
2015 පෙබරවාරි 21 සටහන
කියවන්න...ඔබ හා හා පුරා කියල ගොඩ වැදුනානම්.....
එතකොට මුල මැද අග තේරෙයි......
සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට..
"මොකද නිකිණි ඔලුවේ කැක්කුමද?
මේ.. ඇස් දෙකත් රතු වෙලා" සෙව්වන්දිගේ කට හඬට නිකිණි ඔලුව උස්සල බැලුවා ...
"ඔව්.. ටිකක් විතර"
" මොකද අනේ අප්සට් එක....කියන්නකෝ මොකද උනේ...."
"මොකුත් නෑ ....ඊයේ රෑ නින්ද ගියේ නෑ ....ඒක නිසා ඔලුව කැක්කුමයි..."
නිකිණි ආයෙත් ඔලුව මේසේ ගහ ගත්තා....බොරුවක් කිව්වා තමයි..ඒත් දෙයියනේ කොහොමද මේවා කාටවත් කියන්නේ......
නිකිණි එදත් වැඩට ආවේ වෙනද වගේම තමයි....
ඒකාකාරී ජීවිතේ..වැඩ කරන තැනින් ගෙදරට ගෙදරින් වැඩ කරන තැනට ....
ගෙදරට වෙලා ඉන්නකොට අතීතයේ ඉඳිකටු තුඩු හිත සිදුරුකරන නිසා ඇය කැමතියි වැඩ වැඩිවෙනවට... එතකොට කල්පනා කරන්න කොහෙන්ද වෙලාවක්......
හ්ම්......
අතීතයේ ඉඳිකටු තුඩු හිත සිදුරු කලාම තැනක් නොතැනක් නැතුව ඒ රුහිරු කඳුළු වෙලා ගලනවා...
මේ දැන් උනා වගේ....
මොනවා කරන්නද...හිතකට උනත් දරාගන්න පුලවන් තරමක් තියනවනේ....
හ්ම්.....
නිකිණි උදේ ඇවිත් කොරිඩෝව දිගේ ඇවිදගෙන එද්දී චුට්ටක් නැවතුනේ යෙහෙලියක් කතාවට ඈදුන නිසා....
දැන්නම් හිතෙනවා වැඩිපුර කතාකරන්න පමා නොවී ගුඩ් මෝනින් කියල එතනින් ඉක්මනට ආවනම් කියල..... මොනවා කරන්නද උන දේ උනා...
සමහර විට ආයේ ආයෙත් මේ විදිහට හිත රිදෙන්නේ පෙර කල අකුසලයක් නිසා වෙන්න ඇති.....නිකිණි තනියම හිතුවා......
පළල් කොරිඩෝවට ඇතුල් වෙන්න තිබුන වීදුරු දොර ඇරෙන සද්දෙට නිකිනිත්...යෙහෙළියත් හැරිලා බැලුව.....
ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්.....
නෙරා ආපු උදරයට ඉස් ඉස්සෙල්ලම යොමු උන ඇස් ඇගේ මුහුණ කරා දිවගියා...
කොරිඩෝවේ දිරච්ච සිවිලම එකපාරටම නිකිනිගේ දිහාවට එන්න ගත්ත ගැලවිලා.....
නිකිණිගේ හිසේ සිට පපුවටම ලොකු තුවාලයක්..... හිතයි...පපුවයි ඇදුම් කනවා ඇයට දැනුනා.....
දෙයියනේ මේ රාජිව්ගේ වයිෆ් නේද......
ඔව්...අර වීදුරු දොරට එහායින් මේ පැත්තට ඇවිදගෙන එන්නේ රාජීව්......
නිකිණි පියවි සිහියට ආව...සිවිලිම නම් කැඩිලා නැහැ...ඒත් හිත කැඩිලා , බිඳිලා , විසිරිලා ....
හරියට කැඩපතක් කැඩිලා විසිරිලා වගේ....
