Sunday, July 13, 2014

මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

ගීත කියන්නේ මහා පුදුම දේවල්...
මෙහෙම කියන්නේ මම නෙමේ "රෑ ඉරපානේ " බන්දුල නානායක්කාරවසම්....
.ඒක කොච්චරක් ඇත්තද....ගීතයක් අහනකොට මටත් දැන් නිතරම මතක් වෙනවා..... ඒක ......

සමහර ගීතවලට සවන් යොමාගෙන ඉන්නකොට කෙනෙකුට මැවිලා පෙනෙන දේ නෙමෙයි...වෙනත් කෙනෙකුට පෙනෙන්නේ....

මේ ගීතයත් එහෙම තමයි.....

මේක ඔබ...මම ...හොඳට අහල පුරුදු ගීතයක්... කලෙක ප්‍රේම කල දෙන්නෙක් සමාජයේ නොයෙක් විෂමතාවන්.....වැරදි නිසා ......

ඔවුන්ට එක් වන්නට නොහැකි වෙලා.....තරුණිය මග තොට යනකොට දකිනවා ඔහුව.....තමන්ගේ හිටපු පෙම්වතාව......ඇයට හිතෙන දේ තමයි

විශාරද නන්දා මාලිනීය මේ ගයන්නේ .... එහෙම තමයි මම හිතාගෙන හිටියේ....ඔබත් එහෙම වෙන්න ඇති තක්කෙටම.....
පද රචනය කලේ සුනිල් ආරියරත්න, සංගීතය එච්. එම්. ජයවර්ධනගෙන්

කඩ මණ්ඩියේ දොළ අයිනේ නුඹව පෙනී
නැවතී බලනවා මොහොතක් කොහොම හරී
කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී
දාහක් දේ තිබේ කීමට බැරිව වැසී

ගහ කොළ වලට දාහක් ඇස් ඇති හින්දා
සුළඟට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත්ම නුඹ මට නොලැබෙන හින්දා
මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා

සයුර මොටද දිය දෝතක් බොන්න බැරී
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරී
දෑස මොටද සිතුසේ දැක ගන්න බැරී
කුසුම මොටද ලංවී රොන් ගන්න බැරී




නමුත් මගේ හිතවතෙක්/හිතවතියක් මට කිව්වා මෙහෙම....දවසක් අපි කතා කර කර ඉන්න කොට.....
සින්දු ගැන....

අයියේ...මමනම් ඉස්සර ඉඳන්ම මේකේ තේරුම හිතාගෙන හිටියේ මේ විදිහට......

..............

ඔහු/ඇය මට කිව්ව තේරුම මම කියන්නම් .....ඔබත් මෙහෙම හිතල බලන්න...

මේ දෙන්නා කවදාවත්ම ආදරේ ප්‍රකාශ කරලා නැහැ...... ඔන්න අහගන්න ...පෙම්වතිය කියන කතාව......

මම සිතින් ඔබට පෙම් කලෙමි.....ඔබද එසේම සිතින් මා හට පෙම් කරන බව දනිමි.....නමුදු ඔබ කිසිදින ඔබේ සිතැඟි මා හට පවසා නැත.....මාද මගේ ප්‍රේමය වචන වලට හරවා නැත්තෙමි.....සමාජ සම්මුතීන් අනුව අපට එක් විය නොහැකි බව දනිමි....අඩුම තරමින් පෙම් කිරීමටද නොහැකිය.... සිතින් උපන් පෙම් පියුම සිත් විලේම පරවන්නට ඉඩ හරිනු මිස........
හ්ම්......

මඟ තොටේදී ඔබව දුටු විට මදක් නැවතී බලනවා හැර කුමක් කරන්නද......දාහක් දේ ඇත ඔබට කියන්න.......එහෙත් සමාජ සම්මුතීන් නම් වැට ......සිත වටකර බැඳ ඇත.....
අප කතා කලොත් දෙනෝදාහක් ඇසට....කණට .......අප හසුවේවි......
කයි කතන්දර හැදේවි........බිත්ති වලටත් කන් තියනවලු......ඉතින් ගහකොළ වලට...සුළඟට නැති වේවිද......
අප කතා කලත්......මොහොතක්...වචනයක්....දෙකක්.....පැයක් ......අන්තිමට මොකද වෙන්නේ.......
කවදාවත්ම ඔබ මට හිමි නැති හින්දා...........වචනක් දෙකක් කතා කරලා අපි අපේ හිත් රිදවන්නේ ඇයි .......
දිය පිපාසෙන් මා සිටියත්.....ඔබ මහා සයුරයි.......පවස නිවන දිය පොදක් නොවී......මහා සයුරක් වුයේ ඇයි .....
මහා දියඹ ජයගන්නට නොහැකි නම් ඔබ ඔරුවක් වීමෙන් ඇති පලය කීම.....
මගේ සිතැඟි...දැකගන්නට නොහැකි නම් ඔබ කොච්චර ලස්සන දෑසක් උනත්......
ලංවෙන්නට ........තුරුලේ උණුසුම ලබන්නට .......රොන්ගන්නට බැරිනම්......මලක් වීමෙන් කුමන පලයක්ද...නුඹ......
කිසිදා ලංවිය නොහැකි......සමාජ සම්මතයට පටහැනි.........පෙමක්ද මේ........
හිතන්න ඔබත්........
මට මතක් වෙනවා නාරද දිසාසේකරගේ ගීතයක්......

මේ භවයෙදි මුළු දියදායේ
එකතු නොවෙනු ඇත අප ආයේ
පවස නිවන දිය පොදක් නොවී ඔබ
ඇයි මහ සාගරයක් වූයේ

ඔබ ගැන ඉපැදෙන සිතුවිල්ලේ
අවසන මුල වේ ලතැවිල්ලේ
වෙරළෙහි ගල් පරයක් විය හැකිනම්
තෙමුණත් ඇත කරදිය වැල්ලේ



.......ඊළඟ ආත්මෙදිවත්.....ඔබයි මමයි හමුවුනොත්.........
මොකද හිතෙන්නේ ඔබට......ඔබේ අදහස ලියන්න......පහල comments තීරුවේ ......
ඔබටත් එහෙම දැනෙනවද.......
මේ ගීතය අහද්දී....

No comments:

Post a Comment