අවුරුදු පොලෙන් ගත්ත අඩුම කුඩුම ටික දාගත්ත පන් මල්ලත් අරන් මහ නියර දිගේ ගිහින් ඒදණ්ඩෙන් පැන්න ගමන් කඩුල්ල ගාවටම ගිහෑකි..
වතුර නැතුව පහුගිය කන්නෙ වී ගොයිතැන් පාලු උනාට ගොඩ ගොයිතැන් සරුසාර උන හින්ද මිනිස්සුන්ට එහෙමයි කියල අහේනියක් නෑ.. අවුරුදු පොලෙත් ඊස්මීස් නැතුව සෙනග උන්නෙ...
තමන් බොම්බයි මොටයි කාරයා ගාව ගල් ගැහිලා වගේ උන්නු හැටි අප්පුහාමිට මතක් උනා...
"මොකෝ අප්පුහාමි... බොම්බයි මොටයි කන්න ආසාවක් වත් ආවද... කමු කමු..."
බොම්බයිමොටයි සුගතෙගෙ සද්දෙන් ගැස්සිලා පියවි සිහියට ආවත් ... එතැන ටැක් ගැහෙන්නෙ නැතුව අඩිය ඉක්මන් කරල පැනගත්ත.. ඇත්තටම අප්පුහාමිට මතක් උනේ සිරිමල්...
පුංචිකාලෙ සිරිමල්ගෙ අතින් අල්ලගෙන අවුරුදු පොලට යන හැටි මතක් උනා... මොනදේ හම්බුනත් සිරිමල් බොම්බයි මොටයි කරත්තෙ ගාවින් නම් ගෙනියන්න බැරි වග මතක් උනා අප්පුහාමිට....
හ්ම්...
අලුත් කමිස,සරම් සෙරෙප්පු කුට්ටම්, පොත් ගොඩක් කරගහගත්ත සිරිමල්ව ඉස්සර කරගෙන ඒ දවස්වල අප්පු හාමි එන්නෙ උජාරුවෙන්...
"මාමන්ඩි... සිරිමල් අයියා කෝල් කරේවත් නැද්ද ලඟදි..."
ලඟින්ම ආපු කට හඬට ගැස්සිලා සිහිය එලව ගත්තා...
"ආ... මංගලිකා කෙල්ලෙ... ඔහෙ නෑ... මාත් මේ වරුවම තැපැල් කන්තෝරුව ගාව ටැක් ගැහි ගැහි ඉඳල ආවෙ,අදත් නෑ නොවැ, උඹ කොහෙ යනවද මේ මද්දහනෙ..."
"පිල්ලෑවෙ ගෙදර ලොකු නැන්දම්ම , හාල් ටිකක් කොටා ගන්ඩ එන්ඩ කියල තිබ්බ... උන්දැට තනියෙන් කර ගන්ඩ අමාරුයිනේ... එහෙ යන ගමන්... මම ගිහින් එන්නම් මාමන්ඩි...."
"පිල්ලෑවෙ ගෙදර ලොකු නැන්දම්ම , හාල් ටිකක් කොටා ගන්ඩ එන්ඩ කියල තිබ්බ... උන්දැට තනියෙන් කර ගන්ඩ අමාරුයිනේ... එහෙ යන ගමන්... මම ගිහින් එන්නම් මාමන්ඩි...."
මංගලිකා යනදිහෑ බලන් හිටපු අප්පුහාමිට සිරිමල්ගෙත්, මංගලිකගෙත් පුංචි සන්දිය මතක් උනා...
සුදු ඇඳුම් ඇඳල කිරි කොක්කු වගේ උදේට ඉස්කෝලෙ ගිය හැටි... පුන්චි සන්දියෙ ඉඳල දෙන්නගෙ ඇඟෑලුම් කමක් තිබ්බ...
හ්ම්...
වැහි කාලෙට කඩාඬුවක් කැඩිල වෙල පල්ලෙහා වතුර පිරුනම රජ මඟුල් සිරිමල්ට.... දුවගෙන ඇවිත් එතෙන්ට පනින්නෙ හරියට දියකාවෙක් වගේ...
ජබුක් කියල ඇල අයිනෙ හිටපු ගෙම්බෙක් වතුරට පැන්න... අප්පුහාමිට බයවෙලා...
ඒ සද්දෙට ආයෙත් ඔහු පියවි ලෝකෙට...
ගේ ලඟටම ඇවිත්... දැන් ඒදණ්ඩෙන් එගොඩ උන ගමන් ගෙදර...
