කෝ ඒකට ඉඩක්..
නෑඹුල් මල් පොහොට්ටු වලින් සැරසිච්ච ගස් වැල් හිරු එලිය මුවා කරනවා...
උදේම පිපිච්ච මධුමලක් වගේ ඇය......
ආකාසේ සැණකෙළියක් කරන දේදුන්නක් දිහා බලාගෙන කෙළිදෙලෙන් නටන මොණර පැටික්කියක් ..........
ඇය ..........
හ්ම්...
කොච්චර ලස්සන පද පේලිද ......
බමර පැටික්කී..
තුනු සිරි විලේ නටන බමර පැටික්කී...
ඉඳු දුනු දැලේ කෙලන මොණර පැටික්කී...
ඔබ දැකල තියනවද දේදුන්නක් පැයුවහම රඟන මොණරුන් .....
මොණර පැටික්කියක් ලස්සනද...ඔබ අහයි මගෙන්...
නැති වෙන්න පුළුවන්..ඒත් යථාර්තයෙන් එහාට ගිහින් හිතන්න....
ඔව්...මොනර පැටික්කියක් ලස්සනයි....
ඉතින් ඒ දඟකාරකම ඇයට සමානකලාම මොකද.....
මේ වසන්තය තමයි...ඔය කෝකිලයින් කව් ගී කියනවා
ඇහෙනවද.....ඒත් මේ මල්යාය හිනාවෙන්නේ ඇගේ කිංකිණි නාදයට....හිනාවට....... මල් වලට මොකටද කොවුලන්ගේ වගක්...
සිහින් නෙත් අගින් හිනාවෙනවා ඇය ...මගේ දිහා බලමින් ... අනුරාගී හිනාවක්....අවිහිංසක කතාවක්..
මට වචන නැහැ...දඟකාර..කෙළිලොල්..අහිංසක යුවතියක් ඇය .....
මගේ හිතේ පිරිලා තියන මේ හැගීම කොහොමද කියන්නේ මම......
මම නෙමෙයි....මේ තරුණ කටහඬ එදා අමරදේව තරුණයාගේ....
අහල බලන්න....
බමර පැටික්කී
තුනු සිරි විලේ නටන බමර පැටික්කී
ඉඳු දුනු දැලේ කෙලන මොණර පැටික්කී
කව් කෝකිලයින් ගයන වෙලාවේ...
මල් යාය කිකිණි හඬට සිනාසේ //
නෙත් දෑල වලින් කියන කතාවේ....
මත් සලෙළ සමේ මහිම උදාවේ...
රඹ තුරින් තුරට පීත වලාවයි
රන් දොරින් දොරට නීල නිලාවයි...//
මුව සරින් සරට ගීත කලාවයි
පිපි මලින් මලට ආල ගුලාවයි
ගොඩක් දෙනෙක් අමරදේවගේ බමර පැටික්කි ගීතය කිව්වහම පටලවගන්නවා.. අමරදෙවයන්ගේම "මොණර කිකිළියේ " ගීතයත් එක්ක... මේ ගීතය වැඩිය ඇහෙන්නේ නැහැ..හොයාගන්නත් අමාරුයි...සැහෙන වෙහෙසක් දරලා තමයි හඬ පටිය හොයාගත්තේ...
අහන්න මීට වඩා තරුණ හඬක්...මීට වඩා තරුණ සංගීතයක්...මීට වඩා තරුණ පද මාලාවක් අහල තියනවද ඔබ..... මේ වසන්තයයි......

බොහොම ස්තුතියි මෙවන් සොඳුරු ගීයක රස විඳින්නට ඉඩ හසර ලබා දුන්නාට.
ReplyDeleteබොහොම ලස්සනයි...
ReplyDeleteමෙහි හඬ කෙතරම් නම් අපූරුද
ReplyDeleteමෙහි සංගීත නිර්මාණය විශේෂයි වික්ටර් රත්නායකයන් කෙසේ මෙවැන්නක් නිර්මාණය කලාද
මෙහි හඬ කෙතරම් නම් අපූරුද
ReplyDeleteමෙහි සංගීත නිර්මාණය විශේෂයි වික්ටර් රත්නායකයන් කෙසේ මෙවැන්නක් නිර්මාණය කලාද මෙහි පද රචනය කෙසේ ලියවුනිද
@ බිමල් කොල්ලූරගේ......