Tuesday, September 2, 2014

හන්තාන අඩවියේ පිය සටහන් - අවසන් කොටස "Heaven will be no heaven to me if I do not meet my wife there"




නහයත් චුරුස් බුරුස් ගානවා වැස්සට තෙමිලා...
ඒත් ඉතින් ඉරිදට පේරාදෙණි යන්න එපැයි ... 
තව හත් අට වතාවක් බෑ කියල අහගන්න තියනවනේ...
පුරුදු විදිහට හවස එකයි හතලිස් පහ වෙද්දී මම කුරුණෑගල මාර්කට් එක ගාවට ආවා . 
බස් වලට හරියට සෙනග....
 
එතන හිටියට මගේ ඇස් තිබුනේ නුවර පාර පැත්තට..... 
උයන්දන බස් එකක් දැන් එතියි...දැන් එතියි කියල බලන් ඉඳල මගේ බෙල්ලත් අර කේවට්ටයගේ වගේ කොක් කරක් සේ වෙලා.... 
ගිනිගහන මද්දහන උනාට මට එච්චර රස්නයක් දැනුනේ නැහැ..... 
අන්න උයන්දන බස් එකක් එනවා.... සෙනග සේරම බැස්ස...නමුත් ඇය නැහැ.....
හ්ම්
තව පැය කාලකින් තව බස් එකක් එනවනේ.... 
ඒ පැය කාල ගෙවුනා දවස් ගෙවෙනවා වගේ.....
ඔන්න කහපාට ඉරි තියන උයන්දන බස් එකක් ආවා ..... 
අර එන්නේ ඇය ..... 
ඇයත් එක්ක තව ගෑනු ළමයෙක් එනවා.....
යාලුවෙක් නම් නෙමේ.......

" මේ ඉන්නේ කැලුම්.....ගොඩක් වෙලාද ඇවිල්ල......." 
අනිත් යුවතියට මාව හඳුන්වල දුන්න....

" අක්ක මට අයිය ගැන කියල තියනවා."

" මේ ඉන්නේ මගේ ලොකු නංගි නිර්මලී "

මම විරිත්තල හිනාවුණා....

"බලා ගත්තද ......" ඇය අහනවා නංගිගෙන් ...

"ඔව්..ඔව්.... අර මම කියපු විදිහට කරන්න" නංගි කියනවා ඇයට

"එහෙනම් අයියේ මම ගිහින් එන්නම් "

" හා..නංගි "

" ඉතින් කැලුම්....මොන බස් එකේද යන්නේ...."

"මමනම් මේකේ..." මම බස් එකක් පෙන්නලා කිව්වා. 
ශික් හොඳ වචනයක් මගේ කටට එන්නේ නැති හැටි....

මෙන්න මෙයා මන් ගාවින්ම හිටගෙන ඉන්නවා.

" අද යාලුවෝ කවුරුත් නැද්ද?" මම ඇහුවා .

"නෑ ..ඒ ගොල්ලෝ අද උදේ ගිහින්..."

ඔන්න බස් එක ආව... අපි දෙන්නම් නැග්ග....ඒක නිල්පාට ඉරි තියන බස් එකක්...පිටිපස්සේ ඉඳන් තුන්වෙනි සීට් එකේ අපි ඉඳගත්ත.....
අද ඇය වැඩිය කතා නැහැ....
බස් එක උනා .... බස් එකේ A /C එක හරිම වැඩියි...ගල් ගැහෙන්න වගේ......
බස් එක මල්ලවපිටිය හරිය පහුකලා.... ඔන්න ඇය හඬ අවදි කළා....


"කැලුම් "

"ඇයි "

ටිකක් වෙලා වචන නැහැ.......
ඇය වම් අතින් මගේ දකුණු අත අල්ල ගත්ත....මගේ දිහා බලල අහිංසක විදිහට හිනා උනා.....ඇස් වලින්
ඊට පස්සේ මම මෙච්චර කල් අහන්න ආසාවෙන් උන්නු වචන තුන කිව්වා....
මට හොඳටම දාඩියයි...මෙච්චර A /C එකේ....

