Tuesday, November 25, 2014

මිරිවැඩි සඟලක සලකුණු.....

                                     (සේයාරුව: මගේ පුතා බිනුල සහ මගේ සෙරෙප්පු කුට්ටම)


ඒ අනූ අට අවුරුද්ද... 
මම සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්න කාලේ...
 ඉස්කෝලේ යනකොට කොච්චර කම්මැලි උනත් මේ කාලේ එක එක හේතු වලට අපි ඉස්කෝලේ ගියා... 
 ඔන්න ඔහොම යද්දී අපි හයදෙනෙකුට පොඩි චාන්ස් එකක් හම්බ උණා
.... 
ආරංචිය ගෙනාවේ ඩිලාන් අයියා...
නිදහස් ස්වර්ණ ජයන්ති ප්‍රදර්ශනේ ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රදර්ශන කුටියේ වැඩට තාක්ෂණික දැනුම තියන ඉස්කෝල ළමයි සෙට් එකක් ඕනලු. 
උප විදුහල්පති තුමා තමයි කියල තිබ්බේ. 
 ඔන්න ඔහොම අපි හය දෙනෙකුට පැවරුණා වැඩේ. 
මේකට ට්‍රේනින් එකකුත් තියනවා...පේරාදෙණිය ටෙලිකොම් එකේ.... දවස් පහක් ට්‍රේනින් එක....හ්ම් 

ඔන්න ඉතින් පලවෙනි දවසේ අපිව පේරාදෙණි එක්කගෙන යන්න වෑන් එකක් ආවා. දැන් අපි හය දෙනෙක් යනවා...ඔන්න ටික දුරක් යද්දී වාහනේ කැසට් යන්තරෙන් වාදනය වෙනවා සින්දුවක්....හරිම රහයි..... මොකක්ද කියාගන්න බැරි ලස්සනක් තිබ්බ ඒකෙ .
මම ඔබට කියන්නද ඒ සින්දුව......


සමනොළ සිරිපා සිඹ සිඹ බැතිබර වැඳුමක යෙදී
අන්න පුතේ හිරු දෙවියෝ මිහිමත මෙහෙයට වඩී
මොළකැටි අත් පා සලමින් කිරි කැටි පොඩි මුව අයා
මා නොදකින විසිතුරු ගැන මට පවසනවද ඔයා

පුතු ඉපදුණු දිනේ මමත් නොලද නුවන් ලැබුවා
මට නොපෙනෙන උදා කිරණ මගේ පුතා දුටුවා
ඒ දෙනුවන් සිහි නුවණින් යොදවා දැය සමය නමින්
මගෙන් රටට නොකෙරුණු ටික ඉටු කරන්න පුතුණේ....

අතීතයක් නැති අයෙකුට හෙටයි දිනක් නෑඟේ
හෙවනට සිටි ගස සමරනු ගල කෙටු ඉර වාගේ
පිබිදෙන මල් දැක නොතලා පුබුදන් පුත පිනි ඉහලා
වැටුණු අයට පා නොම දී සුරත දෙන්න පුතුණේ...

සින්දුව අහන්න මෙතනින්

මම ඔය සින්දුව අහල තිබ්බේ නැහැ ඉස්සර....මම කතාකරල ඉල්ලගත්ත රියදුරු මහත්තයගෙන් කැසට් එකේ කවරේ..... සන්ෆ්ලවර්ස් සමඟ හෙන්රි කල්දේරා.....


ඒ කැසට් එක එක හුස්මට ඇහුව පේරාදෙණි යනකම්....මම අහල තිබ්බේ කල්දේරාගේ තාර පැටියා සින්දුවත් මිරිවැඩි සලකුණු සින්දුවත් විතරයි ඉස්සර.....හරිම රහයි....
එහෙම කිව්වට හරියට දැනෙන්නේ නැහැ . මම කියන්නම් මෙහෙම
"මාර රහයි"
කවුරු කොහොම කිව්වත් සන්ෆලවර් රැල්ලෙන් වඩාත්ම සාර්ථක උන ගායකයා තමයි හෙන්රි කල්දේරා....විචාරකයෝ කියන කතා නම් බොහොමයි.... එත් ඒ බක පණ්ඩිතයෝ කොහෙද හිටියේ හෙන්රි කල්දේරා ඉන්න හිටින්න තැනක් නැතුව ඉන්නකොට....තුන් වේල කෑවද කියල කවුරුත් ඇහුවද....හ්ම්....


හෙන්රි උපන්නේ නමසිය තිස් හතේ අගෝස්තු දහ නමය ..... පුංචි කාලෙදිම ඇස් පෙනීම නැතුව ගියත් උත්සහවන්ත මිනිසෙක් වන ඔහු සංගීත
යට අත් පොත් තියනවා සුනිල් ශාන්තයන් ඇසුරේ....

ඒ හින්දද මන්ද කල්දේරාගේ ගීතවල සුනිල් ශාන්තයන්ව ඇහෙනවදෝ කියලත් මට හිතෙනවා.... මේ ගීතය හොඳ උදාහරණයක්...
පද රචනය තනු නිර්මාණය සහ ගායනය හෙන්රි කල්දේරා විසින්මයි



ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා..//

සමනොල මුදුනින් ලැබදෙන සෙවනින්
සුවය විඳින ලංකා..//
මහවැලි කැළණිය කලුද වලවෙ දිය
සිහිල කැවුනු ලංකා...

ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා..

තෙද ඇති විරුවන් හෙල රජ දරුවන්
ලැබූ පිනැති ලංකා...//
එවැනි උතුම් ඔබ නමට බැතින් හෙලු
පොහොර ගුණැති ලංකා...

ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා..

රුදුරු වුවන් මැඬ රටට දැයට වැඩ
සදනු පිණිස ලංකා..//
සසර පුරා නිජ බිම සෙ මගේ ඔබ
තුරුල පතමි ලංකා..

ලංකා මගේ ලංකා
සොඳුරු ලංකා මිහිරි ලංකා..//

සින්දුව අහන්න මෙතනින්

ඔහු තරම් ජීවිතේ කටුක බව විඳි ගායකයෙක් නැති තරම්.... සමහර දවස්වල සංගීත සංදර්ශන ඉවරවෙලා නියමිත මුදලවත් නොදී අනේක වාරයක් ඔහුව බස් හෝල්ට්වල අතරමං කරලා ගිහින් තියනවා සංවිධායකවරු.....


ඔහු ගුවන් විදුලි ගායකයෙක් වෙන්නේ 1968දී නමුත් ඔහුගේ පළමු වෙනි ජනප්‍රිය ගීතය හැදෙන්නේ නමසිය හැත්තෑ දෙකේදී විතර ....ඒ අප කවුරුත් දන්නා තාර පැටියා....පද...තනු..හඬ තුනම ඔහුගේ


තම කුළුඳුල් දරුවා උපන් වෙලේ...බිරිඳගේ ඇඳ ළඟ ඉඳන් ඔහු මේ ගීතය රේඩියෝ එකේ ඇහුව....මේ ගීතය ගැන කල්දේරා එක්තරා මාධ්‍යවේදියෙකුට අදහස් දැක්වුවේ මෙහෙම ...ජීවත්ව උන් කාලේදී....


“මට මතක මේ සින්දුව හදා ගත්තේ 1972 දෙසැම්බර් මාසේ ‘සරල ගී’ වැඩසටහනකට ගීතයක් අඩු වෙලයි. ඒ ‍වන විට මගේ බිරිය (බිසෝ මැණිකා) දරු ප්‍රසූතියකට සූදානම් වෙලා උන්නේ. පුතෙක් ලැබෙයි කියලා අපි බලාපො‍ෙරාත්තු වුණා. ඒ හින්දා අපි තාත්තා කෙනෙකු පුතෙකු නළවන ගීතයක් ලියමු කියලා කතාකරගෙන මම අහලා තිබුණු ජන ගීතයක් ඇසුරු කරගෙන තමයි මේ ‘තාරා පැටියා’ ගීතය ලිව්වේ. ඒ වගේම අපේ ගමේ වටපිටාවත් මේ ගීතයේ සංකල්පනාවට බලපෑවා. ‘වැලගෙඩියක් ආන් පුතේ’ වැනි යෙදුම් පද රචනයට එකතු කළේ ඒ නිසයි.”

