Saturday, October 4, 2014

ඔබේ හදින් මා දෙස බැලුවා.............



සුන්දර යුවතියක් පාර මාරු වෙනවා. රතු පාට ගවුමක් ඇඳලා හරියට රෝස මලක් වගේ...ඇගේ අතින් අල්ලාගෙන තරුණයෙක් පාර පැන්න .... ඔහු නම් එච්චර කඩවසම් තරුණයෙක් නෙමේ.....
අර මොකක්ද ඇගේ අතේ තියෙන්නේ....සුදු සැරයටියක්......හ්ම්........
එහෙනම් මේ තරුණිය අන්ධයි.......හ්ම්
මේ යුවල දුටු මගේ හිත අවුරුදු තිස් නමයක් අතීතයට ගමන් කළා.....මමනම් ඉපදිලත් නැහැ එතකොට..........
ඔහු නිරුදක.....එතරම් රූප සොබාවක් නැති තරුණයෙක්........ 
ඇය සුන්දරී..... 
නමුත් නම වගේම සුන්දර උනත් ඇය අන්ධයි......
හැම රූපසොබාවක්ම ඇයට දීල තිබ්බත් ඇයට දෙනෙත් දෙන්න දෙවියන්ට අමතක වෙලා.......
ඔහු ඇයට පණවගේ ආදරේ කළා.....
මගේ ජීවිත කතරට සිහිල ගෙනෙන සිහිල් සුලන් රැල්ල ඇයයි ....................
ජීවිත කතරේ අතරමං වෙලා අන්ධකාරයේ සැරිසරද්දී.....ඔබේ නෙත මට පහනක් උනා.....ඒ නෙත අන්ධ නෙතක් උන එක ප්‍රශ්නයක් නැහැ.......
දෑසට නොපෙනුනත් මගේ හදේ ආදරය ඔබ දැක්ක....ඒ හින්දයි දැසට නොපෙනුනත් ඇය ....හද පිදුවේ........
ඒ ඔහු......
නිරුදක......

දැන් ඔහුට ඕනෑ ඇයව සනීප කරගන්න....ඇයට පෙනීම ලබා දෙන්න.....
හ්ම්....ඇයට නොපෙනෙන ලොවෙන් මට ඇති පලය කුමක්ද......
ඔහු.............................

ඔහු ඇයට දෙනවා ඔහුගේ ඇස් දෙක.........ඇය ලෝකය දකිනවා ඔහුගේ ඇස් දෙකෙන්...... 

ප්‍රේමය නම්.....රාගයෙන් තොර සඳ එලිය සේ අචින්ත්‍යයි ....පාරිශුද්ධයි සුරම්‍යයි..............

නමුත්.....ඇය ඔහුගේම ඇස් වලින් දකින්නේ ඔහුගේ අවලස්සන.......හිතේ නෙමේ...ගතේ.......
ඇස් පෙනෙන්නේ නැති කොට දැක්ක හිතේ ලස්සන...දැන් අමතක වෙලා..... 
ඔන්න ඉතින්............ඔතෙන්ට එනවා තුන් වැන්නේකුත් ......
ඒ මාධව...........


ඒ ඔවුන්ගේ කතාව.......
නමසිය හැත්තෑ පහේ දෙසැම්බර් මාසේ දවසක.....හරියටම දෙසැම්බර් විසිහය..... පැය 1 විනාඩි 50 පුරා දිවෙන බයිස්කෝප් එකක් දුවන්න ගත්ත...
දිග අඩි 9315ක් පටියේ....


මංගල දර්ශනය බම්බලපිටිය මැජෙස්ටික් සිනමා ශාලාවේ දී එවකට කථානායක ස්ටැන්ලි තිලකරත්න මහතාගේ ප්‍රදානත්වයෙන් .....
සීමාසහිත සිලෝන් තියටර්ස් මණ්ඩලයේ සිනමා ශාලා 18 ක ආරම්භක ප්‍රදර්ශනය පටන් ගත්ත ඒත් එක්කම.......
“මහවැලි රජරට ගලයි” කියල වාර්තා චිත්‍රපටියකුත් පෙන්නුවා මේකත් එක්ක.....

ඉදිරිපත් කිරීම නෝර්ත් වෙස්ටර් එන්ටර්ප්‍රයිසස් වෙතින්.... 
හැදුවේ හැඳල විජය චිත්‍රාගාරයේ.....
ඊ.ඇන්තනි පිල්ලේගේ නිපැවුමක් විදිහට 

ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ අදියුරුවමින් හැඩවුන මෙහි කතාව, තිර නාටකය,දෙබස් ගුණසේන ගලප්පත්ති ගෙන්.....

සහාය අධ්‍යක්ෂණය උපාලි පෙරේරා.
ග්ලැඩ්වින් ප්‍රනාන්දු තමයි ලාල් පියසේනත් එක්ක සංස්කරණය කලේ....සංස්කරණ උපදේශිකාව උනේ සුමිත්‍රා පීරිස්....
සුමිත්ත අමරසිංහගේ ප්‍රධානත්වයෙන් කැමරාව හැසිරෙව්වේ සෝමපාල ධර්මපි‍්‍රය, එම්.ජී.සී.මනමේන්ද්‍ර සහ සෝමරත්න ඉධුලේගම

ඊබට් විජේසිංහ, රංජිත් මතඟවීරගේ සහයත් අරන් අංගරචනා කළා.....
කලා අධ්‍යක්ෂණය ආරියවංශ වීරක්කොඩි එක්ක ධර්මසේන හේමපාල.....


