Monday, February 2, 2015

දොස් - තොර

නයිට් කඩේ ළඟ .....
කොත්තු ලෑලිබඩ
චම්පයි... රේඛයි ...හමුවී හවසක ....


උණ වැඩි හන්දා. බෙහෙතුත් ගත්තා
හංදියේ දොස්තර ..යකෙකි සල්ලි කන..

රුපියල් එකසිය හැටක්ම ගත්තා
දෙජාතියයි පෙති...දුන්නේ බොන්නට...

චම්ප කියනවා..රේඛ අහනවා....
හෙණ හත වදින්න ඕනෑ ඕකට

කොත්තු කඩේ කොලුවා කෑ ගැහුවා
කොත්තු තුනට හත්සිය පනහයි බිල....

කොත්තු රෑට වෙනසකටත් එක්කල
චම්ප හිනාවී හැඹිලිය අදිනව .....


5 comments:

  1. කැලුම්..............................

    කවියට ඒකගයි..... ඒත් වෙෙද්‍යවරු පුද්ගලික බෙහෙත් ශාලා කරන අාකාරය සහ ඔවුන් ඒහිදී කරන සියලු ක්‍රියාවන් ගැනත්, තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් රෝගීන් භාවිතා කරන අාකාරය ගැනත් කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත් කිය යුතුමයි කැලුම්..............

    ReplyDelete
  2. Yes, but they are only 6% of total doctors

    ReplyDelete
  3. කොත්තු වෙනුවට පිට්සා ආවා නං කෝමද??

    ReplyDelete
  4. This is the reality Kelum,you have nailed it beutifuly!

    ReplyDelete
  5. නියමෙටම කියල තියෙනවා! අදයි මේ බ්ලොග් අඩවිය දැක්කෙ. අපූරුයි!

    ReplyDelete