“අම්මලා දරුවන් නළවනවා වගේ නෙමේනේ තාත්තලා දරුවන් නළවන්නේ. දරුවන්ව උඩට උස්සනවා. උඩ දාලා අල්ලනවා. ඔළුව වටේ කරකවනවා වගේ නොයෙකුත් දේවල් කරනවානේ තාත්තලා. ඒ නිසා තරමක් වෙනස් විදිහේ රිද්මයකට තමයි මම මෙහි තනුව නිර්මාණය කෙරුවේ. එය සාර්ථක වුණා. සාමාන්‍යයෙන් ගුවන්විදුලියේ ‘සරල ගී’ වැඩ සටහන ප්‍රචාරය වීමෙන් පසුව එය පටයෙන් මකා දමන ක්‍රමයක් එදා තිබුණත් එවකට ගුවන්විදුලියේ ‘සරල ගී’ නිෂ්පාදන කටයුතු කළ ශාන්ති දිසානායක මහතා මැදිහත් වී මගේ මේ ‘තාර පැටියා’ ගීතය තැටිගත කළා. මගේ සින්දු වැඩි හරියක තියෙන්නේ මේ ගීතයේ වගේම මගේ ජීවිතයේ සැබෑ අත්දැකීම් හා වටපිටාවෙන් මට දැනුණ දේවල්. මේ ගීතය අද ලබා තියෙන ජනප්‍රියත්වය ගැන මට ලොකු සතුටක් තියෙනවා"


තත් තත් තත් තාර පැටියා
තාත්තා ගෙනා තාර පැටියා
පුතා මගේ තාර පැටියා
තාත්ති අතේ දොයි
තාත්ති අතේ දොයිය පුතේ
තාත්ති අතේ දොයි....//

සින්දුව අහන්න මෙතනින්

අගහිඟකම් වලින් පීඩිත වෙලා උන්නු ඔහුට ගෙයක් හදල දෙන්න ඉදිරි පත් උනේ ප්‍රේමදාස මහත්තය ....අගමැති කාලේ....දේශපාලනය නෙමේ..කවුරුත් නැති වෙලාවේ පිහිටට උන්නේ එතුමා....


හෙන්රි කල්දේරාගේ ගීතවලට වස්තුබීජ උනේ ගොඩක් වෙලාවට පවුල....
එකනේ ඔහු කන විදිනවෙලේ අඬා වැටෙන තුෂාරි දුව ගැන කියන්නේ.....


කණ විදින වෙලේ කඳුළු ග‍ඟේ පතුල බැලූ දූ
අද සතු‍ටු ග‍ඟේ හිනැහෙනවා දාලා කරාබු....
අද සතු‍ටු ග‍ඟේ කිමිදෙනවා දාලා කරාබු....
ආයි දාලා කරාබු...

සින්දුව අහන්න මෙතනින්


දරුවන්ට විතරක් නෙමේ ඔහු මුනුබුරන්ටත් සින්දු කිව්වා ....මේ ගීතය ලිව්වෙත් තනුව දැම්මෙත් ඔහුමයි


ඔන්න දුවේ හඳ මාමා ඈත ඉඳන් එබී බලා
පුංචි අමුත්තෙකුයි හොයන්නේ...
චූටි සිනහ මල් දැකලා සිහිල් සඳේ කැළුම් පෙරා
දූගෙ සුදූ මූණ සිඹින්නේ...