නිකිණි පස්ස නොබලාම ඇවිදගෙන ගියා කොරිඩෝව පහුකරගෙන........
ඒ ආපු ගමන ඔලුව ගහගත්ත ගමන්ම තාමත්.....
හ්ම්
අවුරුදු තුනකට පෙර මතකයේ නිකිණි අතරමං උනා....
පොඩිවෙච්ච කමිසයක් ඇඳගෙන...මුළු ලෝකෙම ප්‍රශ්න ඔලුවේ පුරෝගෙන උන්නු ඔහු...ඇයට හමුවෙනකොට හිටිය ඔහු.....
ගෙදර කරදර....සොයුරු සොයුරියන්ගේ වැඩ....රාජකාරි ප්‍රශ්න වලින් හෙම්බත්වෙලා....කලකිරීමෙන් උන්නු ඔහු......
මලක් තියා කොලයක් වත් නැති කටුපඳුරක ශුෂ්ක බව දරා සිටි ඔහු....
ජීවිතයේ කටෝර කාන්තාරයේ අතරමං වෙලා සිටි ඔහු........
ජීවිතේ බාධක ජයගන්න....නොසෙල්වී ඉන්න ඔහුට කියල දුන්නේ ඇය ......
ලඟින් උන්නේ ඇය......හ්ම්
ඒත් .......
ජීවිතේම මූසල රාත්‍රියක් වෙලා අඳුරේ අතරමං වෙලා උන්නු වෙලාවක.....
හැමදේකටම ලඟින් උන්නේ ඇය .........තරු කැටයක් වගේ...
නිකිණි ...ඔහුගේ පතිනිය වෙලා....එක කැදැල්ලක තනි වෙන්න...පුංචි දරුවෙක් හදන්න හීන මවව නිකිණි......
ඔහුගේ ලෝකයේ තනි තරුව වූ නිකිණි......
කවමදාවත් හිතුවෙ නෑ නිකින්නියේ ඉඩෝරෙට අහුවෙලා ඉරිතැලුණු වැවක් වගේ තමන්ගේ ජීවිතේ මේ විදිහට ඉරිතලයි කියල.....
රාජිව් දැක්කද දන්නේ නෑ මාව....නිකිණි හිතනවා..... සමහර විට හිනාවෙනවා ඇති පිස්සුවෙන් වගේ ආදරය කරපු මට.... මොනවා කරන්නද........
දයා ද අල්විස් නිකිණිගේ සිතුවිලි ලියල තිබුන ....බොහෝ ඉස්සර.....සෝමපාල රත්නායක ස්වර රටා මුසුකලා.....නිරංජලා සරෝජිනී මේ ගයන්නේ නිකිණිගේ යටිහිතද.......
මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට
එකම එක මලක් වී සුවඳ දුන්නෙමි කලෙක
වසන්තය අලුත් මල් අතු පුරා ගෙනෙන විට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට
ඝන අඳුරු රැයක් වී හැඬූ විට ජීවිතය
පැතුම් දී එළි කළෙමි පුංචි තරුවක් විලස
සිනාසෙන පුරා හඳ වඩින දා පෙර මඟට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට
සිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස
රුවන් මාළිගාවක පහන් දල්වනු කුමට
ඉඳ හිටක සොයද්දී යටගියාවේ මතක
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට ...//
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com2tag:blogger.com,1999:blog-2710619038939388811.post-17080460055933098752016-07-23T20:36:00.001+05:302016-07-23T20:36:04.430+05:30වෙබ් අඩවියේ තැනෙක හමුවුනොත් දන්වන්න........
කිරි මුට්ටියක් වගේ හඳ අහසේ මුදුන් වෙලා.
වටපිටාව ගැන ටිකකට අමතක කරලා හඳ ගැන විතරක් හිත යොමුකලා...
ඒ හඳම තමයි...
අවුරුදු තිස් ගණනකට එහා කිරි අම්මගේ ඔඩොක්කුවේ ඉඳන් බලන් හිටපු හඳම තමයි.....
