Tuesday, May 15, 2018

එන්න ...පව්කාරියට ගල් ගසන්න....




ඉහට උඩින් ඉර.... හෙවනැල්ලත් පෑගෙනවා.
නලල දිගේ ගලාගෙන ආපු දාඩිය පිටි අත්ලෙන් පිහින ගමන් තවත් හයියෙන් දරුවව අල්ලගත්ත... 
අලුත උපන් කිරි දරුවට අව් රැල්ලක්වත් වැටෙයි කියල පැනල් කෑල්ලකින් වහගත්ත කුමුදු ඉක්මන් ගමනින් බස්ටෑන්ඩ් එක පැත්තට ගියා... 
හොඳ වෙලාවට කොලඹ බස් එකක් පිටත් වෙන්න හදන්නෙ... 
මේ බස් එකේ ගියොත් ඊලඟ ටව්මෙ තියන ලොකු ඉස්පිරිතාලෙට පැයකින් විතර ගියෑකි... 
නැත්නම් දරුව අඬන්න ගනී හාමත් වෙලා....

ජනේලයක් අයිනෙ ඉඳගත්ත ඇය ජනේලෙන් එලිය බලනවා.... 
මාස ගානකින් වැස්සක් වැහැල නැති,දූවිලි වැකිච්ච ගස් ගල් ගෙවල් පහුවෙනව... 
ඇගේ හිත මාස ගානක් ආපස්සට යනවා...

කසාද බැඳලා ..හීන ගොඩක් පුරෝගන ඔහුත් එක්ක ආපු හැටි.... 
අවුරුදු විසි තුනක් තමන් හිටපු ගෙදර.. අම්ම තාත්තා... එකම සහෝදරයා .... ඒ හැමෝගෙන්ම වෙන් වෙලා... 
අලුත් කැදැල්ලක් හදන්න.. අලුත් නෑයො අතරට ආපු හැටි....
මගුල් දවසේ ඔහු ඇයගෙ කනට කරල ආදරෙන් කිව්වදේවල්....

" සුදු මැනිකෙ.... මට දඟකාර පැටව් තුන්දෙනෙක් ඕනැ...."
ඇය කෝල බැල්මක් හලල හිනාවුනා....

ඇහිදාර වලින් වාන් දමපු කඳුලු බින්දුවක් කඩා වැටුන බිමට... 
ඇය පියවි සිහියට ඇවිත් බැලුවා... කඳුලු බින්දුව වැටුනෙ පුන්චි එකාගෙ ඇඟටද කියල... 
නෑ... පොඩි එකා තද නින්දෙ... හාමත් වෙලාවත්ද... ඇගේ හිත බයෙන්.... පුන්චි රෝස පාට කම්මුල් වලට හාදුවක් දුන්න දරුවගෙ.... 
බස් එක රේස් එකක්... තවත් බස් එකක් එක්ක... 
අපි හැමෝම .... වෙන වෙනම රේස් වල නේද කියල ඇයට හිතුන....

ආයෙත් හිත අතීතයට දිව ගියා...
කසාද බැඳලා අවුරුද්දක්ම යනකන් දරු පැටියෙක්ගෙ බර දරන්න නොහැකි උන නිසා... නැන්දම්මා ඇනුම්පද කියන එකත් ටික ටික වැඩි වෙන්න ගත්ත. 
අහල පහල උන්ටත් වෙන වැඩ නෑ... අපිට ලමයි හම්බවෙනවද කිය කිය හොයනවා ඇරෙන්න.... 
මුල් දවස් වල සුදු මැණික කියල කතා කරපු මනුස්සයත් නිතර නිතර රන්ඩු වෙන්න ගත්ත...රුස්සන්නෙ නෑ වගේ. 
සුදු මැණික කියපු කටින්ම කණවැන්දුමී කියල අහගන්න තරම්.... 

හ්ම්..

ඇයගෙ දුක දැකලද කොහෙද අන්තිමට දරු සම්පතක් බඩට ආව... නැන්දම්මගෙත් දැන් සැලකිලි... මනුස්සයත් දැන් ආදරෙයි..ආයෙත්.... ඒත් ඒ වාසනාව තිබ්බෙ මාස තුනයි.... 
දවසක් උදේ රතුපාට ලේ කැටියක් වගේ ඒ වාසනාව ඇගෙන් ගිලිහිලා තිබ්බා.....

