Wednesday, December 17, 2014

නොබා සොඳුරිය අරිනු මැන දොර...............



සිහින් ඉකිබිඳුමක් ඇහෙනවා....
හිත ගැස්සෙනවා තමයි....
ඒත් ...මේ මගේ දෛවය ......
මහා රාවණා පරපුරේ තල්පතින් හැමදෙයක්ම ලැබුන තමයි...ඒත් .....කල කර්ම විපාක දෙන්නත් එපැයි .....
ඇතින් ඇහෙනවා ඝෝෂාව......මිනිස්සුන්ගේ කෑගැසීම්....හ්ම්...
තව දුරටත් මාලිගාවට වෙලා ඉන්නේ කොහොමද.....
මාව නවත්තන්න එපා සොඳුරිය.....
ඇහෙනවද යාන් ඔය පැත්තේ කෝලාහල.....
දොර ඇරලා මට යන්න දෙන්න....මේ සීගිරි ගලෙන්...මාලිගාවෙන් එලියට.....
පුර පෝය හඳ එළියේ පර්වතය මුදුනේ....
මාලිගාවේ සඳලුතලයට එහා.....සුදුපාට කුමුදු මල් පිපෙන හැටි...නුඹ ඒ කුමුදු මල් අතර කුමුදු මලක් වගේ ඉඳන් ගී කිව්ව හැටි....මට මතක තියේවි මම මැරුණත්...... මට නම් ඉතින් අයෙ අහන්න වෙන එකක් නැහැ....

ඔන්න ඉතින් ආයෙත් අඬනවා ........
මම මළත් මොකද....
මගේ මතකය තියේවි ඔබ ළඟ.....

හ්ම්....කෝ අහන එකක්යැ .....

මම අල්ලගත්ත ඇගේ සියුමැලි අතින්.....

"එන්න යන්න....."

ආව ගල මුදුනට..... පුරා හඳ පායලා අහසේ...පෝය ගෙවිල දෙතුන් දොහයි නොවැ ......
කුමුදු පොකුනෙත් හඳ ඉන්නේ.... 
මම හැරිලා බැලුව..ආ මේ මගේ ලඟත් හඳ ඉන්නේ.....
ඒත් හඳ වලාකුළකින් වැහෙන්න වගේ අඳුරු වෙලා......

හ්ම්.....

මාලිගාවේ සඳලු තලයට එපිටින් බිත්තියේ ඇන්ද සිතුවම පෙනෙනවා...
ඒ ඇයමයි.
ගල් බිත්තිය පුරාවට ඇන්ද ඔබේ රුවේ තීන්ත වෙලිලත් නැතුව ඇති තව...
ගිය පෝයට පිදුරංගල පන්සලට යනවා දැකලනේ ඇන්දේ 
මම......
හ්ම්..... 
ඇතින් එලි පෙනෙනවා දිගට ...... 
යාන්ඔය ඉවුරේ වගේ......


මන් ගිහින් එන්නම්..... හිමින් සැරේ ඒ නළලත සිප ගත්ත....

"මම මුගලන් අයියන්ඩිට කතා කරන්නද....."
ඇය අහනවා...

"එපා...මුගලන් මල්ලි උනත්....හ්ම්....."

ඇය දොර ඇරිය ......මම නැග්ග සෝපානයට පහලට බහින්න.....
අතර මගදී හැරිලා බැලුවේ නැහැ....
ඒ නිල්වන් ඇස් දැක දැක කොහොමද යන්නේ.....
මගේ මරණය නියතයි අද.......
හ්ම්
....................................
......................................
නින්දත් නොනින්දත් අතර හිටි මම ජනේලෙන් එලිය බැලුව..... ට්‍රිප් එක අනිත් අය තවම සීගිරිය බැහැල නැහැ....
මම වෑන් එකේ රේඩියෝව කැරකෙව්වා .......
මට ඇයව මතක් උනා.... සියවස් ගානකට පස්සේ........

රේඩියෝ එකෙන් ඇහෙන්නේ සුනිල් එදිරිසිංහගේ හඬ.....
රශ්මි සංගීතාගේ හඬත් ඇහෙනවා...ඇගේ හඬ වගේම තමයි.....
ගී පද ආචාර්ය ප්‍රශාන්ත පෙරේරාගේ බවත් ආචාර්ය රෝහණ වීරසිංහ තනුව දැම්ම කියලත් මම කලින් අහල තිබ්බ.....

හ්ම්.....



නැඟෙන රණහඬ යාන් ඔය බඩ
පෙරමුණට මා කැඳවතේ
නොබා සොඳුරිය අරිනු මැන දොර
විසල් සීගිරි පුරවරේ....

සරා සඳරැස් වැටී විකසිත
කුමුදු විල ගිරි හිස මතේ
ඉවුර මත හිඳ ඔබ ගැයූ ගී
යළි ඇසේවිද කිසි දිනේ....

තෙලිතුඩින් මා මැවූ ඔබෙ රුව
ගිරි බිතේ සුකොමළ ලෙසේ
රකී මගෙ නම මිය ගියත් අද
නිවෙන තුරු හිරු කප් අගේ...


4 comments:

  1. වෙනස් ආරක හිතිවිල්ලක්...
    අපූරුයි කළුම් අය්ය
    ජයවේවා

    ReplyDelete
  2. මම ආසම ගීතයක්. ඒත් ඒකෙ මැද්දෙ තියන සංගීත ඛණ්ඩය දුක්බර බවකට වඩා , ප්‍රීතිමත් නැ‍ටුමකට ගැලපෙනව කියල මට නිකම් හිතුණ.

    මේ මැද්දෙන් පොඩි ඇඩ් එකකුත් දාන්න ඕනා මගෙ බ්ලොග් එකට. මේ කාලෙකට කලින් ලියවුණ එකක්
    http://lokayekonaka.blogspot.com/2012/09/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. ආ උදුලා දේවිට මතක් වෙලා වගේ අතීතේ

      Delete