හ්ම්....
කාලය කොච්චර දේවල් වෙනස් කරලද....
එදා අවුරුදු හතරක විතර කොලු පැංචෙක් වෙච්චි මම අද.....
කිරි අම්මා ජීවිතෙන් සමුඅරන් දැන් අවුරුදු පහළොවක් විතර.....
මට අද වගේ මතකයි මගේ කිරි දතක් වැටිලා මම අඬපු ඇඩිල්ල....
ඒ දත වහලේ උඩට විසි කරලා
"ලේනෝ..ලේනෝ... මේ නල දත අරන් මට අලුත් දතක් දියෝ..." කියල කෑ ගහන්න මට කියල දුන්නේ කිරි අම්මා... එතකොට මට ලස්සන සුදු දතක් ගෙනත් දෙනවලු ලේනා......
කිරි අම්මා කොහොමත් හිටිවන කවි කියන්න දස්සයි.. අම්මයි තාත්තයි වැඩ ඇරිලා ගෙදර එනකන් මාව නලවගන්න අලුත් අලුත් නැලවිලි ගී හදල කියනවා... මොකද සම්ප්‍රදායික...හැමදාමත් ඇහෙන නැලවිලි ගී මාව නිදි කරවන්න අපොහොසත් හින්ද...
හඳ ... මල් ..... ගේ ඉස්සරහින් ගලන ඇල ..... වෙල් යාය. ගමේ පන්සල...ඔය වගේ දේවල් වලට ලස්සන කවි හදලා කියනවා....
මම ඉතින් ඒවා අහගන ඉන්නවා කටත් ඇරගෙන.
ගෙදර ඉස්තෝප්පුවේ මුල්ලකට වෙන්න වහලේ වී කරල් හත අටක් එක්කහු කරලා එල්ලලා තිබ්බා ....
කුරුල්ලන්ට කන්න....
ගොයම් කපලා අස්වනු ගෙට ගත්තාම කොහොමද කුරුල්ලෝ කෑම හොයාගන්නේ....
ඒ වගේම කුස්සියේ කොනක එල්ලලා තිබ්බ කෝඳුරු කැවුමත් මට හොඳට මතකයි....
අපේ කුඹුර තිබුණේ ගෙදර ඉඳන් ටිකක් දුරින්..
වෙල් වැඩ කාලෙට මම හරිම ආසයි..
අත්තමට වැඩට එන ගමේ උදවියට ඇබුල අරන් යනකොට මාත් පස්සෙන් යනවා. කිරි අම්ම උයන කෑම කොහොමත් හරිම රසයි. වෙල ඉස්මත්තේ තියන උණ පඳුර යට ඉඳන් වෙල් වැඩ කරන අයත් එක්ක ඇඹුල කනකොට ඊට වඩා රසයි. තෙල් පෑදෙන්න උයන කරවල හොද්ද, අල මාළුව, මැල්ලුම,කොස් ඇට කළුපොල් මාළුව
...හ්ම්... මතක් වෙද්දීත් අදටත් කටට කෙල උනනවා....
කිරි අම්මත් එක්ක පෝය දවසට පන්සල් යන එක තමයි අනිත් ආසම වැඩේ...
සුදෝ සුදු ඇඳුමක් ඇඳගෙන මමත් කිරිඅම්මගේ අතේ එල්ලිලා පන්සල් යනවා....
පෝයදාට පන්සලේ බෝධියෙන් එබෙන පුන්සඳ රටාමවනවා පන්සලේ මිදුලේ....හුළඟට සෙලවෙන බෝ අතු නිසා ඒ රටා හෙවනැලි තාලෙට රංගනයක... ඒ අතරින් ඇහෙනවා කිරි අම්මා හයියෙන් ගාථා කියන සද්දේ.. පන්සලේ ඉඳල ගෙදර එන්නේ පයින්...