"මොකක්ද කිව්වේ......" මම ආපහු ඇහුවා ...
මගේ කන් ඇහීම අවුල් වෙලාද දන්නේ නැහැනේ....

"ඔයාට ඇහුන හරි...මම කැමතියි....."

බස් එකේ දෙපැත්තෙන් එක පාරටම තටු දෙකක් ආව....
තාර පාරෙන් උඩට ඉස්සිලා බස් එක ටික ටික අහසට ගමන් කරනවා......
වලාකුළු අතරින් බස් එක යනවා.....පුංචි පුංචි තරුකැට මට අත වනනවා.
 බස් එක ඉස්සරහ තියන ඩිජිටල් ඔරලෝසුවේ වැටිලා තිබ්බ Sunday, 01.09.2002 - 3.41PM කියල. 
ගුරුත්වය නැතිවෙලා මම පාවෙනවා.

"මහත්තයෝ ටිකට් ගන්න..." කොන්දොස්තරගේ සද්දෙට එක පාරටම මාව අහසින් බිමට කඩන් වැටුන... 
හා හා පුරා කියල නුවරට ටිකට් 2ක් ගත්ත....
මගේ හිත සින්දු කියනවා.......නොහිතු වෙලාවක සැබෑවුන සිහිනයක්...
හවස හතර වෙද්දී බස් එක නුවර.... 
අපි හා හා පුරා කියල දළදා මාලිගාවට ගියා... 
මම ඇගේ අතින් අල්ලාගෙන... 
ඇය මගේ අත අතඇරලා දණහිස ගාවට විතර දිගට තිබ්බ කෙහෙරැල ගෙඩිය වගේ බැඳ ගන්නවා.....

"පන්සල් යනකොට කොන්ඩේ කඩාගෙන යන්න හොඳ නැහැනේ....."

ඇය ඇඳලා උන්නේ වසන්ත ආකාසේ පාට බ්ලවුස් එකකුයි...ශිශිර ආකාසේ පාට ස්කර්ට් එකකුයි.....මට හොඳට මතකයි....... 
ඇය සුදුපාට නෙලුම් මල් පොකුරක් අතේ තියන් හිනාවෙනවා.......

මම එක පාරටම හරියටම අවුරුදු දුසිමක්.....ඒ කිව්වේ අවුරුදු 12ක් ඉස්සරහට ගියා......

2014 සැප්තැම්බර් 01....ඒ කියන්නේ අද....... 
ඇය එදා වගේම හිනාවෙනවා.....රතු රෝසමල් පොකුරක් අතේ තියාගෙන...... 
ඇය මගේ අතින් අල්ලගත්ත..... 
මීට අවුරුදු 12කට ඉස්සර වගේ.....මගේ කුලුදුල්......පෙම්වතිය විදිහට නෙමේ......
අද මගේ පැටවූ දෙන්නගේ ආදරණීය අම්මා විදිහට...... 
පුංචි බිනුලයි..දිනුලයි.....ඔන්න පැන්න අපි දෙන්න මැද්දට......
ඇය හිනාවෙනවා එදා වගේම........... 
මගේ ආදරණීය ගිවානි ....

අපේ ආදරයට අදට හරියටම අවුරුදු දොළහයි....


මට මතක් වෙච්ච සින්දුව කියන්නද ඔබට........මේ හඬ පණ්ඩිත් අමරදේවයන්ගේ....


තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....//

මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්....

බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබද
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිඹින සද....



හන්තාන අඩවියේ පිය සටහන් - සමාප්තයි.....
Heaven will be no heaven to me if I do not meet my wife there.
මෙහි එන සියලු නම් ගම් මනඃකල්පිත නොවේ.

සම්පත්..චන්දන මල්ලි ඇතුළු සියලු මිතුරන්ට තුති...

මගේ පැත්තට හැමදාම කතාකර ඇගේ කැමැත්තට පාර පෙන්වූ චූටි නංගි නිර්මලීට ගොඩක් පින්........


--

1 comment: