Friday, December 25, 2015

නත්තල්...................



ගවලෙනේ දෙව් කුමරු සිනාසෙන හැටි බලා
තිදෙනෙක්ම නොවේ මහ රජසෙනග වටවෙලා
සුපිරිසල් දොර අසල ගවලෙනක් පුබුදලා
විදිලියෙන් කැලුම් දෙන තනි තරුව පායලා......



සුපිරිසල් ලියන් ඇත එඩේරුන් නැත ඇවිත්
ගව බැටළු සතුන් රැස ෆ්‍රීසරය තුල දිලෙත්
දෙව්මවගෙ තුරුලෙ පුතු තනිකමින් හිනැහුනත්
ප්ලාස්ටික් ගව බැටළු මසමිඳු හට තනි රකිත්....

3 comments:

  1. සියල්ල නවීකරණය වෙලා............. සමාජය කොතෙකුත් වෙනස් වෙලා....... දර්ශනයක් විය යුතු දෙයක් ට්‍රෙන්ඩ් ඒකක් වෙලා..............

    ReplyDelete
  2. සියල්ල වෙනස් වන සුලුයි වර්තමාන ය වෙද්දි හැම දෙයක්ම වාණිජකරණය වන සුලුයි
    සෑහෙන දවසකින් නෙහ්

    ReplyDelete
  3. කාලයත් එක්ක හුඟක් දේවල් වෙනස් වෙලා යනවා.

    ReplyDelete