පොළොව යදිතී බලා හිඳිතී තරු කැටිති නෙත් යුග සලා
තරු කුමරි සිත පොලොව දැකුමට හිත යටින් හිටියත් බලා
අහෝ වියපත් පොළොව අසලම පුරා සඳ වත පායලා
තරුපතිය ළඟ වුවත් පොළොවට නැතේ කැලුමන් බබලනා
තරුමතිය දුර වුවත් ඇයගෙන් කැලුම් දසතම විසිරෙනා
කැළඹෙතිය සිත් මලේ මුවරද තරුමතිය වත දකිමිනා
නැලවෙතිය සිත සිතින් සිතමින තරුමතිය ළඟ ළඟ මිනා
හිමි නැතත් තරුමතිය පොළොවට තරුව දකිමින් හිත තුටින්
සඟවතත් සිත පිරෙන හැඟුමන් කියයි හැමටම නෙත් අගින්
දුර යතත් තරුමතිය දිනයක සතපවා හද සෝ දුකින්
නිදිමතත් නොම දැනේ පොළොවට මග බලා පාළොස්වකෙත්
ඒක පට්ට
ReplyDeleteඇත්තටම අපූරුයි සිංදුවකට
ස්තුතියි. කාලෙකින් නොවැ මේ පැත්තෙ ගොඩවුනේ. කොහෙදෑ අප්පේ මෙච්චර කල් උන්නේ
Deleteඅගේ අැති නිර්මාණයක් කැලුම්...
ReplyDeleteමීට වඩා සංශිප්ත කරන්න තිබුනා අනේ..
ReplyDeleteඅයිය කිවුවට මේක තේරෙන්නෙ නෑ කියල මට ,මේ පාර නම් තේරුණා මේ කවිය. කවියකින්ම උත්තර දෙන්න හැදුවත් අමාරුයි. මොකද දැන් වෙලාව 7.08යි. ඒ කියන්නෙ දුවන්න ඕන තව ටිකකින්............
ReplyDeleteලස්සන කවියක්, හිතට වැදෙන තේරුමක්.
හඳ කොච්චර දීප්තිමත් වුණත්, පුංචි තරුවක් පොලොවට එළිය දෙන වෙලාවල් තියනවා............ ඇත්තම ඇත්ත!