Monday, September 14, 2015

ඔබ මිස මට කෙනෙකු කොහිද මේ ආත්මයේ....


ලොකු නිහැඬියාවකින් පස්සේ ලියන්න ඕන කියල ඉඳගත්ත....
ලියන්න දේවල් නැතුව නෙමේ....

හ්ම්....
ඒත් කොහොමද නොලියා ඉන්නේ...
මීට හරියටම අවුරුදු දහතුනකට කලින්......
ඇතුගල් පුරයෙන් පිටත් උනා බස් එකක්...සෙන්කඩගල පුරට යන්න.....

Thursday, August 13, 2015

පැස්ටල් 2......



නේක පැහැ හැඩ දැමූ
සිතුවමක් එල්ලුවට.....
පාට පෙට්ටිය හැකිද...
බිත්තියේ එල්ලන්න.......

Saturday, August 8, 2015

පැස්ටල්...

 
 
හුණු කූරු ගෙවිලා
සිතුවමක් මැවුනාට...
සිතුවමට පුළුවන්ද ...
පාට පෙට්ටිය වෙන්න.....

Monday, July 6, 2015

දියණියනි..... නුබට සිදුවූ දේ.....


හතරේ කෝච්චිය යන සද්දෙට සමන්මලීගේ ඇස් ඇරුන.
ගල් කන්ද පහුකරලා යනකොට කෝච්චිය හැමදාම හූ කියන්නේ සමන්මලීට ඇහැරවන්න වගේ... 
වතුර කේතලේ ලිපේ තියල එලියට බැස්සේ මූණ කට හෝදගෙන එන්න..
වතුර නටන්න කලින්...
හීං වැහි පොදක් වැටෙනවා පාන්දරින්ම......

Sunday, June 7, 2015

ඔබේ ඇසුර අප පින් කල පෙර නිමිතී...



අවුරුද්දක් ගෙවිලා.... ජුනි 05....දෙදාස් දාහතර අවුරුද්ද......
මොකක්ද මේ මම කියන්න හදන්නේ...
ඔබ හිතනවා ඇති.....

මම මේ කතාව පටන් ගන්නම් ඊටත් කලින් ඉඳන්....
ඒ දවස් වල මම හිටියේ මන්නාරමේ..... 

Wednesday, June 3, 2015

මහා සිසිල් බීම දන්සල......මේක ජෝක් එකක් නෙවේ



හදිසි වැඩ වගේකට කොළඹ යන්න උනා. 
අද උදෙන්ම කුකුළා අතේ අරන් පිටත් උනේ වෙලාවට අනුරාධපුරේට එන්න. 
වන්දනාවේ නෙමේ...රාජකාරියට....
අනුරාධපුර මහ ඉස්පිරිතාලෙට.....

Saturday, May 30, 2015

ඔබෙ සුවඳ තවම මා ළඟ...



මලක් පිපුණු හිත අද්දර
නෙලා පුදා වෙන අතකට
සිහිනෙක රැඳී සුවඳක් සේ.....
ගියෙන් පරවුනා හදවත

Wednesday, May 13, 2015

ඇවිත් යනවද.....




ඇවිත් යනවද සිනාසෙනවද සිනිදු තරුවත පායලා
පොළොව යදිතී බලා හිඳිතී තරු කැටිති නෙත් යුග සලා
තරු කුමරි සිත පොලොව දැකුමට හිත යටින් හිටියත් බලා
අහෝ වියපත් පොළොව අසලම පුරා සඳ වත පායලා

Monday, May 4, 2015

සංසාරේ පිය සටහන්....




එතකොට මගේ වයස අවුරුදු පහක් නැත්නම් හයක් ඇති.. 
වෙසක් මාසෙ..
දෙපෝයට දෙතුන්දොහක් ඇති. කිරි අම්ම මාව ඔඩොක්කුවෙ තියාගෙන කතන්දර කියනවා.. ගොඩක් දේවල් ඇත්ත සිද්දි.. 
තව සමහරක් කිරි අම්මාම හදපුව..

Monday, April 6, 2015

මී මැස්සෙක් මලකට කී කව....





නුඹ නොදන්නවට.....
ඉස්සර මගේ හිතගිය....
නුඹට පෙර පිපුණු ඇය