සුබ නැකතින් දිය නාගෙන ගෙට ඇවිදිල්ලා
දෝත පුරා බුලත් අතක් සීයාට දීලා
සාදු කියා පා වඳින්න සීයගේ ආසිරි ලබන්න
දෙන බුලතට දෑත දෙන්න සීයා ඉඳීවා....
කිරිබත් කැටයක් කවන්න දූට ලැබේවා....

කටු අතු රළු බොරළු තිබෙයි පය රිදවන්න
තඹ පිත්තල රන සෙ පෙනෙයි ඇහැ රවටන්න
යන්නෙ කොහේදැයි බලන්න සිහියෙන් පා පොඩි තියන්න
යහ ගුණ අනුදැන හැදුණොත් දූ සිරිදේවී
කාගේත් ආසිරි හමුවේ දූ සැරදේවී...

සින්දුව අහන්න මෙතනින්
සිහිල් සැන්දෑවේ ඔහු මේ ගයන්නේ කාටද.....පද රචනය, තනු නිර්මාණය ඔහුගේම තමයි


සිසිල සැඳෑවේ මේ අමාවකේ ගුවන් ගැබේ
සඳක් නැඟී වාගේ නොපැතූ රුවක් පෙනේවී
දැනේ සුගන්දේ මල් වෙතින් නොවෙයි ඔයාගෙනුයි
හොරේ මොකෝ හා හා කොයිබද ළඳේ සවාරී

සුන්දර සුපුන් සඳේ රිදී කැළුම් නාලා
මල්මද බිසවු වගේ නුරා රැඟුම් පාලා
සැරසී අගේට පා සුරංගනා ලීලා
ගොම්මන් වෙලේ ඔයා මෙහේ කොහේ දෝ

තවමත් මගේ ලොවට සඳක් නැගී නෑනේ
ඔබ මට සුපුන් සඳක් වෙන්න මගේ නෑනේ
හා හා අගෙයි ළඳේ සිනහ පෙනෙයි මූණේ
පොඩි පැල්පතක් තනා කතා කරන්නම්

සින්දුව අහන්න මෙතනින්


සඳ අරන් ඇවිල්ල තම බිරිඳට පුදදුන්නු සෙනෙහස ඔබ අහල තියනවද.....


සඳ අරන් ඇවිල්ලා
පුද දෙන්න බෑ ප්‍රියේ
නොඉඳුල් සිතින් හොවන්නම්
සැනැසුම් අමා දියේ....

සසර වාලුකාවේ මා තනිව හැසුරුණා
පෙළුණු හිත දයාවක සිහිලසට මුසු වුණා
අතැර මා නිසා ලද හැම ඉසුරු සැප සුවේ
පිදුව පෙම නිසා දෙහදක අනගි මුතු මැවේ
අසරණව මුලා වුණු දුකඳුරු වනාන්තරේ
අද සසරණයි උදාරයි අප දිවි කතන්දරේ...

නමට නොව ඔයා මිල කළ නොහැකි මැණිකකි
පෙමට පිදූ මේ මට දිවි උවද දිය හැකි
සසර බැමි කඩාලන තුරු එකට මේ වගේ
තබමු අපි ප්‍රියේ පියවර සසර මග දිගේ
අසරණව මුලා වුණු දුකඳුරු වනාන්තරේ
අද සසරණයි උදාරයි අප දිවි කතන්දරේ...

සින්දුව අහන්න මෙතනින්

කොච්චර ලස්සනද මේ පද පේලි....

හිමිදිරියේ හීතලේ ගැහි ගැහි කුඹුක ලිඳෙන් නාන නෑනා දැක්කම මෙහෙම නාහ ඉන්නේ කොහොමද.... අහන්නේ අප්සරා ද සිල්වාගෙන්

මොකද නගෝ හිමිදිරියෙම කුඹුකෙ ළිඳෙන් නෑවේ
පොහොය අදයි වෙහෙර වැඳන් එන්න හිතන් නෑවේ
කවුද නගෝ ඊයේ හවහ ගෙදර දිහා ආවේ
මාව අරන් යන්න හිතන්නැද්ද කෙනෙක් ආවේ

