Monday, April 9, 2018

සුසුම් ගෙනා සෙව්වන්දිය...



සිහින නොමැති රාත්‍රියේ ගන අඳුරේ
හුදෙකලා සිතුම් බිඳ සිත සුවඳ සොයනවා....
අතීතයේ විස කටු පපු තුරෙන් දැනෙනෙවා....
නෙත පිනි විසිරෙනවා....


තණ අග පිණි වන් දිවියේ...
මුතු පිනි කැට ආදරයක්...
පැතූ අතීතෙන් සුවඳක්.... සිතට දැනෙනවා...
හිරුදුටු පිනි බිඳුවක් සේ වියැකී යනවා...
දෙකොපුල් උතුරනවා....


සදිසි රූප බිතුසිතුවම් ....
තනිකම නෙත් පියන් වසා....
ආදරයෙන් තුරුලු වෙලා සිනා සලනවා
සුසුම් ගෙනා සෙව්වන්දිය සිතෙන් මැකෙනවා....
නෙත් බර වෙනවා...

No comments:

Post a Comment