Friday, December 26, 2014

මට රැය විතරයි අයිති නොරිකො සං






හීතලට දත් එකට වදිනවා "කට කට ගාල " 
ඇඳලා ඉන්න ජැකට් එක හරහාත් සීතල එනවා වගේ.. 
හීතල වායුගෝලයට කටින් උණුසුම් සුසුම් පිඹ පිඹ ඇවිදගෙන යනවා ඉස්සරහට... 
තියන අඩියක් අඩියක් ගානේ පරිස්සමින් තිබ්බේ මම....ලිස්සුවොත්....
මේ දෙසැම්බරය.... 

 ජපානයට සිසිර සමය ඔච්චම් කරන කාලේ.... 
 බැලු බැලු අත සුදුපාට.... හරිම මූසල පෙනුමක් ඇවිල්ල....
වසන්තෙට මල් දරපු සකුරා ගස් වල ඉපල් විතරක් ඉතුරු වෙලා... හරියට වයසට ගිය කාන්තාවකගේ ඇඟේ ඉලිප්පී පෙනෙන නහර වැල් වගේ.....
හ්ම්....
අද තොකියෝවට යන්න එපැයි .... මම ඉන්නේ ඊට ගොඩක් උඩින් හොකයිඩෝ වල.... සිසිර හීතල ඉස්ඉස්සෙල්ලම අරියාදු කරන්නේ මෙහෙට....හ්ම්....

ජැකට්ටුවේ උණුහුමට ගුලිවෙලා යන අතර මම වට පිට බැලුව... 
හැමතැනම පෙනෙන්නේ ඒ මුහුණ.... නොරිකෝ..... මම නොරිකෝව හොයනවා...මඟ තොටේ......
ගුවන්තොටුපොලෙන් ගුවන් ගත උනේ ඉකමනට තෝකියෝවට යන්න තියන මගේ නොඉවසිල්ල එක්කයි....
ඇස් දෙක පියාගත්තා මම.....මගේ ඉස්සරහ මැවුනා ඇය .....
නොරිකෝ.....
සකුරා මලක් වගේ මා ඉස්සරහ පිපුනා...මේ සිංහල මම මොකටද උපහැරණ හොයාගන්නේ ජපානෙන්...
ඇය පිපුන හරියට වට්ටක්කා වැලක පිපුන මලක් වගේ...කහ පාටට.....
හිත ආයෙත් කිමිදුනා අයිස් වෙලා ගියා .... අතීතයේ...


ඔබ එනතුරු බලන් උන්නේ...පාන්දරම... සුන්දර උදෑසනක් වගේ...කඩිසර උදෑසනක් වගේ....ඒත් ඔබ නාවොත් මට උරුම මේ රාත්‍රිය පමනක්මයි .....
ඔබේ ගීතවත් කටහඬ අහන්නද කොහෙද...රැය හොඳටම දික් වෙලා ...
ඔබ එන්නේ නැද්ද... උදෑසන වෙලා....
මගේ කඳුළු වලට පෙම් කරමින් ඔබත් මමත් පෙමින් වෙලී උන් අතීතය ...... මේ වගේ සිසිරයකම මතකද කෝපි හලක ඔබත් මමත් හමුවුන හැටි ....


දෙපලු කරන් දොර පියන් දෙක මම ඇතුලට ගියා.... "මොකක්ද නම ?"
" නොරිකෝ"
"ඔයාගේ නම...."
"දේවේන්ද්‍ර .....
"දෙවෙන්දොරා ලස්සන නමක්......." ඒ ඇය මගේ නම කිව්ව හැටි....
හ්ම්


නොදැනීම තොකියෝවට ඇවිත්.....මම එලියට ආව එයාපෝර්ට් එකෙන්.....
වටපිට බැලුව කොපි හලක් හොයාගන්න.
හ්ම්..
අපිට හැමදාමත් ඉන්න පුලුවන්ද....ආදරෙන් ඉස්සර වගේ....
නමුත් අප යා යුතුයි... නොගියොත් යලි එන්නට නොහැක....ඉක්මනින් ගිය උන් ඉක්මනින්ම ආපසු එති..... මේ ලොව ඇත්තේ යාම් ඊම් පමණකි......
සුබකි මලක් අතින් අරන් ඔබ එනවද....
මම එන්නම් ඔබත් එක්ක.....
ඒත් කෝ ඇය ....
හ්ම්
හෙට උදේම එයිද ඇය..... එතකන් ඉන්නේ කොහොමද.....


හෙට මම නෑ. ඉන්නේ අද විතරයි. අදත් හෙටත් දෙකම එකයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නවා. හෙට ඔබ විතරයි. හෙටත්, අනිද්දාටත්, කවදාටත් ඔබ විතරයි. මොකක්ද වෙනස ? අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනව, බොනව, වැඩට යනව, කතා බහ කරනව. ඔබ ත් මේ ඔක්කොම කරනවා. ඒත් ඔබ විතරයි. මම නෑ.

එන්න ඔබ කෙලින්ම තමබොචි සොහොනට.... හෙට උදේ.... මම ඉන්නම් ඔබ එනතුරු....

හ්ම්....
දෙවෙන්දොරා සන්ගේ නියම කටහඬ ඇහුන මට ..... ඔබත් අහල බලන්න...මේ කසුන් කල්හාර සමග සහේලි ගමගේ


ඔබ නාවොත් හෙට උදෑසන අරං
මට රැය විතරයි අයිති නොරිකො සං
රැය හරිම දිගයි - දෙවෙන්දොරා සං
මට එන්න හිතයි - ඔබ සොයා ඉතිං...
මගේ කඳුළු බිඳු පෙමට පෙරලමින්
ඔබ උන්නු දවස් මතකයිද කියන්
ඒ අතීතයම හදවතේ ඉඳන්
මට රිදවූ හැටි ඇවිත් කියන්නම්.....


සිහිනයක් නැතී අන්ධකාරයෙන්
නෙතු පියා ගන්න අවසරයි ඉතිං
හෙට උදේ ඇවිත් හැම කඳුළ ම මං
යළි ආදරයට පෙරලා දෙන්නම්....



(ෆොටෝ එක ඉස්සුවේ චූටි නංගි නිර්මලී ගෙන් )

1 comment:

  1. ඔක්කොම හොදයි ඒත් ඔය සහේලිගේ කටහඩ අැහෙද්දි ටිකක් අවුල් වගේ.............

    ReplyDelete