Monday, September 14, 2015

ඔබ මිස මට කෙනෙකු කොහිද මේ ආත්මයේ....


ලොකු නිහැඬියාවකින් පස්සේ ලියන්න ඕන කියල ඉඳගත්ත....
ලියන්න දේවල් නැතුව නෙමේ....

හ්ම්....
ඒත් කොහොමද නොලියා ඉන්නේ...
මීට හරියටම අවුරුදු දහතුනකට කලින්......
ඇතුගල් පුරයෙන් පිටත් උනා බස් එකක්...සෙන්කඩගල පුරට යන්න.....
එක්තරා යුවතියක් යෞවනයෙකුගේ සුරත තදින් අල්ල ගත්ත.....මේ බස් එකේදී..... 
ඒ අල්ලගත්ත බැඳීම කොච්චර සවිමත්ද......
දෙන්න මදකට අත් අතහැරියේ 
සුදෝ සුදු මල් වට්ටියක් අතට ගන්න.....දළදා මාලිගාවට යන්න....
ඇය ඇඳලා උන්නේ ලා නිල්පාට ඇඳුමක්..හරියට නිල් අහසක් වගේ...... හැන්දෑවේ බහිරව කන්දට මුවාවෙන්න තතනන හිරු කැලුම් ඇගේ කෙහෙරැල්ලක් එක්ක දඟකරනවා .....
ඒ කෙහෙරැල්ලට යටින් මෝදු වෙනවා හිනාවක්.... නුවර වැවේ වලාකුල් බැම්මේ සුද පරාදයි.....
ඒ අල්ලගත්ත දෑත අල්ලාගෙන බොහෝ දුරක් ඇවිද්ද.... පේරාදෙණි වෙද බිම පුරාවට......

කාලය ගෙවිලා යන ඉක්මන....

සතුටින් උන්නු කාල වගේම දුක් දොම්නස් නහයටත් උඩින් ගිය දවස් තිබ්බ......
එහෙම දවස් වලට ගත සිත වාරුවට සැරයටිය උනේ ඇය .....
අටලෝ දහමින් පෘතහ්ජන සිත සැලෙද්දී ඔවුන් අත් අල්ලාගෙන ගියා ගැටඹේ පන්සලට....හිත නිවාගන්න...එහෙමත් නැත්නම් හවසට දළදා මාලිගාවට....

බෝ කොලයක් වෙන්නම් මම මහ බෝ මළුවේ
ඔබ නල මුදු සුවඳ වෙන්න මහමෙව්නාවේ..

පියගැටපෙළ වෙන්නම් මම සමනළ පද්මේ...
නෙලුම් මලක් වෙනවද ඔබ සාම විහාරේ...

වෑ කන්දක් වෙන්නම් මම තිසා වැව වටේ...
රන්දියවර ඔබ වෙනවද ඒ වැව් ඉවුරේ...

පිච්චමලක් වෙන්නම් මම හද සමන් වැලේ...
පුංචි පහන ඔබ වෙනවද මගෙ පහන් පැලේ ...මගෙ පහන් පැලේ ...

බෝ කොලයක්....

එක කඳුලක් වත් නොවැටෙන ලෙසට ඔබෙ නෙතේ...
මම කරුණා අහසක් වෙමි ඔබේ ජීවිතේ...

උතුම් පැතුම් ලෙසින් ලියාගම් ලයේ ප්‍රියේ..
ඔබ මිස මට කෙනෙකු කොහිද මේ ආත්මයේ....මේ ආත්මයේ....
බෝ කොලයක්....



පද පේලි ඇමුණුවේ සුජීව ප්‍රසන්නාරච්චි.... සංගීතවත් කොට ගයන්නේ වික්ටර් රත්නායක.....ගායිකාව කවුද කියල හරියටම දන්නේ නැහැ....ඒත් එක තැනක මම දැක්ක ගායිකාව නෙරංජලා මංජරී කියලා.....