" ඉඳල ඉඳල දරුවෙක් බඩට ආව විතරයි... ඒකත් මාස තුනෙන් ඇබෝසන්.... මූසල කම තමා... වෙන මොකක්ද..." 

නැන්දම්මා ඇහෙන නෑහෙන ගානට කියන ඒවා... තමන්ගෙම මනුස්සයා පොකුරු පිටින් මූණටම ගහල දාන්න පටන් ගත්ත....

හ්ම්... ජීවිතෙන් වැඩක් නෑ කියල හිතුන වාර අනන්තයි....

කොහොම හරි තවත් මාස අටකට පස්සෙ ඔන්න ඇයට වාසනාව පහල උනා... තව දරුවෙක් බඩට ආව....

" ඉස්පිරිතාලෙ ගාව බහින අය බැහැගන්න ඉක්මනට" කොන්දොස්තරගේ හඬින් පියවි සිහියට ආපු ඇය වටපිට බැලුවා .... ඉස්සරහින් පේන්නේ ලොකු ඉස්පිරිතාලේ... කලබලේට දරුවාගේ කකුලේ මේස් එකකුත් බිම වැටුන..ඇය ඉක්මනින් බැහැගත්තා...

මහ ඉස්පිරිතාලෙ ගේට්ටුව ලඟ වැඩ ඉන්න සුදුපාට බුදුපිලිමේ ඇය දිහා බලාගෙන ඉන්නව වගේ ඇයට දැනුනා... ඇයට ඔලුව උස්සල බුදුපිලිමේ මූණ බලන්න බෑ වගේ... එතනින් ඉක්මනට අඩිය ඉක්මන් කරල ඕපීඩී එක ගාවට ගියා... 

" බබා හම්බ වෙලා සති තුනක් වෙනවා.... හරියට කිරි නෑ ඩොක්ට...."

" බයවෙන්න එපා.... අපි කිරි කාමරේට යවන්නම්... එතනදි මිසීල කියල දෙයි කිරි දොවන විදිහ" ඕපීඩී එකේ හිටපු තලත්තෑනි දොස්තර මහත්තයා ඇයව කිරි කාමරේට යැව්වා... 

"අම්මට කිරි බින්දුවක්වත් නෑනෙ... බේබි කාමරේ ඩොක්ටර්ට පෙන්න ගන්න... නැත්නම් බබා කහපාට වෙයි" කිරි කාමරෙන් බේබි කාමරේ ගාවට යැවුන ඇය...

"අනේ මිසී... එහෙනම් මාවයි, දරුවවයි වාට්ටුවෙ නවත්තන්න... දවසක් දෙකක් හිටියම මට කිරි දෙන්න පුලුවන් වෙයි... බැරිම උනොත් කිරිපිටි වත් දෙන්න බැරියැ..."

"නෑ... නෑ... ඊට කලින් බබාල බලන ඩොක්ටර් ට පෙන්නල ඉන්න ඕන... අම්ම එතෙන්ට ගිහින් එන්නකො"
මේ මිසීගෙන් නම් බුරුලක් නෑ වගේ... ඇය තනියම හිතුව....

බේබි කාමරේ හිටියෙ පුන්චි දොස්තර නෝන කෙනෙක්.. ඇය බබාව හොඳට බලලා අම්මා දිහාවට හැරුනා..." බබාට වයස කීයද අම්මා... දවස් දෙකද...තුනද..."

"දැන් සති තුනක් වෙනවා ඩොක්ටර්, මට කිරි නෑ... දරුවට මොනවහරි පිටි ජාතියක් ලියව ගන්න කියලා"

" සති තුනක්... " ඩොක්ටර් එහෙම කියල දරුවා දිහා බලාගෙන ඉන්නවා....

එතන ඉඳන් ගෙවුන පැය තමන් ඉපදුන දා ඉඳන් ගෙවිච්ච කෙටිම පැයද... දිගම පැයද කියල ඇයට නිච්චියක් නෑ....
දරුවා බේබි කාමරේට ඇඩ්මිට් කරා.. 
ඇයව යැව්ව වාට්ටුව්ට... 
ඇස් වල පිරිච්ච කඳුලු අතරින් ඇය දැක්ක වාට්ටුවේ දොර ගාව මුර කරන පොලිස් කාන්තාව....
එහා පැත්තෙ ඇඳේ ... තවත් දරුවො වදාපු අම්මල තුන්දෙනෙක් කතාවෙනවා... 
මෙහෙම....