හෙණ එන්නා වාගෙ මොකෝ කතා කරන්නේ
මට දුන් බහ තව කෙනෙකුට කොහොමද දෙන්නේ
දුන්නා නෙවෙයි ඉල්ලු නිසයි ඒ බහ දුන්නේ
ඉල්ලන්නත් කලින් තමයි මේ බහ දුන්නේ

මුසා බහක් කණ වැටුණ ද ගිලිහුණු කාගේ
මළගම දැකගන්නටවත් සිතිල ද මාගේ
ඔහොම තරහ ගන්න ගියොත් වයසට යාවී
එතකොට තනිවෙන්නෙ නැද්ද ඔබෙ සිරියාවී
සින්දුව අහන්න මෙතනින්


සැබෑ ලොව දකින්නට වරම් නැති ඔහු කොහොමද සිහින දකින්නේ....මෙන්න මෙහෙම ඔහු සිහිනයක් ගැන අපට කියනවා...


ඊයේ.... උදයේ....
ඔබ පෝරුව මත දුටුවා
හිතවතෙකු මගේ ඔබගේ
ඔය සුරත දරා සිටියා //

පුරුදු ලෙස මා ඔබ දකින්නට
පැමිණ මංගල සිරියකි දුටුවේ
සබේ කිසිවෙකු ඉබේවත් නැත
ඇසක් මා දෙස යොමා බැලූවේ
කිමද මේ අරුමේ....
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ

සොඳුර හෙට අප අළුත් ලොවකට
පා නගන්නට සැරසෙන අතරේ
එසේ මා දුටු එවන් සිහිනය
මෙසේ අද මා හිතට වද දේ
කිමද මේ අරුමේ....
මට නොහැඟේ ප්‍රිය සොඳුරේ.....

හඬ..පද.....තනු.....හැමදෙයක්ම ඔහුගේ....

සින්දුව අහන්න මෙතනින්


කුසුමා සූරිආරච්චි ගේ පද පෙළකට සංගීතය එක්කර ඔහු ගයනවා අම්මා වෙනුවෙන් මෙහෙම...

මෙලොව තිබෙන අමිල නිමල මධුර සැප එපා...
උදය සවස වැළඳ වඳිමි අම්මෙ ඔබෙ දෙපා...

මා ඉපදුණු දා කුළුඳුල් සෙනෙහස පිරුණේ
සුදු පැහැ ගැනුනලු රතු රුධිරය සතු අරුමේ
සුව දෙයි මව තුරුලේ චන්දන තුරු අරණේ
සරනා තුරු සසරේ මට ඔබමයි සරණේ....

අගනා මහිමය හදුනණු පිණිස නැත යෙදුම්
නොමියන ගුණයට කරමි ද කෙලෙස මා පිදුම්
හද බැති මල් පුදමී වැඳ දොහොත දී මුදුන්
අම්මේ ඔබමයි මා සසරෙහිදි දුටු බුදුන්....

සින්දුව අහන්න මෙතනින්



ඔහුගේ පද රචනාවල කූට ප්‍රාප්තියට පත්වූ අවස්ථාවක් මම කියන්නද.....බලන්න මේ පද පේලි....කොච්චර අහිංසකද.....


පෙනුණු සුව දසුන් දස අත මිලින වී ගියා
දකිනු රිසි නොවී හිතකට දෙවනවද ඔයා
යහන මත වදී හිරු දෙවි දෙ ඇස පිය පියා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

සෙල්ලම් ගෙවල් තනාගෙන වැලි බත් උයා කවා
වල් කොළ කොටා දියේ මුසුකර තේ හදා පොවා
සැලැකූ ළමා වියේ සැලැකිලි නොමැත මඟහැරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමා පිරී

ඇන්ද රතු වලා සිතුවම් හකුළුවා තියා
සිතරු තෙම සැඳෑ අඳුරට ඉඩ තබා ගියා
සීත සඳ නැඟෙයි පෙරඹර කවුළු දොර අයා
ඔබ තාම නෑ දයාවියෙ මට ආදරෙයි කියා

හමුවුණි අනන්ත මල් රුව මිස සුවඳ නොතැවරි
ලියලයි හදේ පැතුම් වැල ඔබ වෙතම හැරි හැරී
පාළුව ලැගුම් ගනී හද තුළ පතුල එරි එරී
මට ආදරෙයි කියන්නකො මුවගින් අමාපිරි


සින්දුව අහන්න මෙතනින්


ජීවිතයේ සිදුවන සොඳුරු සිදුවීම් ඔහු ගයන්නේ මෙහෙම...