ටික දුරක් එනකොට ඉතින් මාව වඩාගන්න වෙනවා කිරි අම්මට...පුංචි එකානේ.....
හ්ම්.... දෙදාස් එකේ කිරි අම්ම අසනීප වෙලා ඉඳල ගෙදර එක්කගෙන ආපු වෙලේ කිරිඅම්මට බැරුව..වත්තන් කරගෙන ගියේ මම....හ්ම්...දැන් ඉතින් අවුරුදු පහළොවක්....
මේ මෑතකදී අහපු සින්දුවක් හින්ද මගේ ඇස වලට කඳුළු ආවා .... මාව ඔඩොක්කුවේ තියාගෙන කවි කියපු කිරි අම්මගේ සුවඳ ඒ ගීතය පුරාවට තිබුනා.... කිරි අම්මා අපෙන් සමු අරන් අවුරුදු පහළොවකට පස්සේ ඒ සුවඳ මට ආයෙමත් දැනුණා ......
දිවුල්ගනේ කියනවා " වෙබ් අඩවියේ තැනක හමු වුනොත් පවසන්න..
මැටි ගෙදර අපේ කිරි අම්මා... " කියලා .....
බලන්න ඔබේ කිරි අම්මවත් මතක් උනාද කියල..මේ වෙබ් අවකාශයේ.....
ලිව්වේ රජී වසන්ත වෙල්ගම..නාද රටා ප්‍රසාද් සිරිවර්ධන හඬ අවදි කරන්නේ කරුණාරත්න දිවුල්ගනේ
බිම වැටුණු කිරි දතට
හඬන මගෙ ළපටි හිත
අඹ ගහේ ලේනෙකුට දුන්නා
අහිමි වී ගිය දිනෙක
සිනාසිය හැකි හිතක්
අතීතෙන් මට ගෙනත් දුන්නා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
රහත් නමකට නොදෙන
කැවුම් මල්ලක් තියෙන
සිටුවරුන් සිටුගෙදර උන්නා
මා නමින් ගෙයි ඉදෙන
කැවුම් අහුරෙන් එකක්
අඬන කෝදුරුවන්ට දුන්නා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර තිබුණු තැන
ගමක කුසගිනි නිවන
කිරි එරෙන ගහක් වැඩ ඉන්නා
වෙබ් අඩවියේ තැනෙක
හමුවුනොත් දන්වන්න
මැටි ගෙදර අපේ කිරිඅම්මා
මැටි ගෙදර අපේ කිරිඅම්මා
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com0tag:blogger.com,1999:blog-2710619038939388811.post-47100394793583900512016-06-04T22:33:00.000+05:302016-06-04T22:36:31.278+05:30ජීවිතය ගඟක්......
ජීවිතය කියන්නේ හරි පුදුම දෙයක්....
සමහර වෙලාවට ජීවිතය කියන්නේ ගඟක් වගේ කියලත් හිතෙනවා..
ඒත් ඒක එහෙම ලඝු කොට දක්වන්න පුලුවන්ද..... හ්ම්.....
කමක් නැහැ..
අපි හිතමු ජීවිතය ගඟක් කියලා......
බාධක කම්කටොලු මැදින් ගලාගෙන යන......
සමහර වෙලාවට ජීවිතය අපව උස්සලා පොළොවේ ගහනවා....
ගඟක් උසකින් බිමට වැටෙද්දී ලස්සන දිය ඇල්ලක් හැදෙනවා තමයි...
නමුත් එහෙම නොවෙන බොරපාට චණ්ඩ දළරල පහරවල් එහෙමත් හැදෙනවා නේද....
එහෙම උසකින් ඇද වැටුනාම මහා නදියකට උනත් ටික වෙලාවක් ඕනෑ නිසසල වෙන්න...
චණ්ඩ දියකඳ නිසසල කරන්න.....
රොන්මඩ ටික මිදෙන්න....
හ්ම්......ජීවිතේ වගේම........