ඔහු අතේ තිබ්බ පන් මල්ල හයියෙන් අල්ලගත්ත.
ඉඩෝරෙට අහුවෙලා ඉපල් බේරුන ගහක් වගේ නහර ඉලිප්පුන අතින්... අවුරුදු කිව්වට සරමකුයි, ලමයින්ගෙ අම්මට චීත්තෙකුයි විතරයි ගත්තෙ...
අපි දෙන්නට තනියෙන් මොන අවුරුදුද.... තනියෙන් හිතුව....
කඩුල්ල ලඟ ඔහු නතර උනේ අල්ලපු ගෙදරින් මහා ගාලගෝට්ටියක් ඇහිල...
කඩුල්ල ලඟ ඔහු නතර උනේ අල්ලපු ගෙදරින් මහා ගාලගෝට්ටියක් ඇහිල...
දරුමුණුපුරෝ රංචුවම ඇවිත් අල්ලපු ගෙදර පොඩි උන්ගෙ සද්දෙ...
ඒ පැත්තෙන් ඇස් අරගෙන ඔහු තියන්නෙ තමන්ගේ ගෙවල් පැත්තෙ... දොරකඩ පාපිස්ස උඩ නිදාගෙන උන්නු වයිටා ඔලුව උස්සල බලල වලිගෙ වනන්න ගත්තා...
අප්පුහාමි අඩිය ඉක්මන් කලා ඒ පැත්තට. ..
දොරකඩ ගහේ වැල ගෙඩියක් පතබෑවෙලා මිදුලටම...
දොරකඩ ගහේ වැල ගෙඩියක් පතබෑවෙලා මිදුලටම...
කෝඳුරු විමානයයි..
කමක් නෑ... කෝඳුරු කැවුමක් එල්ලනවත් කැවුම් ඉදුනෙ නැති කොට උන් මේව වත් කාපුවාවේ... හිතින් හිතාගෙන අප්පුහාමි ගෙට ගොඩ උනා...
බලාපොරොත්තු ඇස් අගින් පත්තු කරගෙන බලන් හිටපු ලමයින්නෙ අම්මා අප්පුහාමිගෙ මූණෙන් තේරුම් අරන් පපුව පත්තු කර ගත්තා...
ඇස් කොනෙන් උතුරන වතුර පිහගෙන... ආපහු හැරුන කුස්සියේ කේතලේ උතුරන සද්දෙ ඇහිල....
හ්ම්...
සෙක්කු ගෙදර මංගලිකා
දීග ගියෙත් නෑ තවමත්
මං හිතන්නේ උඹ එනකං බලා ඉන්නවා
මෙදා අවුරුද්දටවත් ඇවිදින්
යන්න වරෙන් මගේ පුතේ
එංගලන්තෙ නම් දුර බව මාත් දන්නවා
මං සද්ද කළත් උඹලා මොකෝ
සද්ද නැතුව ඉන්නෙ කියල
දොරකඩ කොස් ගහේ ඉදං
කොහා අහන්නේ
අපි සද්ද කරන්නේ කොහොමද
කොච්චර කල් ඇද්ද මකුළුදැල් බැඳිලා
බිත්ති කොනේ එල්ලු රබානේ
හරි හම්බකරල මේ ගේ දොර
හදා ගත්ත මිසක් අපේ
සන්තකේට ඉතුරු කරපු
කිසිම දෙයක් නෑ
පුතේ උඹට උගන්නන්න
උකස් කරපු ගේ දොරත්
උගසට සින්න වුණොත් නං
අපට යන්න තැනක් නෑ
ගුරු පාර දිගේ ඉස්කෝලෙට
පුංචි එවුන් යන එන කොට
වෙල් නියරේ මං ඉඳගෙන බලා ඉන්නවා
අහස් යානාවක් ගමට උඩින්
ගියොත් එදා නොකා නොබී
අම්මා බලා ගත්තු අතේ
බලා ඉන්නවා
හුස්ම උඩට ඇදෙනවා
දෑසින් කඳුළු වැටෙනවා..............
වෙල් නියරේ මං ඉඳගෙන බලා ඉන්නවා
අහස් යානාවක් ගමට උඩින්
ගියොත් එදා නොකා නොබී
අම්මා බලා ගත්තු අතේ
බලා ඉන්නවා
හුස්ම උඩට ඇදෙනවා
දෑසින් කඳුළු වැටෙනවා..............
++++++++++++
ReplyDeleteඑල
ReplyDelete