මලක් පිපුණු හිත අද්දර
නෙලා පුදා වෙන අතකට
සිහිනෙක රැඳී සුවඳක් සේ.....
ගියෙන් පරවුනා හදවත
ළඟින් උන්නු කාලෙදි පිණි වරුසා හිත යට වැස්සට
ඒ සිහිලෙන් දහසක් මල් මටත් හොරෙන් හිනැහුනාට
සුළඟක් වී.....
මල් සුවඳ ගෙන ගියා ඈතට
මන්දාරම් අහසට බර වැඩි උනාට දරාගන්න
දෙගොඩ තලා කොපුල් පුරා කඳුළු දියෙන් මැකී යන්න
සුසුමක් වී.....
ඔබෙ සුවඳ තවම මා ළඟ
හිත පාරවන්නෙත් ඔය සුවදම තමයි..
ReplyDeleteහිත බර වෙනවා වගේ. දැන් තමයි හරියට කියෙව්වෙ
ReplyDelete