දිඟු කාලයක් බ්ලොග් අඩවිය හිස් උනාම ගොඩක් දෙනෙක් කතාකලා...සමහරු පණිවිඩ දාල තිබුනා....
පුද්ගලිකව හඳුනන අයනම් ඒකට හේතුව දන්නවා.....
හ්ම්.... උස ගල් පර්වතෙකින් කඩා වැටිච්ච දිය කඳක් වගේ...
නිසොල්මනේ උන්න මම..........
යමෙකුට තම ගෙල වටා පැළඳිය හැකි වටිනාම ආභරණය කුමක්ද......?
දන්නවද ඔබ.....
ඒ තම දරුවන්ගේ දෑතයි......
අම්මෙකුට තාත්තෙකුට ඊට වඩා තව මොනවද.....
මීට අවුරුදු දෙකකට විතර ඉස්සර ඈත මන්නාරමේ රැකියාව කරද්දී මගේ ලොකු පුතා අසනීප උනාම ගෙදර එන්න නිවාඩුවක් නැතුව මගේ හිත දුක් උන හැටි රෝහලේ වාට්ටුවක ඉඳගෙන කුරුටු ගාපු හැටි මම කියල තියනවා මීට ඉස්සර..... මතක් කරන්නද ආයෙත් මම......
එකම පුතා අසනීපෙන්
ඈත දුරක සුසුම් ගොඩයි
කොහොමද මං ලඟට එන්නේ
අප්පච්චී දුර ඈතයි.......
නිදහස් අද්දියාපනෙන් උගෙන ලෙඩ්ඩු මරාගන්න
දොස්තරලා කියා ලියන මාධ්‍යක උන්නානම්
එක පිම්මෙන් එනව පුතේ උඹේ ලඟට අප්පච්චී
එත් පුතේ එහෙම නෑනේ කොහමද මන් ලඟට එන්නේ...
ගුරුවරයෙක්, ලිපිකරුවෙක්, ගොවිමහතෙක්, ඕනැ කෙනෙක්
එහෙමත් නැත්නම් කඩපිලෙ , පාරේ සිඟන යාචකයෙක්
එහෙම උනානම් පුතුනේ උඹේ ආදර අප්පච්චී
එනවා මම එක පිම්මෙන් උඹේ ළඟ පොඩි පුතුනේ....
උඹේ අම්ම ආදරයෙන් හරිම දුකෙන් තුරුළු කරන්
අසනීපෙන් දුකින් අඬන උඹේ ලඟට වෙලා ඉඳන්
රෑ තුන්යම නිදි වරමින් කඳුළු සලන හැටි පේනව
එත් පුතේ අප්පච්චී කොහොමද උඹේ ලඟට එන්නේ...
උඹ වාගේම අසනීපෙන්, කඳුළු සලන , සුසුම් හෙලන
පුංචි පැටව් ගොඩකට ඇති එකම පිහිට මමයි ඉන්න
ළමා රෝග වාට්ටුවේ දොස්තර මම පැටව් බලන
ඉතින් පුතේ කොහොමද මම එක පිම්මෙන් ගෙදර එන්නේ.............
http://awasankawiya.blogspot.com/2014/06/blog-post_7546.html
එතකොට හිටියේ ලොකු පුතා විතරයි...
ඊට ටික කලකට පස්සේ තමයි පොඩි පුතා අපට එකතු උනේ......
පුංචි පැටවු දෙන්නයි මමයි බිරිඳයි.....
අපි උන්නේ සන්තෝසෙන්......
ඒත් සංසාරෙන් සංසාරෙට අපි එක්කහු කරපු අකුසල් එකපාරටම හෙණයක් වගේ පාත් වෙයි කියල හිතුවේ නෑ...
කොහොමවත්.....
පුංචි පුතාව එකපාරටම අසනීප වෙච්චි එක.... මහරගම පිළිකා රෝහලට අරන් යන්න උන එක....මට මතක හීනයක් වගේ.... සියලු දේවල් පොඩිපට්ටම් වෙලා මහා කාන්තාරයක් මැද අතරමං උනා වගේ....
