කාලගුණය ගැන කියද්දී මට කතාවක් මතක් උනා....
කියන්නද.....මතකය යනවා අවුරුද්දක් විතර අතීතෙට....
............................
................................
"ආ කසුන් අයියා...." හඬ ආපු පැත්තට ඔලුව හරවල බැලුව මම....
"නුවන් මල්ලි.....රෑට කාලද?"
"ඔව්....ඔව්....."
" ඉතින් ඉතින්......" මම ඇහුව.
"ඔයා නම් එල කොල්ලෙක් කසුන් අයියා....."
" ඒ මොකෝ...."
"නෑ .... අපි මෙහාට ආපුදා ඉඳල අයිය ඉතින් ගොඩක් උදවු කරානේ ...."
මේකා මොකද මේ මාව මුරුංග අත්තේ තියන්නේ....නිකමට හිතුන මට...
වවුලෝ රංචුවක් පොරකනවා....ක්වාටස් එකේ මිදුලේ මී ගහ මුදුනේ....මම එහෙමම එබිලා බැලුව.....දොරෙන් එලිය....වවුලෝ නෙමේ.....කාක්කෝ....
මී ගහෙත් නෙමේ....ගහ පාමුල....ලේනෙක්ගේ මළ කුණකට පොර කනවා......
" අයියා ... මම දන්නවද වැඩක්...."
නුවන් ඔහොම පටන් ගන්නේ මොකක් හරි ඕපාදූපයක් කියල මම දන්නවා
"එක්කොත් ඕන නෑ...."
"ඔව්...උඹ අකමැති නම් නොකියා ඉඳපන් " මම උත්තර දුන්නා .
" ඔන්න ඔහේ කියන්නම්.....අර මධු ඉන්නවා නේද....."
"මොන මධු ද බන්...."
"අර මධුෂානි"
"ඔව්"
" මාර බඩුවක් හරිද....පරිස්සමෙන් කතාබහ කරන්නේ...."
" ඒ මොකද?"
"පස්සේ කියන්නම්කෝ....දැනට ඇඩ්වයිස් එක මතක තියාගන්නකො...."
මගේ හිතේ කුතුහලයක් තියල නුවන් යන්න ගියා....
හ්ම්....
මම දොරෙන් එලියට බැස්ස....
ලේන් සිරුර කෑලි ...කෑලි වලට ඉරමින් කාක්කෝ පොර කනවා..... නුවන් කිව්ව කතාවේ තේරුම ගැන හිත හිත මම කාමරේට ආවා .....
මට මධුෂානිලා මෙහෙ වැඩට ඉස්ඉසෙල්ලම ආපු දවස් මතක් උණා.
මට මධුෂානිලා මෙහෙ වැඩට ඉස්ඉසෙල්ලම ආපු දවස් මතක් උණා.
"මාර බඩුව නේද බන්.....පට්ටයි....ආ..... පොඩ්ඩක් ට්‍රයි එකක් දාල බලන්න ඕන...." නුවන් ඔහොම කතා කිය කිය උන්නේ.....
" පට්ට කෑල්ලක් අයියා....." මගෙත් එක්කත් ඔහොම කිව්වා.....
ඔහොම ටික කාලයක් බැහැලාම නුවනයා ට්‍රයි කළා....
මොකක්ද මේ එක පාරටම වෙච්ච වැඩේ.... එහෙම හිත හිත මම නින්දට ගියා....
.....................................
..............................................
.....................................................
පහුවදා උදේ ආයෙත් නුවන් හම්බ උනා.....
" මතකයි නේද මම කිව්ව එක...."
"මොකක්ද."
"අර මම ඊයේ කිව්වේ..... එයත් එක්ක කතා කරනකොට පරිස්සමින්.....
කෙලින්ම කරට තමයි එන්නේ.....
දන්නවනේ ඉතින්...ඉතුරු ටික හිත ගන්න....."
මේකා මේ කියන මගුලක් කෙලින් කියන්නෙත් නෑ .....කාට හරි පදයක් හදන්න ඕක තමයි මුගේ ක්‍රමේ.....වටින් පිටින් වචන දෙක තුනක් කියල දානවා...එතකොට අහන කෙනා තියන උපරිම නරක දේ හිතාගන්න ඕන....
මේකා මේ කියන මගුලක් කෙලින් කියන්නෙත් නෑ .....කාට හරි පදයක් හදන්න ඕක තමයි මුගේ ක්‍රමේ.....වටින් පිටින් වචන දෙක තුනක් කියල දානවා...එතකොට අහන කෙනා තියන උපරිම නරක දේ හිතාගන්න ඕන....
"නුවන් කොහොමද එච්චර විස්තර දන්නේ..."
"අපොයි මම දන්නේ නැද්ද......මමත් ගැලවුනේ අනූ නමයෙන් ......." ඇහැකුත් ගහල කියපි මෙන්න....."
මට අසූ හාරදාහට තද උනේ එතකොට....