ශබ්ද,දෙබස්,පටිගත කිරීම කලේ නිමල් වීරක්කොඩි
ශබ්ද පරිපාලනය කලේ කේ.පී.කේ.බාලසිංහම්
රසායනාගාර පාලක විදිහට එස්.තිරනාවුකරසු (බී.ඇස්.සී)
නිෂ්චල ඡායාරූප ජෙරාඩ් ප්‍රනාන්දු ගෙන්


මේ බයිස්කෝප් එකේ සංගීතය..... ආදරණීය මාස්ටර්ගෙන්.......

කවුද මේ මාස්ටර්......
ඔව්.......හෙළ සංගීතයේ යුග පුරුෂයානෝ......ප්‍රේමසිරි කේමදාස ශූරීන්....
සුනිල් ආරියරත්නගේ ගේය පද
පණ්ඩිත් අමරදේවයන්... ටී.එම්.ජයරත්න..... නීලා වික්‍රමසිංහ ආදීන් ගීත ගායනා කළා....


ඉතින්.....නිරුදක උනේ ජෝ අබේවික්‍රම,.......
ශ්‍රියාණි අමරසේන තමයි සුන්දරී උනේ ...... 
දෙනවක හාමිනේ අම්මා විදිහටත්.... 
රවීන්ද්‍ර රන්දෙණිය මාධව විදිහටත් පන පෙව්වා..... 

ඊට අමතරව
ලාල් හේවා පතිරණ, සෝමපාල ධර්මප්‍රිය, සීතා කුමාරි,ප්‍රිති සෙනෙවිරත්න, අග්‍රා සජීවනී අල්විස් ,ජේ.අබේගුණවර්ධන, ශ්‍රියාණි පෙරේරා, වික්ටර් වික්‍රමගේ, එස්.එම්.ජයලත්,බිසෝ මැණිකේ,එස්.කේ.සෙනරත් යාපා,පාලිත බණ්ඩාර,බන්දුල සූරියබණ්ඩාර. ආදී ආදී අය රංගනයෙන් එකතු උනා......

මම හැම දෙයක්ම කිව්වා...ඒත් නම ඔබට කිව්වේ නැහැ නේද.....

ඒ තමයි " දෑස නිසා " බයිස්කෝප් එක.......


මෙච්චර මම දැඟලුවේ මේ චිත්‍රපටියේ සින්දුවක් ගැන කියන්න නෙමේ....... 
පෙනීම ලැබිලා ඇය ඔහුව ප්‍රතික්‍ෂේප කරද්දී...ඔහුගේ සිතුවිලි කොහොම වෙන්න ඇද්ද..... 
දෙයියනේ.....මගේම ඇස් වලින් මාවම දැකල....... 
ඒ අවස්තාව ගැන මහගම සේකරයන් ලස්සනට ලිව්වා...... 
නමුත් ප්‍රේමසිරි කේමදාසයන් මේ ගීය චිත්‍රපටයේ එම අවස්ථාවට සුදුසු නැත කියා ඉවත් කරනවා............. 


නමුත් පස්සේ කලෙක.....මේ පදපෙල රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ගයනවා සුනිල් එදිරිසිංහ.......

මේ ගීය සේකරගේ අත් අකුරින්ම පෙන්නන්නද ඔබට...........




සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි
සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි

අසරණ වී මා ජීවිත කතරේ
අන්ධකාරයේ සැරිසැරුවා
ඔබේ නිහඞ නෙත ඈත ක්ෂිතිජයෙන්
උදා වෙලා මට අත වැනුවා

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි

දෑසට නොපෙනෙන ගණ නිල් අඳුරේ
ඔබේ හදින් මා දෙස බැලුවා
දෑසට නොපෙනෙන මා හද පතුලේ
සුන්දරතාවය ඔබ දුටුවා

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි

ඔබේ කුසුම ඔබ දෝතින් අරගෙන
ආදරයෙන් මා වෙත පිදුවා
ඒ මොහොතෙම තව සිය දහසක් මල්
මා වටකර හැමතැන පිපුණා

සීතල දිය පිරි සුනිල විලයි
ඒ විල මැද ඔබ සුවඳ මලයි
ගිමන් නිවාලන සුළං රැලක් වී
ඔබේ සිනා මට පවන් සලයි




(සේකරගේ අත් අකුරූ හොයාගත්තේ..."මහගමසේකර" බ්ලොග් එකෙන්.....)

3 comments:

  1. Very relevant to the current blind society, we live ...
    Hope a another interesting story...

    ReplyDelete
  2. දෑස නොපෙනුනත් මගේ වැඩේය පාඩු නෑ. ඇගිලි තුඩින් අතගගා ඉගෙන ගන්නෙ මා..

    ReplyDelete
  3. ලස්සන සටහනක්.. සේකරගේ අත්අකුරු දැක්කමයි...

    ජ ය වේ වා !!!

    ReplyDelete