ආදරණීය අඳුර...
හඬා වැලපෙන අහස මම
සිනාසෙන වැව් තරඟ ඔබ...
වැව් දියේ සෙනෙහසින් නැලැවෙන
සුමුදු සුදු සියපතයි ඇය.....
අහසෙ පිපි තරුපතිය මම
කැලුම් ලද මහ පොලොව ඔබ
ලෙවන් හද ගැබ පෙමින් ඉල්ලන
සුමුදු සුදු තරුමතිය ඇය......
සැලෙන නැලැවෙන පහන ඇය
සිඹින රෑ මද පවන ඔබ...
බිදුණු පෙම් සිත් පතන තනිවන
රැයේ නිසසල අඳුර මම......
ela
ReplyDeleteඅනුරාධපුරයෙන් ලියන කවි වල වැව් ගැන තියනවමයි.
ReplyDelete/සැලෙන නැලැවෙන පහන ඇය
සිඹින රෑ මද පවන ඔබ// මේ දෙන්නෙක් ගැනද එක්කෙනෙක් ගැනද
මෙහි කථකයා කාන්තාවක්......
Deleteඑවිට
මම = යුවතියක්
ඔබ = තරුණයෙක්
ඇය = වෙනත් යුවතියක්
අපූරුයි.
ReplyDeleteජයවේවා!!!
අපුරුයි
ReplyDeletePatta
ReplyDeletePatta
ReplyDeletehonda yatipelak,patta
ReplyDelete