මූ කියන බොරු....මධුෂානි කියන්නේ හරිම ශෝෂල් කෙල්ලෙක්..ඕන කෙනෙක් එක්ක හොඳට හිනාවෙලා කතාකරලා, විහිලු කරලා ඉන්නවා...
ඒ උනාට ඒ ගතිය තේරුම් ගන්න බැරුව හෝ වැරදියට තේරුම් අරගෙන හෝ බොරුවට වැරදිලා වගේ පෙන්නගෙන මෙහෙම කතන්දර හදන එකනේ වැඩේ.....
මම මධුෂානිව හොඳට දන්නා අඳුනන කෙනෙක් හින්ද හොඳයි...වැඩිය අදුනන්නේ නැති කෙනෙක් එහෙම අහගෙන හිටියනම්.......
කෙල්ලෙක් හොඳට හිනාවෙලා කතාකලාම බහුතරයක් දෙනා හිතන්නේ "ආ මේක නම් සිරා බඩුවක්" කියල...
මේ සමාජේ ගොඩක් මානසික රෝගීන් හිතන්නේ දකින්නේ කාන්තාවකගේ සිරුරේ රාගය මිසක් ලස්සන නෙමෙයි.....
මම කටහඬ අවදි කළා.....
' ඈ ...බොල නුවනෝ..... තෝ හිතන්නේ මම දන්නේ නෑ කියලද.....ඒ කෙල්ල දැකපු දවසේ ඉඳන් ඇබළයා වගේ පස්සෙන් ගිහින්....ඒකි කැමති නෑ කිව්වම දැන් මඩ ගහනවා නේද.....යකෝ කෙල්ලෙකුට මඩ ගහන්න රිද්දන්න නෙමෙයි... ආදරෙන් හිත දිනාගන්න බලපන්....බැරිනම් සද්ද නැතුව හිටපන්.....ගෑනුන්ට පද හද හදා යන උඹලා නිකන් ගණිකාවෝ වගේනේ......"
නුවන්ගේ මූණ කළු උනා....වචනයක්වත් නොකියා යන්න ගියා.....තාප්පෙන් එහා පැත්තේ ලොතරැයි කූඩුවේ ජෝතිපාලගේ සින්දුවක් යනවා....මට මතක විදිහට ඒක ලිව්වේ අජන්තා රණසිංහ
මගෙ මිතුරෝ... මගේ මිතුරෝ....
නුඹ දන්නේ නෑ ලොවේ අඟනෝ සුන්දර වස්තු
මහ රාජ නිරින්දෝ දෙදණින් පාමුල රැන්දු....
මගෙ මිතුරෝ මගේ මිතුරෝ......
නුම දන්නේ නෑ ලොවේ අඟනෝ සුන්දර වස්තු
රජ සාලිය කුමරා එදා
පෙම් බැන්ද ඒ ලඳුන්.....
උදෙසාම කිරුළ අත්හලේ
මාලාට ආදරෙන්......
නැලවෙන්න ඕන නම් ලොවේ
ආනන්ද ප්‍රේමයෙන්......
සුකුමාර ලන්දු ලොව් හිඳී
මන මෝහනාවියන්.......
හද මා සැණකෙළි වෙස් ගනී
දුටුවාම රූ ලඳුන් ......
අමනාප මන්ද ලන්දු හා
නැතුවාද පෙම් හැඟුම්....
බිඳුනාද ප්‍රේම බන්ධනේ
පවසන්න යාලුවේ....
චපලයිලු ගෑණු ඒ උනත්
උන් දේවතාවියෝ.......
මේ වගේ උන් ගැන කලිනුත් ලිව්වා......ඔන්න පල්ලෙහා ඇති .....
මේ කතාව නම් සහතික ඇත්ත. පිරිමි කෙනෙක් විදියට මේක ලියපු එක ගැන සතුටක් දුකකුත් දැනුනා. සතුට දැනුනේ ඔබේ ඒ සංවේදී බව නිසා, දුක දැනුනේ ඔහොම කිව්වට හරියන මානසික තත්වයක් නැහැ පිරිමින්ගේ.
ReplyDeleteස්තුතියි ඇවිත් අදහසක් තියල ගියාට
Deleteඇත්ත කතාව. කොල්ලෙක්ගෙ බ්ලොග් එකක මෙහෙම ලියවුන එකයි වඩා වටින්නේ...
ReplyDeleteමගෙ මිතුරෝ... මගේ මිතුරෝ....
Deleteනුඹ දන්නේ නෑ ලොවේ අඟනෝ සුන්දර වස්තු
කතාව ඇත්ත.උත්සාහය වැරදුනාම අපහාස කිරීම බොහෝ දෙනෙක් කරන දෙයක්.කොහොම වුණත් කාන්තාවන් තමයි ලෝකය ලස්සන කරන "සුන්දර වස්තු".අයිති කර ගන්න බැරි වුණත් අපහාස නොකර රස විදින්න හැකියාව ඇති කර ගන්න ඔිනි.මිදි ඇඹුලයි තමයි කඩා ගන්න බැරි වුණාම.
ReplyDeletehmmmmmmmmmmmmmmm
Delete