මිහින්තලේ හංදිය පහුකරගෙන තිරිකුණාමලේ පාර දිගේ ගියා මම....
"රන් බණ්ඩයියේ.... පරිස්සමෙන් ගිහින් එන්න....."
ඇය ....පබළු නඟා සමුදුන්නා ඔහුට......
නුපුරුදු දීපංකරේ....නුපුරුදු ගෑණු මිනිස්සු රොත්තක් අතර තනිවුන ඔහුට පබලුනගාගේ.....එහෙමත් නැත්නම් උප්පැන්නේ ලියල තියන විදිහට සුමනාගේ මතකය අස්වැසිල්ලක්....
නෑකමට සුමනා ඔහුගේ ඇවැස්ස නෑනා .....
කාලය ගෙවිල යනවා..
හ්ම්.....
පහුවදා උදෙන්ම අනුරාදපුරේ බස් එකකට නැගල පිටත් උනාට බස් එක අනුරදපුරේට එද්දී ඉර හැරිලා හෝරාවක් දෙකක් ගිහින්.. සැහෙන වෙලාවක් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න උනා ගම් පැත්තට යන බස් එකක් අල්ලගන්න....යන්තම් හොරොව්පොතාන බස් එකක් ආව.....
බස් එකෙන් බැහැල ගෙවල් පැත්තට යද්දී ඉස්සෙල්ලම හම්බවෙන්නේ සුමනලාගේ ගෙදර....
"පුතේ.... පබළු කෙල්ල නැතිඋනා.....මැලේරියාව හැදිලා....ඊයේ තමා හත්දොහේ දානේ ......."
මල් මල් ඔසරීය ඔතාගෙන ආපු පාර්සලේ අත ඇරලා කඩුල්ල හයියෙන් අල්ල ගත්ත කරකැවිල්ලක් ආපු හින්ද..... ඔහු ගොළුවත රකිනවා.....
"පුතාගේ අන්තිම විබාගේ දවස් හින්ද අපි කියල එව්වේ නෑ ...."
ඔහු හිස් බැල්මෙන්ම පාර පැනල වැව් කන්ඩියට ගොඩවුනා.....
ටිකදුරක් යනකොට මහකනදරාව වැව.... පාර දෙපැත්තේම ....
මගේ පපුවේ හීං වේදනාවක්....
මම වාහනය අයින් කරලා නැවැත්තුව.
දකුණු පැත්තේ වැවට එපිටින් පන්සලක් පේනවා.....මම ඇස් දෙක පියා ගත්ත.... මම දශක කීපයක් අතීතයට ගියා......
ඔහු දහසක් පැතුම් පොදි බැඳගෙන ගමෙන් පිටත් වෙන්න යන්නේ.. පෙරකදෝරු විබාගේ ගන්න ගමෙන් ඉස් ඉස්සෙල්ලම විස්සවිද්යාලේ යන රන් බණ්ඩාගේ දකුණු අතේ ඉස්සෙල්ල දවසේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බැඳපු පිරිත් නූල ඔහු දිහාවේ බලාගෙන....
ඔහු දහසක් පැතුම් පොදි බැඳගෙන ගමෙන් පිටත් වෙන්න යන්නේ.. පෙරකදෝරු විබාගේ ගන්න ගමෙන් ඉස් ඉස්සෙල්ලම විස්සවිද්යාලේ යන රන් බණ්ඩාගේ දකුණු අතේ ඉස්සෙල්ල දවසේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝ බැඳපු පිරිත් නූල ඔහු දිහාවේ බලාගෙන....
"රන් බණ්ඩයියේ.... පරිස්සමෙන් ගිහින් එන්න....."
ඇය ....පබළු නඟා සමුදුන්නා ඔහුට......
නුපුරුදු දීපංකරේ....නුපුරුදු ගෑණු මිනිස්සු රොත්තක් අතර තනිවුන ඔහුට පබලුනගාගේ.....එහෙමත් නැත්නම් උප්පැන්නේ ලියල තියන විදිහට සුමනාගේ මතකය අස්වැසිල්ලක්....
