Saturday, February 21, 2015

විඳිමි දඬුවම් 2 (ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී..)



කාලෙකින් ලියන්න බැරි උනා.....වැඩ...වැඩ......
ඒත් මම ලිව්වත් නැතත් නිකිණිලා රාජීව්ලා මේ මහපොළොවේ ජීවත් වෙනවා......
මට ඔවුන්ව අමතක නෑ .....
මේ සටහන කියවන්න කලින් මගේ 2014 ඔක්තෝබර් 25 දා සටහන කියවන්න...ඔබ හා හා පුරා කියල ගොඩ වැදුනානම්.....
එතකොට මුල මැද අග තේරෙයි......

Monday, February 2, 2015

දොස් - තොර

නයිට් කඩේ ළඟ .....
කොත්තු ලෑලිබඩ
චම්පයි... රේඛයි ...හමුවී හවසක ....

Saturday, January 31, 2015

මේ ලොව යම් කිසිවෙකු... මා හට පෙම් කල බව.....

ජනවාරිය ඉවර වෙන්නත් යන්නේ....
ඊට කලින් ලියන්න එපැයි ඔහු ගැන...
කොහෙන්ද ඉතින් වෙලාවක් .... ඒත් ඉතින් ලියන්න එපැයි ......
අවුරුදු තිස් අටකට ඉස්සර ජනවාරි දාසය.....වියළුණු පන්හිඳක් ගැන.......

Monday, January 12, 2015

එන්න ඉඩක් නෑ මහ ගේ ගාවට



කිරි මුට්ටියක් වගේ හඳ පායලා අහසේ... අවුරුදු තුන හමාරක කොලු පැන්චෙක් ඉඳගෙන ඉන්නවා කිරි අම්මගේ ඔඩොක්කුවේ . ඒ පුංචි කොල්ල තමයි මම....ඒ.නමසිය අසූ හතරේ එක දවසක්.....
හඳ කලුන්ම අහසට ඇවිත් ...

Friday, December 26, 2014

මට රැය විතරයි අයිති නොරිකො සං






හීතලට දත් එකට වදිනවා "කට කට ගාල " 
ඇඳලා ඉන්න ජැකට් එක හරහාත් සීතල එනවා වගේ.. 
හීතල වායුගෝලයට කටින් උණුසුම් සුසුම් පිඹ පිඹ ඇවිදගෙන යනවා ඉස්සරහට... 
තියන අඩියක් අඩියක් ගානේ පරිස්සමින් තිබ්බේ මම....ලිස්සුවොත්....
මේ දෙසැම්බරය.... 

Wednesday, December 17, 2014

නොබා සොඳුරිය අරිනු මැන දොර...............



සිහින් ඉකිබිඳුමක් ඇහෙනවා....
හිත ගැස්සෙනවා තමයි....
ඒත් ...මේ මගේ දෛවය ......
මහා රාවණා පරපුරේ තල්පතින් හැමදෙයක්ම ලැබුන තමයි...ඒත් .....කල කර්ම විපාක දෙන්නත් එපැයි .....
ඇතින් ඇහෙනවා ඝෝෂාව......මිනිස්සුන්ගේ කෑගැසීම්....හ්ම්...
තව දුරටත් මාලිගාවට වෙලා ඉන්නේ කොහොමද.....

Wednesday, December 10, 2014

රජවරු තව බයයි දස්කොන් කිවිදුන්ට......



ටික දවසක ඉඳල ලියන්න කියල හිතන් හිටියට වෙලාවක් තිබ්බේ නෑ. මම මගේ බ්ලොග් එකේ තනි පුද්ගලයින් වෙනුවෙන් දීර්ඝ ලිපි ලියල තියෙන්නේ තුනයි. අද ලියන්න යන්නෙත් කලින් ලියපු කෙනෙක් ගැනයි.....මේ නැවත වරක් මම ලියන්නේ ඔහු මගේ මිතුරෙක් නිසා නෙමෙයි....

Tuesday, November 25, 2014

මිරිවැඩි සඟලක සලකුණු.....

                                     (සේයාරුව: මගේ පුතා බිනුල සහ මගේ සෙරෙප්පු කුට්ටම)


ඒ අනූ අට අවුරුද්ද... 
මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ...
 ඉස්කෝලේ යනකොට කොච්චර කම්මැලි උනත් මේ කාලේ එක එක හේතු වලට අපි ඉස්කෝලේ ගියා... 
 ඔන්න ඔහොම යද්දී අපි හයදෙනෙකුට පොඩි චාන්ස් එකක් හම්බ උණා

Wednesday, November 5, 2014

තාත්තාට දුක හිතුණා..............



අනුරාධපුරේට නා කපන වැස්ස උදේ ඉඳන්..
යන්තන් තුරල්කෙරුව නමය විතර වෙද්දි ...
රතුපාට ත්‍රී වීලර් එකක් ගේට්ටුවෙන් ඇතුල් වෙලා ඇවිත් නැවැත්තුව

Saturday, October 25, 2014

විඳිමි දඬුවම් ......





හූ හඬක් ඇහුන...පොඩ්ඩක් විතර ගැස්සුනා....

එච්චරයි...අඟුරු කකා වතුර බිබී නෙමේනේ දැන් කොච්චි යන්නේ.... ජනේලේ ළඟ එහාපැත්තෙන් ඇය වාඩිවෙලා ඉන්නවා...ජනේලෙන් එපිට බලාගෙන.....