මිදුලේ සුදු වැලි තලයේ මිරිවැඩි සඟලක සලකුණු
දැක මා හද පතුලේ සැකයෙකි උපදින්නේ
මා නිවසෙහි නැති අතරේ කවුරුන් හෝ පැමිණ ති‍බේ
කවුරුද ආවේ නිවසට කවුරුද ආවේ//

බිරිඳට සොහොයුරන් නොමැත මා සොයුරු ද අසනීපෙනි//
මගේ යහළුවෙක් නිවසට ආවද මන්දා
ඊයෙත් හැන්දෑ වරුවේ මා එනවිට මිදුල පුරා
තිබුනා මිරිවැඩි සලකුණු කාගෙද මන්දා//

මිදුලේ සුදු වැලි තලයේ..

අවුල්ව ගිය මනසින් යුතු මා නිවසට ගොඩවැදුනා//
මගෙ නෙත ගත සිත වෙහෙසූ රහස හෙලිවුනා
මගේ පාවහන් පලඳා සුරතල් පුතු ඇවිදිනවා
පුංචි දෙතොල් අතරින් කිරි සිනහ මතුවුනා
එවන් සිනහ මල් දුටු සඳ වෙහෙස දුරුවුනා//


සින්දුව අහන්න මෙතනින්



ඉතින් මේ සටහන ඉවරයක් කරන්නත් එපැයි .... මාධ්‍ය වලින් අඩුවෙන්ම ඇගයුණු ගායකයෙක් තමයි හෙන්රි කල්දේරා...ටික කාලෙකට කලින් ස්වාධීන රූපවාහිනිය "සංහිඳ " ක් වෙන් කළා ඔහුට....එච්චරයි මට මතක.....

හෙළ ගීතය නම් මිදුලේ ඔහු නොමැකෙන ලෙස තබා ගිය මිරිවැඩි සලකුණු දෙස බලා හූල්ලනු ඇර අපි කුමක් කරමුද.......

16 comments:

  1. I listened to his songs in our school van. I could sing all these songs from memory as we had to listen to these twice a day. But we enjoyed them and realized the contrast with many other cassettes we were forced to listen. I specially liked the "kana vidina wele kandulu gange "

    ReplyDelete
  2. මාධ්‍ය වලින් අගය කරන්නේ නැති එක ගැන නම් කොතරම් කතා කලත් මම හිතන්නේ පලක් නැහැ. දැන් ඒ මාධ්‍ය යුගය වියැකීගෙන යනවා. දැන් තියෙන්න සල්ලි ගස් සොලවන, සල්ලි ඇත්තම් ඕනේ දහදුරා සිංදුවක් දහස් වරක් ප්‍රචාරය කරමින්, ඒවායින් චාට් හදමින්, සල්ලිම බෙදමින් යන 'ජඩ-මාධ්‍යයක්'.

    හෙන්රි කල්දේරා මහතා දුක් වින්ද බව අහන එකත් දුකක්.

    මේ පෝස්ටුවේ මගේ ආසම සින්දු ඔක්කොම වගේ, අහල නැති වටිනා සින්දු ටිකකුයි තියෙන එක ගැන මට සතුටුයි. ස්තුතියි. අපේ පරම්පරාවෙන් පස්සේ මොහු ගැන නොදන්නා අය තමයි වැඩි.