නෑකමට සුමනා ඔහුගේ ඇවැස්ස නෑනා .....
කාලය ගෙවිල යනවා..
දැන් විබාගෙත් ලඟයි. නිතර නිතර ලියුං කඩදහි යැව්වට ඉස්සර....විබාගේ ළඟ හින්ද මාසෙකින්වත් ලියුමක් යැව්වේ නෑ ඇයට ........
තව ටික දොහකින් ගමේ ගිහෑකි නොවැ .....
තව ටික දොහකින් ගමේ ගිහෑකි නොවැ .....
හිත චංචල වෙන හැම වෙලාවකම ඔහු තමාටම කියා ගත්ත.....
කොහොමෙන් කොහොමෙන් හරි විබාගේ ඉවර උනා....
කොහොමෙන් කොහොමෙන් හරි විබාගේ ඉවර උනා....
එදා හවසම ටවුමට ඇවිත් මල් මල් ඔසරියක් ගත්ත ඇයට..... බැංකු ලෝන් එකෙන් ඉතුරු කරගත්ත සල්ලි වගයක් තිබ්බ නොවැ ළඟ......
හ්ම්.....
පහුවදා උදෙන්ම අනුරාදපුරේ බස් එකකට නැගල පිටත් උනාට බස් එක අනුරදපුරේට එද්දී ඉර හැරිලා හෝරාවක් දෙකක් ගිහින්.. සැහෙන වෙලාවක් බස් ස්ටෑන්ඩ් එකේ ඉන්න උනා ගම් පැත්තට යන බස් එකක් අල්ලගන්න....යන්තම් හොරොව්පොතාන බස් එකක් ආව.....
බස් එකෙන් බැහැල ගෙවල් පැත්තට යද්දී ඉස්සෙල්ලම හම්බවෙන්නේ සුමනලාගේ ගෙදර....
පාර අයිනේ අව්වට පිච්චුන කරඹ ගාලක පැටලුන ගොක්කොළ සැරසිල්ලක් ඔහු දිහා බලාගෙන.....
පාර හරහා ඇද්ද කොහුලණුවක ගැට ගහල තිබ්බ සුදු කොඩි දෙකක් එක උඩ එක ගිහින් පැටලිලා.....
ඔහු ඉඳිකඩ ගාව....
ඔහු ඉඳිකඩ ගාව....
ගේ ඇතුලෙන් ආපු මිනිස් රුවක් කඩුල්ල වෙත ආව.....
"පුතේ.... පබළු කෙල්ල නැතිඋනා.....මැලේරියාව හැදිලා....ඊයේ තමා හත්දොහේ දානේ ......."
මල් මල් ඔසරීය ඔතාගෙන ආපු පාර්සලේ අත ඇරලා කඩුල්ල හයියෙන් අල්ල ගත්ත කරකැවිල්ලක් ආපු හින්ද..... ඔහු ගොළුවත රකිනවා.....
"පුතාගේ අන්තිම විබාගේ දවස් හින්ද අපි කියල එව්වේ නෑ ...."
ඔහු හිස් බැල්මෙන්ම පාර පැනල වැව් කන්ඩියට ගොඩවුනා.....
වැවෙන් එකයි කෙකටිය....සුදු ඇඳුමක් ඇඳන් මල ගෙදරක ගිහින් වගේ........
තලමලක් පිපෙන එක මූසලයි කියල කියනවා තමයි....ඒත් ඒ වගක් මේ වෙනකන් දැනිල තිබ්බේ නෑ ..... ඇල ළඟ වත්තේ කොච්චරක් නම් තල මල් පිපුනද.....
ගොම්මනේ මිහින්තලාව පැත්තට පියඹන කුරුල්ලෝ රංචුවක්....කොක්කුද කාක්කොද...... කොක්කු වගේ......
ඔහු......
ඔහු......
ඒ කියන්නේ අධිනීතිඥ රන්බණ්ඩා සෙනවිරත්න ලියනවා මෙහෙම....... ගුණදාස කපුගේ මළ බෙරයක මූසල රාවය මේකට එකතු කරලා ඔහුගේ සෝබර හඬින් ගයනවා......
පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ..
සුමනෝ...උඹ ඇයි නැත්තේ..
වැවේ දියේ ඇති නිකින්ණි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔලිද ගණිනවා..
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුනට ඇල ලඟ වත්තේ...
සුමනෝ...උඹ ඇයි නැත්තේ...
මළ හිරු එලියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ...
මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
ඒ දණ්ඩේ ඉස්මත්තේ...
සුමනෝ...උඹ ඇයි නැත්තේ...
පබළු නගේ නාමල් තිලකේ
පුංචි ඔසරි මැණිකේ..
සුමනෝ...උඹ ඇයි නැත්තේ..
වැවේ දියේ ඇති නිකින්ණි නිල්ලේ
අඩ හඳ යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවනේ
මම අද තනියම ඔලිද ගණිනවා..
වෙනදා වාගෙම තල මල පිපිලා
තිබුනට ඇල ලඟ වත්තේ...
සුමනෝ...උඹ ඇයි නැත්තේ...
මළ හිරු එලියෙන් කොක්කු ගියාදෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇඳ පෙට්ටියක තියාලා
පහන් දෙකක එළි මැද්දේ...
මදටිය වැටෙද්දී හඳ කැලතෙන ඇල
ඒ දණ්ඩේ ඉස්මත්තේ...
සුමනෝ...උඹ ඇයි නැත්තේ...
මැලේරියාව හෙවත් කැලෑ උණ ඉස්සර ගම්වල මිනිස්සුන්ගේ ඉරණම තීන්දු කරපු බොහොම දරුණු රෝගයක් වුනු කාලයක් තිබ්බා , රන්බණ්ඩා කපුගේ සුසංයෝගයේ තවත් විශිෂ්ට ගීතයක්
ReplyDeleteආවට පිං
Deleteඅපූරුයි කැළුමො...ඒත් මට පොඩි අවුලක් තියේ...
ReplyDeleteතලමලක් පිපෙන එක මූසලයි කියල කියනවා තමයි//
තල නෙවී තල් මල් පිපෙන එක නේද අසුභ යි කියන්නෙ මළ ගෙවල් හතක් වෙනවයි කියල කියන්නෙ
තල සහ තල් කියන්නෙ ජාති දෙකක් හන්දයි එහෙමඇහුවෙ ඈ
තල සහ තල් කියන්නේ ගස් වර්ග දෙකක්. තල් ගස් හැදෙන්නේ වැඩිපුර උතුරුකරේ..... මං මන්නාරමේ හිටපු කාලේ තල් ගස වටා වැඩුණු සංස්කෘතිය දැකල තියනවා.... එකේ මල් පිපෙන එක අසුබ නැහැ. තල් හරියට දකුණේ අපට පොල් වගේ තමයි. පොල් මල වගේ පොඩි මල් හැදෙන්නේ... මාස තුන හතරකට සැරයක් මල් පිපිලා ගෙඩි හැදෙනවා......
Deletehttp://upload.wikimedia.org/wikipedia/commons/1/11/Inde04_c_(003)borassus_flabellifer.JPG
මෙන්න මෙතන පින්තුරයක් ඇති....
නමුත් තල කියන්නේ දකුණේ හැදෙන ගස් වර්ගයක්. තල ගහක මල් පිපෙන්නේ කාලෙකින්. තල ගහක මලක් පිපුනාම ගහේ අවසානයත් ඒකමයි . ගහ මැරෙනවා. ඉතින් අසුබයිනේ...ඒ හින්ද තමා කියන්නේ තල ගහක මලක් පිපුනම අහල ගං හතකට අපලයි කියල..මෙන්න පහල පින්තුරයක් ඇති. මේක ලොකු සද්දන්ත මලක්.
http://www.silumina.lk/2012/08/26/av-29.jpg
නියමයි කැලුම්,පපුවට දැනෙන්න ලියන්න උඹට පුලුවන්,දිගටම ලියපන්.මගෙන් සුභ පැතුම්.
ReplyDelete