Wednesday, May 13, 2015

ඇවිත් යනවද.....




ඇවිත් යනවද සිනාසෙනවද සිනිදු තරුවත පායලා
පොළොව යදිතී බලා හිඳිතී තරු කැටිති නෙත් යුග සලා
තරු කුමරි සිත පොලොව දැකුමට හිත යටින් හිටියත් බලා
අහෝ වියපත් පොළොව අසලම පුරා සඳ වත පායලා

Monday, May 4, 2015

සංසාරේ පිය සටහන්....




එතකොට මගේ වයස අවුරුදු පහක් නැත්නම් හයක් ඇති.. 
වෙසක් මාසෙ..
දෙපෝයට දෙතුන්දොහක් ඇති. කිරි අම්ම මාව ඔඩොක්කුවෙ තියාගෙන කතන්දර කියනවා.. ගොඩක් දේවල් ඇත්ත සිද්දි.. 
තව සමහරක් කිරි අම්මාම හදපුව..

Monday, April 6, 2015

මී මැස්සෙක් මලකට කී කව....





නුඹ නොදන්නවට.....
ඉස්සර මගේ හිතගිය....
නුඹට පෙර පිපුණු ඇය 

Monday, March 23, 2015

අනේ... හදවත ගොළු උනා....







මාසයක් තිස්සේ ලියන්න හිතුවත් කාලය හරස් වෙලා....ඒත් ඉතින් නොලියා කොහොමද...... ඔහු ගැන
නොලිව්වොත් මහා ගුණමකු කමක් නොවැ..... මම හා හා පුරා කියල පොස්ට් එකක් ලිව්වේ ඔහුගේ සින්දුවක් ගැන.....
මෙන්න තියනවා ඒක

Monday, March 9, 2015

පුංචි බබාට දුක හිතිලා

                                                                ( පුංචි පුතා )

පුංචි බබාගේ අප්පච්චිට ඔලුවේ කැක්කුමක් හැදිලා . 
සාලේ ලොකු පුටුවකට වෙලා නිදි. 
පුංචි බබා මල්ලියි අම්මියි එක්ක කාමරයට වෙලා සෙල්ලම් කරනවා.

" පව්, අප්පච්චිට නින්ද ගිහිල්ලා , උදේ ඉඳන් වැඩ කරලා මහන්සියට වෙන්නැති " පුංචි බබාට හිතුනා.

Monday, March 2, 2015

ලිංගික අසහනයට ලක් වූ මානසික රෝගීන් ( නැවත කියවීම )



ඉර පායලා ඉහට උඩින්.....පහුගිය දවස් වල චණ්ඩිකමින් මහ වැහි වස්සපු ආකාසෙද කියල හිතෙනවා... කාලගුණය........
කාලගුණය ගැන කියද්දී මට කතාවක් මතක් උනා....
කියන්නද.....මතකය යනවා අවුරුද්දක් විතර අතීතෙට....
............................

Saturday, February 21, 2015

විඳිමි දඬුවම් 2 (ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී..)



කාලෙකින් ලියන්න බැරි උනා.....වැඩ...වැඩ......
ඒත් මම ලිව්වත් නැතත් නිකිණිලා රාජීව්ලා මේ මහපොළොවේ ජීවත් වෙනවා......
මට ඔවුන්ව අමතක නෑ .....
මේ සටහන කියවන්න කලින් මගේ 2014 ඔක්තෝබර් 25 දා සටහන කියවන්න...ඔබ හා හා පුරා කියල ගොඩ වැදුනානම්.....
එතකොට මුල මැද අග තේරෙයි......

Monday, February 2, 2015

දොස් - තොර

නයිට් කඩේ ළඟ .....
කොත්තු ලෑලිබඩ
චම්පයි... රේඛයි ...හමුවී හවසක ....

Saturday, January 31, 2015

මේ ලොව යම් කිසිවෙකු... මා හට පෙම් කල බව.....

ජනවාරිය ඉවර වෙන්නත් යන්නේ....
ඊට කලින් ලියන්න එපැයි ඔහු ගැන...
කොහෙන්ද ඉතින් වෙලාවක් .... ඒත් ඉතින් ලියන්න එපැයි ......
අවුරුදු තිස් අටකට ඉස්සර ජනවාරි දාසය.....වියළුණු පන්හිඳක් ගැන.......

Monday, January 12, 2015

එන්න ඉඩක් නෑ මහ ගේ ගාවට



කිරි මුට්ටියක් වගේ හඳ පායලා අහසේ... අවුරුදු තුන හමාරක කොලු පැන්චෙක් ඉඳගෙන ඉන්නවා කිරි අම්මගේ ඔඩොක්කුවේ . ඒ පුංචි කොල්ල තමයි මම....ඒ.නමසිය අසූ හතරේ එක දවසක්.....
හඳ කලුන්ම අහසට ඇවිත් ...