Saturday, December 26, 2015

අද දවසේ මවෙත ගෙනා මිහිර හෙටත් ගෙන ආ යුතු වේ...




රත්තරන් පාට ඉර සමුදුරු පෙම්වතියගේ තුරුලේ ආලිංගන නැටුමක්...
තව ටිකකින් වලාකුළු සළු ඔවුන්ව වසාගනීවී. 
ඒ ආදරය ලොවෙන් සඟවන්න වගේ සැන්දෑ අන්ධකාරය ගලාගෙන එනවා. 
ගෝල්ෆේස් පිට්ටනිය තව මොහොතකින් අඳුරේ ගිලේවි...
මම ඇය දිහා බැලුවා... 

Friday, December 25, 2015

නත්තල්...................



ගවලෙනේ දෙව් කුමරු සිනාසෙන හැටි බලා
තිදෙනෙක්ම නොවේ මහ රජසෙනග වටවෙලා
සුපිරිසල් දොර අසල ගවලෙනක් පුබුදලා
විදිලියෙන් කැලුම් දෙන තනි තරුව පායලා......

Thursday, October 22, 2015

පතිපතිනි රිය සක නියා...


කාලෙකින් ලියන්න කියල ඉඳගත්තා. 
තවම නිදිමත ගතියයි , තෙහෙට්ටුවයි ගිහින් නැහැ. 
නංගිගේ මගුල් ගෙදර තිබ්බේ ගිය සතියේ... 
වෙඩින් එක හෝටලේක තිබ්බේ ...දැන් හැමෝම කරනවා වගේ....

Monday, September 14, 2015

ඔබ මිස මට කෙනෙකු කොහිද මේ ආත්මයේ....


ලොකු නිහැඬියාවකින් පස්සේ ලියන්න ඕන කියල ඉඳගත්ත....
ලියන්න දේවල් නැතුව නෙමේ....

හ්ම්....
ඒත් කොහොමද නොලියා ඉන්නේ...
මීට හරියටම අවුරුදු දහතුනකට කලින්......
ඇතුගල් පුරයෙන් පිටත් උනා බස් එකක්...සෙන්කඩගල පුරට යන්න.....

Thursday, August 13, 2015

පැස්ටල් 2......



නේක පැහැ හැඩ දැමූ
සිතුවමක් එල්ලුවට.....
පාට පෙට්ටිය හැකිද...
බිත්තියේ එල්ලන්න.......

Saturday, August 8, 2015

පැස්ටල්...

 
 
හුණු කූරු ගෙවිලා
සිතුවමක් මැවුනාට...
සිතුවමට පුළුවන්ද ...
පාට පෙට්ටිය වෙන්න.....

Monday, July 6, 2015

දියණියනි..... නුබට සිදුවූ දේ.....


හතරේ කෝච්චිය යන සද්දෙට සමන්මලීගේ ඇස් ඇරුන.
ගල් කන්ද පහුකරලා යනකොට කෝච්චිය හැමදාම හූ කියන්නේ සමන්මලීට ඇහැරවන්න වගේ... 
වතුර කේතලේ ලිපේ තියල එලියට බැස්සේ මූණ කට හෝදගෙන එන්න..
වතුර නටන්න කලින්...
හීං වැහි පොදක් වැටෙනවා පාන්දරින්ම......

Sunday, June 7, 2015

ඔබේ ඇසුර අප පින් කල පෙර නිමිතී...



අවුරුද්දක් ගෙවිලා.... ජුනි 05....දෙදාස් දාහතර අවුරුද්ද......
මොකක්ද මේ මම කියන්න හදන්නේ...
ඔබ හිතනවා ඇති.....

මම මේ කතාව පටන් ගන්නම් ඊටත් කලින් ඉඳන්....
ඒ දවස් වල මම හිටියේ මන්නාරමේ..... 

Wednesday, June 3, 2015

මහා සිසිල් බීම දන්සල......මේක ජෝක් එකක් නෙවේ



හදිසි වැඩ වගේකට කොළඹ යන්න උනා. 
අද උදෙන්ම කුකුළා අතේ අරන් පිටත් උනේ වෙලාවට අනුරාධපුරේට එන්න. 
වන්දනාවේ නෙමේ...රාජකාරියට....
අනුරාධපුර මහ ඉස්පිරිතාලෙට.....

Saturday, May 30, 2015

ඔබෙ සුවඳ තවම මා ළඟ...



මලක් පිපුණු හිත අද්දර
නෙලා පුදා වෙන අතකට
සිහිනෙක රැඳී සුවඳක් සේ.....
ගියෙන් පරවුනා හදවත