හ්ම්......
නමුත් කවදාවත්ම අපි නොහිතපු විදිහට අපේ හිතමිතුරන් අප වටේ අත්වැල් බැඳගත්තා.....
හිතමිතුරන් විතරක් නොවේ...මිතුරන්ගේ මිතුරන්...නොදන්නා අය පවා.....
විශේෂයෙන් මගේ විශේෂඥ වෛද්‍ය තුමා ඇතුළු මගේ ඒකකයේ වෛද්‍යවරු, හෙද හෙදියන් සහ අනිත් කාර්යමණ්ඩලය, අනුරාධපුර සියලුම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්.... රජරට වෛද්‍යපීටයේ කථිකාචාර්යවරු,මහාචාර්යවරු ඇතුළු බිරිඳගේ හිතමිතුරන්....ඉස්කෝලේ යාලුවෝ....කැම්පස් එකේ බැචාලා බැචීලා..අනිත් බැච්වල කට්ටිය ...මාතලේ..මන්නාරමේ...නෝනා වාට්ටුවේ (LRH) විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්...හිතමිතුරන්.. බිරිඳගේ පශ්චාත් උපාධි බැචාලා..බැචීලා.... PGIM එකේ විශේෂඥ වෛද්‍යවරුන් මහාචාර්යවරුන්..... ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ හිතමිතුරන්.... මුහුණු පොතේ හිත මිතුරන්.....
තව කොච්චරක්ද....
ඇයි .... ප්‍රවීණ ගායිකා නීලා වික්‍රමසිංහ මහත්මියත් කතා කලා.....
අපේ දෙමව්පියන්... නංගිලා...මල්ලිලා ඇතුළු නෑදෑයින්..... කොච්චරක් කියල ලියන්නද..මේ නම් ලැයිස්තුව මම.... මහරගම විශේෂඥ වෛද්‍යතුමිය,වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලය...අමාත්‍යංශයේ,MSD එකේ අධ්‍යක්ෂකතුමන්ලා සහ කාර්ය මණ්ඩලය......GMOA එක .
මට මතක් වෙන්නේ නැහැ.....
ආ.... බෙහෙතක් හොයාගන්න බැරුව ඉන්න කොට දෙවියෙක් වගේ පිහිටට ආපු ඇල්බට්....
සමාවෙන්න මේ පොස්ට් එක අතිශය පෞද්ගලික එකක් උනාට...නමුත් කොහොමහරි ලියවිල්ල ආපහු පටන්ගන්න එපැයි .... මේක නොලිය පටන්ගන්න මට හිතදෙන්නේ නැහැ.... සමාවෙන්න ආයෙත් ........
මොනදේ නැති උනත් අපට කවදාවත්ම නැති නොවන අධිෂ්ඨානයයි..බලාපොරොත්තුවයි හරිම වැදගත්.....
ඔව් අපේ පුතාට ඉක්මනින් හොඳ වෙනවා...
දැන් ගොඩක් දුරට සනීපයි.....
සතරවරම් දෙවිවරු සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉහිනවා සත්තයි......
මේ රත්න ශ්‍රී විජේසිංහගේ පද... තනුව සහ හඬ පණ්ඩිත් අමරදෙවයන්ගෙන්
සතර වරම් දෙව් මහරජ
සතර අතින් ඇවිදින්
පිරිත් පැන් ඉසිති පුතුනේ
පුවක් මල් කිනිත්තෙන්
පළා පෙති බැඳන් ගෙල වට හංස පියාපත් සලමින
නුඹේ පා යටින් සඳකඩ පහණ පායලා
බ්රහස්පතී තාරකාව මුදුන් වී සරත් නුබ ගැබ
ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා
කලා වැව් දියේ උත්පල නෙලා ගෙනැ ඇඟිලි පොකුරට
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස
ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා
කැලුම් විජයරත්නhttp://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.com0