කොහොමින් කොහොමින් හරි ඒ බැඳීමේ අග්‍ර ඵලය විදිහට ඔහුත් ඇයත් එක වහලක් යටට ආවා ..... ඊට අවුරුදු හයකට පස්සේ....

ඒ කතාව නවත්තමු පොඩ්ඩකට දැන්.......

රස්සාව කරන්න මහා ගෙදරින් දුර ඈතකට ආවත් මතක් වෙන්නේ පුංචි කාලේ.... අම්මා බත් පිඟාන බෙදලා තියල මඟ බලාගෙන ඉන්නවා ...
මම එනකන්.....අම්මත් නොකාම....
අම්මා දුර ඈත කියලා වෙනසක් දැනුනේ නැහැ..... බත් එක බෙදලා මඟ බලන් ඉන්නවා ඇය .......

ඉස්සර වගේම කිළුටු ඇඳුම් ඉබේම හේදිලා මදීලා අල්මාරියට එනවා.... ඇයි ටයි ගැටේ....එකත් ඉබේම වෙනවා.........
එතකොට පුංචි පැටව් .... ඒ ගොල්ලන්ගේ වැඩ කන්දරාව.......

මට මතක් වෙනවා මහාචාර්ය සුනිල් ආරියරත්න ලියපු...රෝහණ වීරසිංහ ස්වර රටා දමපු....පණ්ඩිත් අමරදෙවයන්ගේ ගීයක්......

තාත්තා උනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින.............

අම්මා කෙනෙකු මිස නුඹ මගේ බිරිඳ ලෙස
නොහැඟේ ලඟින් හිඳ මගේ හිස සිඹින සඳ......

මහාචාර්යතුමා මෙතැනදී බිරිඳ සමාන කරන්නේ අම්මට......
කොච්චර ලස්සනද......





හ්ම්......
ඇය .....

ගාමිණී ෆොන්සේකා ලියපු...වික්ටර් රත්නායක තනුව යොදල ගයපු මේ ගීය ඔබ අහල .තියනවද.....

සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ
බිරිඳ වී මගේ වින්ද දුක් ගිනි
නිවාලන්නට පවු ගෙවන්නට...

දුකේ සැපතේ එක ලෙසේ
පණනල ලෙසේ මා ළඟ ‍රැදී
සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ...

හදට දුක් ගිනි කිසිත් නොම දී
නුඹ රකින්නට ණය ගෙවන්නට
සොඳුර නුඹ මට මවු වෙයන්
මතු උපදිනා දින බව කුසේ...



කලින් ගීයට වඩා මොකක්දෝ එකක් හිත ඇතුලේ පොරකනවා මේක අහද්දී.... තේරෙන භාෂාවෙන් කියන්නද...... බොක්කටම වදිනවා කියල කියන්නේ......


මේ සටහන ලියවෙන්නේ ඇය වෙනුවෙන්...ආදරණීය බිරිඳ වෙනුවෙන්........

බිරින්දෑවරුන් පෙරුම් පුරන්නේ කුමකටද......මෙච්චර දුක් ගිණි උහුලමින්.......

අහල බලන්න සේනානායක වේරලියද්දගේ හඬින් .....

අතිනත ගත් දා ඉඳලා,
තම හිමිට සරණ දූ පුතුන් සරණ කළ
බිරින්ඳෑ වරුන් සංසාරේ
බුදු වරු වෙන්නද පෙරුම් පුරන්නේ..//
බිරින්ඳෑ වරුන් සංසාරේ....//

කරදර ලිපලා උයාපිහා ගෙන
සැමියාටයි දරුවන්ටයි කවලා
උන්ගෙම සතුටින් කුස පුරවා ගෙන
දුක් ගිනි කන්දක සැතපෙනවා...

අතිනත ගත් දා ........

කඳුලැළි වියළා හදතුල සඟවා
සෙනෙහස ආදරයෙන් බෙදලා
ගෙයි ගිනි ලිප මුල්ලකට දමාලා
සත් ගුන පමණක් මොලවනවා.....

අතිනත ගත් දා ........


No comments:

Post a Comment