මට මා හමුවුනා....


















මට මා හමුවුනා....මටද මා හමුවුනා......
මම කවුද...?
මම කැලුම් විජයරත්න. 
මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. 
මම ඉපදුනේ නමසිය අසූ එකේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන කියන ප්‍රදේශයේ. 
කුරුණෑගල මලියදේව විද්‍යාලයෙන් සිප් සතර හැදෑරූ මම වෛද්‍ය උපාධිය ලබා ගත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන්....
එහෙම නැත්නම් ආදරණීය හන්තාන අඩවියෙන්.....
ඊට පස්සේ අනුරාධපුරේ....මන්නාරමේ වගේ ඈත පළාත්වල තමයි මම ඉඳල......සේවය කරල තියෙන්නේ......
නිකන් ඉන්න කම්මැලි කමට මොනවහරි කුරුටු ගෑවට මම කවියෙක්වත්, සාහිත්‍යධරයෙක්වත් නෙමෙයි. මම දන්නේ නැහැ ලස්සන උපමා උපමේය ...ලස්සන වචන...මම දන්නා එකමදේ මම දන්නා දේවල්....සිද්ධි වක්කඩ කැඩුවා වගේ කියාගෙන යන එක තමයි....යම් තැනකට ගැලපුනත් නැතත්.......ඉතින් මගේ මේ බ්ලොග් එක කියවලම බලන්න......
බැනලත් යන්න....

2 comments:

  1. මට උඹව මන්නාරමේදී හම්බවෙද්දී මම හිතුවේ නැහැ උඹ මේ වගේ සාහිත්‍ය කාරකය කියල.. මට තේරෙනවා උඹ ඔය ඉයන්න හදන එක.. මන්නාරම වහේ කාෂ්ටක ඒ වගේම ලස්සන හුදකලා තැනක ඉන්නකොට එන සිතුවිලි හරියට කවියක් වගේ තමයි.. අපි වැඩි කාලයක් මන්නාරමේ හිටියේ නැතිඋනත් හිටපු ටික කාලේ ගොඩ නැගුනු සහෝදරත්වයේ සුවඳ තාමත් අපේ හිත්වල පලපදියන්වෙලා තියෙනවා.. ෆේස්බුක් එක ඒ සහෝදරත්වයට පෝර දානවා.. හරිම චමත්කාරයි.. අවසාන වශයෙන් මම ප්‍රාර්ථනා කරන්නේ උඹේ මේ කලාකාමී සිතුවිලි තව තවත් දියුණු වෙලා මීටත් වඩා ලොකු යමක් කරන්න පුළුවන් වෙන්න කියල.. තෙරුවන් සරණයි..

    ReplyDelete
    Replies
    1. මුලින්ම කියන්නම් ඉස්තුතියි කියල. හුදකලා වෙච්ච පරිසරයකදී හමුවුන අපි උඹල එක සහෝදරයෝ වගේ තමයි. මගේ රූම් එක පැත්තේ ඉඳන් කියන් යනවනම් මම ,නුවන්, නාමල්, තාරකා, ජීවරංග, සුභක්ති ,ලොල්ලා, උඹ, පුවියා, මෙලාන්, දිල්ෂාන්, එතකොට රුසිරු, ලහිරු, සුමේධ සහ තිලිණි , ජීවන්තිකා, ප්රියන්වදා...තව කොච්චරක් ඉන්නවද.....මට මතක නැති....අපි එක බඩවැල කඩාගෙන ආවේ නැතත් සහෝදර සහෝදරියෝ වගේ හිටියා .....ජුනියර්ම උන් අපි කාලේ.....දැන් නම් ඒ සහෝදරත්වය තියනවද කියල සැකයි......පුද්ගලික අජේණ්ඩා නැති...බුදු ෆිට් එකේ හිටපු ඒ කාලේ කොච්චර ආතල්ද. අපි පිස්සු කෙලියත් එකිනෙකාට තිබ්බේ කොච්චර ගෞරවයක්ද...... උඹලව මතක් වෙනවා නිතරම.....මතක් වේවි ජීවිත කාලෙම.....

      Delete