Saturday, May 30, 2015

ඔබෙ සුවඳ තවම මා ළඟ...



මලක් පිපුණු හිත අද්දර
නෙලා පුදා වෙන අතකට
සිහිනෙක රැඳී සුවඳක් සේ.....
ගියෙන් පරවුනා හදවත

Wednesday, May 13, 2015

ඇවිත් යනවද.....




ඇවිත් යනවද සිනාසෙනවද සිනිදු තරුවත පායලා
පොළොව යදිතී බලා හිඳිතී තරු කැටිති නෙත් යුග සලා
තරු කුමරි සිත පොලොව දැකුමට හිත යටින් හිටියත් බලා
අහෝ වියපත් පොළොව අසලම පුරා සඳ වත පායලා

Monday, May 4, 2015

සංසාරේ පිය සටහන්....




එතකොට මගේ වයස අවුරුදු පහක් නැත්නම් හයක් ඇති.. 
වෙසක් මාසෙ..
දෙපෝයට දෙතුන්දොහක් ඇති. කිරි අම්ම මාව ඔඩොක්කුවෙ තියාගෙන කතන්දර කියනවා.. ගොඩක් දේවල් ඇත්ත සිද්දි.. 
තව සමහරක් කිරි අම්මාම හදපුව..