Sunday, March 18, 2018

සිහින කුමටද...



සුවඳ කුමටද කුසුම ලඟ නැතිනම්...
කැලුම් කුමටද සඳවතිය නැතිනම්...
සිසිල කුමටද නලත් දුර යානම්....
මසිත කුමටද ඔබත් ලඟ නැතිනම්...


කඳුලු කුමටද නෙතින් ගිලිහෙයි නම්...
සුසුම් කුමටද සිතින් වැලපෙයි නම්...
අඳුර කුමටද රැය පහන් වේ නම්...
රැයක් කුමටද විරහ සිත් නැතිනම්...


තරඟ කුමටද කුමුදු මුකුලිත නම්....
තුශර කුමටද වලා සළු නැතිනම්...
තරුත් කුමටද වැවට නොබසී නම්...
සිහින කුමටද ඔබව නොපෙනේනම්.....

2 comments:

  1. අන්තිම කවියෙ මුල්ම පේලිය හරිම ලස්සනයි!

    ReplyDelete