    ReplyDelete
    Replies
    1. ඔව් අද බිහිවෙන සින්දු හෙට වෙද්දී හිට් වෙලා ඊළඟ සතිය වෙද්දී නැතුව යන සින්දු.(වචන පේලි) ඒකට මෙන්න සින්දු...පරම්පරා කීයක් රසවිඳිනවාද...

      Delete
  3. මමත් හෙන්රි කල්දේරා සන්ෆ්ලවර් එක්ක කරපු කැසට් පීස් එක පට්ට ගැහුව.. ඒ කාලෙ අපට සීඩී ප්ලේයර් නෑ නෙව...
    දවසට පාරක් නං අහනවාමයි කොච්චර ඇහුවත් එපා නොවෙන අපූරු ගීත ටිකක්...
    අපූරු සටහනක් කැළුම්...
    ජයවේවා

    ReplyDelete
  4. කල්දේරාගේ හුගක් ගීත මම ඇහුවා. හුගක් සින්දු වල අයිතිකාරයා එයාම නේ.. කව්රු කෝම කිව්වත් සන්ෆලවර් රැල්ලට නියමෙට මැච් උනේ කල්දෙරායි, ජෝතියි තමා..

    ReplyDelete
    Replies
    1. අම්මප සහතික ඇත්ත මේ කියන්නේ. හෙඩිමයි, කැප්ෂන් ඩිංගයි පින්තුරෙයි දැක්කම මට මතක් උානේ කල්දේරගේ සින්දුව. ආවම නේ දන්නේ වැඩේ.. හැක්.

      Delete
    2. හැක් ...හැක් ..... ස්තුතියි ඇවිත් ගියාට

      Delete
  5. මිදුලේ සුදු වැලි තලයේ පද රචනය හෙන් රි කල්දේරා මහතාගේ නොවෙයි.


    මෙතැනින් බලන්න.

    හොඳ ලිපියක්. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඒ සින්දුව ලිව්වෙ කල්දේරා කියලා මම කියලා නැතෝ. පද, තනුව ගායනය තුනම ඔහුගේ සින්දූ වල මම ඒක ලියලා තියනවෝ..ලිපියේ පැටලිලි සහගත දෙයක් ඇත්නම් සමාවෙන්ඩෝ

      Delete
  6. හෙන්රි කල්දේරාගේ සන්ෆලවර් එක්ක කරපු කැසට් එක පට්ට ගැහුවා ඒ කාලේ.. මං හිතේ කන විදින වෙලේ ගැන කලිනුත් කථා උනා

    ජ ය වේ වා!!!

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව්....විදානේ කන විදින වෙලේ ගැන කලින් මතක් කලාම තමයි කල්දේරා ගැන ලියන්න හිතුනේ...මාධ්‍ය වලින් අඩු සැලකිලි ලද ගායකයෙක්.....

      Delete
  7. ඔහු ගැයූ බොහෝ ගී මා දන්නා පරිදි ඔහුම ලියූ ඒවා. සුවිශේශී දක්ශතා ඇති කලා කරුවෙක්. ඔබේ ලියවිල්ලත් අපූරුයි. සුභ පැතුම්.

    ReplyDelete
  8. අපූරු පද ගැලපීමක් කැලුම්,80 දශකයේ උපන් අපි තමයි කල්දේරාව දන්න අන්තිම පරම්පරාව.
    දැන් ඉන්න තරුන පරම්පරාව රස වින්දනය මොට වුන කන්ඩායමක් බවයි මගේ හැගීම​.ඔවුන්ට උවමනා වන්නේ ශබ්ද රසය පමනයි.මේ ඛේදවාචකයට මා‍‍ධ්‍ය වගකිවයුතුයි.

    ReplyDelete
  9. අැගයිය පුද්ගලයෙක් ගැන කතා කිරීම ගැන සතුටුයි.. අැත්තට ම හිටපු අහිංසක ගායකයෙක්.... ඒත් කටුක ජීවිත කතාවක් තිබුණා කියලා විතරක් දන්නවා... මෙයින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..... ස්තූතියි...............

    ReplyDelete