"ලමයි නෑ කියල මිනිහයි, නැන්දම්මයි ගහනව බනිනවලු... කලිනුත් එකක් මාස තුනෙන් ඇබෝසන් වෙලා.... මේ පාරත් එහෙමලු.... ඊට පස්සෙ ගෑනි බඩේ රෙදි ඔතාගෙන රඟපාලා... දින හරියද්දි මහ ගෙදර ඇවිත් නැවතිලා... ඊට පස්සෙ දරුව හම්බවෙන්න යනව කියල එහා ටවුමෙ ඉස්පිරිතාලෙට ගිහින්... එහෙ අම්මෙක්ට ඊයෙ ඉපදුන ලමයෙක් අරන් පැනලා... ඔය දවල් නිවුස් වලටත් කිව්වෙ අලුත් උපන් දරුවෙක් අතුරුදහන් කියල... ගෑනි මෙහෙ ඇඩ්මිට් වෙන්න හදලා කිරි නෑ කියල... දොස්තර නෝනට කියලා සති තුනයි කියලා... ඒත් නෝනා අදුරගෙන දවස් දෙකක බබෙක් කියල....."

කුමුදුගේ ඇස් ආයෙත් බොඳ උනා... ඒ කදුලු අතරින් පෙනුනා තමන්ගෙ මනුස්සයා නැන්දම්මත් එක්ක එනවා.... හෙට මේ දෙන්නව ගෙන්නගෙන ...මෙහෙන් ටිකට් කපාගෙන මෙහෙ බබා හම්බ උනා වගේ යන්න තිබ්බ නේද කියල ඇයට මතක් වෙලා ඇස් ආයෙත් බොඳ උනා.....

එතන හිටපු ගොඩක් දෙනෙක්... අම්මලා... ඇයට දොස් කිව්වා.... බැන්නා... අපහාස කලා..... 
මට තාමත් හිතාගන්න බෑ.... 
ඇය තවත් ගෲශා කෙනෙක්ද කියල.... 
ඒත් මම එකක් දන්නවා..... ඒ ඇයගේ වැරැද්දක්ද..... 
මෙතන ඇත්තම් වැරදිකාරයා කවුද.... 
ඔබේ පපුවට තට්ටු කරල අහන්න.... 
මෙහි නම් ගම් මනක්කල්පිතයි.. ඒත් මේ සිද්දියේ මූල බීජය මෑත ඉතිහාසයේ මේ පින් බිමේ කොහේ හෝ තැනක් සිදු උනේ නෑ කියල මම කියන්නෙ නෑ.... මගේ පරිකල්පනයන් අඩු වැඩිය එක්කලා.... ..

මේ ගීතය මෙතෙන්ට ගැලපෙන්නේ නැතුව ඇති... ඒත් මගේ මතකයට ආවේ මේක...
අහල බලමු...
මේ නීලා වික්‍රමසිංහගේ හැඬුම්බර හඬ....
ඊට පස්සේ හැමෝම එන්න මගෙත් එක්ක... 
පව්කාරියට ගල් ගසන්න....

දරුවෝ ඇති අම්මාලා
දරු සුරතල් පෙන්නාලා
හඬවා නෙත මා සිත පාරනවා
දරුවෝ නැත මා පතලා
දරුවෝ නැත මා පතලා

හඬනා කිරි දරුවෝ
තුරුල පුරා පැතුවා
පව් පුරවා සංසාරෙන්
මවු පදවිය නැතුවා

කුරුළු මුවෝ සතුනේ
දරු සෙනෙහේ විඳිනා
මිනිස් බවේ මහිමේ මගේ
මට දරුවෝ නොදෙනා




5 comments:

  1. මේ වගේ කතා අහද්දි මට හැමදාම හිතුණ දෙයක් මේක. ඒ අය පව් කියල.
    එක පාරක් ජපුර හේමන්ත සර් ගෙ වෝඩ් එකේ හිටියා pseudopregnancy එක්කෙනෙක්. එයා ඇත්තටම pregnant නෑ කියල සර් කියද්දි එයාගෙ මූණට ආව පෙනුම මට තවම අමතක කරන්න බෑ

    ReplyDelete
  2. 888 Casino New York - MapyRO
    888 Casino New York. 3131 New York Blvd New York, NY 12799. Map. Address: 0.0.0.0. 아산 출장마사지 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 속초 출장샵 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 서산 출장안마 0.0. 양주 출장안마 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 0.0. 김천 출장샵 0.0.

    ReplyDelete