Sunday, June 29, 2014

ආල වඩන යන තේරුම බෝසත් කම සකි................

කාලෙකින් මොනවත් ලියන්න බැරි උනා. හිතවතුන් හිතවතියන් මතක් කරලා දුන්න ගීත නම් ගොඩයි. ඒත් මේ වැඩත් එක්ක කොහෙන්ද වෙලාවක්. හ්ම්
මේ කියන්න යන කතාව ටිකක් විතර පරණයි.....නමුත් මේක කවදාවත් පරණ නොවන .....සදාකාලික සිතුවිල්ලක්.......
දිනය නමසිය හැත්තෑ හයේ අගෝස්තු විසි හය.., 

ඩබ්.ඒ.බී. ද සිල්වා ගේ අදියුරුවමින් ඔපවුණු බයිස්කෝප් එකක් හෝල් වල දුවන්න ගත්ත.
තිර රචනය දයා රාජපක්ෂගේ. 
ප්‍රධාන චරිත පන පෙව්වේ....සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමඟ සුවිනීතා අබේසේකර. 
ඔව්....සුභා විදිහට රඟපෑවේ සුවිනීතා අබේසේකර. 
ඊට අමතරව ටෝනි රණසිංහ, ධර්ම ශ්‍රී මුණසිංහ, රෙක්ස් කොඩිප්පිලි, එඩි ජුනියර්, පර්ල් වාසුදේවි , දෙනවක හාමිනේ, ජයසේකර අපොන්සු, සොමී රත්නායක, අග්රා සජීවනී, සරණපාල සූරියආරච්චි.....ආදී මෙකී නොකී අය පන පෙව්වා........මේ බයිස්කෝප් එකට.... 
සංගීත අදියුරුවම වික්ටර් රත්නයකයන්ගෙන්....සුනිල් එදිරිසිංහ ජනප්‍රිය චිත්‍රපට පසුබිම් ගායකයෙක් උනෙත් මේ බයිස්කෝප් එකෙන්.... ඊට අමතරව ලතා වල්පොල, බන්දුල විජේවීර ආදීනුත් සින්දු කිව්වා.......මේක කලුසුදු බයිස්කෝප් එකක්....
හ්ම් ..........
වැල්වටාරම් ඇති.....ඔබට මගෙත් එක්ක තරහ ගිහිල්ලත් ඇති......හැමදේම කියනවා......තාම නම කිව්වේ නැහැ.......ඔව්...

හුලවාලි.......
ඒ හුලවාලි බයිස්කෝප් එක...........


මේ ඔහුගේත් ඇයගේත් කතාව.......
ගිනිගහන මද්දහනේ අව් කාස්ටකේ දඩමන් දිගේ ඇවිද්ද මම.....ගතටවත් හිතටවත් කිසිම වෙහෙසක් දැනුනේ නෑ මයෙ රත්තරං ..........
උඹ ගැන හිතේ පිරිච්ච අඟැලුම් කම විතරයි මයෙ හිතේ තිබ්බේ......උඹේ කරට රිදී පොටක් ඇරන් දෙන්න තමයි........හ්ම්
එත් ......මයෙ පපු කැනැත්තේ ඇති වෙච්ච ආලවන්ත කම් තේරුම්ගියේ නැත්ද........
මට මතකයි උඹව සහේට ඇරන් මගේ පැලට කැන්දන් ආපු දවස......මල් ගෝමර වැටිච්ච ලමැද වහගන්ට උඹට ඇරන් දුන්නු නිල් පාට මල්මල් චීත්තෙ මතකද.......සුභා ......
සීවරන් දෙයි හාන්දුරුවනේ ......තුන් හිතකින් වත් හිතුව යැ..............ඇය ගියා ......ඒ චීත්තෙන්ම ලමැද වසාගෙන......ගියා ......
රිදී පොටක් ඇරන්දෙන්ට වත් ඉස්පාසුවක් නැති උනා නෙව.......හ්ම්


ආල වඩන කියන අකුරු පහේ තේරවිල්ල තේරෙනවද.......
කමක් නෑ ........ ඕං අහල බැලුවනං............


කුඩා ගමේ මද්දහනේ අවු රස්නේ නිවා
හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් පළඳන්නයි සුබා

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සළුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි

ධර්මසිරි ගමගේ ශූරින් පද රචනය කළ වික්ටර් රත්නායක ශූරින් තනු රචනය කල මේ සදාකාලික ගීතයේ හඬ සුනිල් එදිරිසිංහයන්ගෙන් .........

බයිස්කෝප් එකට මේ සින්දුව පටිගත කල වෙලාව මම ඔබට මතක් කරන්නම්......චුට්ටක් හිතල බලන්න මේ වාදන වෘන්දය ගැන........
වයලින් ගැහුවේ.....එම් .කේ .රොක්සාමි, අමරසිරි පීරිස්, ඩී.ඩී.ගුණසේන.....
හර්මෝනියම් ....ඒලියන් සොයිසා........
සෙලෝ.....සෝමපාල රත්නායක.....
බේස්.....නසාම් මනික්කවසගර්
බටනලා......එම්.ඩබ්. පීරිස්.....
බොක්ස් ගිටාර්.......ඩයමන්ඩ් පෙරේරා....
සිතාරය......වයි.එම් .සුමනසිරි.....
Oboe......නූර් මොහොමඩ්.......
Shanai......වික්ටර් පෙරේරා.....
තබ්ලා......විජේරත්න....
උඩැක්කි .....රෝහණ බෝගොඩ......
Clappers......පාලිත.....
Sticks ............ස්ටැන්ලි

කොහොමද වැඩේ........


හ්ම්.....

කොහොම හරි අන්තිමට එක තේරවිල්ලක් ඉතිරියි........කවදාවත්ම කාටවත් විසඳිය නොහැකි තෙරවිල්ලක්ද එය.......
ආලවඩන අකුරු පහේ තේරවිල්ල.......

දැන් ඉතින් රෑට තනි පැදුරේ ඉඳන් මදුරුවෝ තලතල දකින හීනයක්ද......ආලවන්තකම.....
ආලය බිඳුණු කල ඇයි .......කඳුළු සලමින් අඩන්නේ........ඒක බෝසත්කම වගේ පිවිතුරු දෙයක්.......හැමදාටම හදවතේ කොනක හීන් රිදුමක් ගෙනෙන......
හ්ම්....


ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි
ආලේ බිඳුණු දා කුමකට කඳුළු හෙළනු සකි
ආල වඩන යන තේරුම බෝසත් කම සකි


ඇස්දෙක පියාගෙන අහල බලන්න ඔබටත් පේනවද කියල සුභා යන්න යනවා....... .......බිබිලේ ඇත්තෝ එක්ක...ධාරා අතහැරලා.........

ප්‍රේමය යනු කිසිත් ආපසු බලාපොරොත්තු නොවී පිදිය යුතු දෙයක්මැයි ......එය බෝසත් කමකි......






බයිස්කෝප් එකේ ඔරිජිනල්ම සින්දුවේ ලින්ක් එක මෙන්න

No comments:

Post a Comment