Saturday, February 21, 2015

විඳිමි දඬුවම් 2 (ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී..)



කාලෙකින් ලියන්න බැරි උනා.....වැඩ...වැඩ......
ඒත් මම ලිව්වත් නැතත් නිකිණිලා රාජීව්ලා මේ මහපොළොවේ ජීවත් වෙනවා......
මට ඔවුන්ව අමතක නෑ .....
මේ සටහන කියවන්න කලින් මගේ 2014 ඔක්තෝබර් 25 දා සටහන කියවන්න...ඔබ හා හා පුරා කියල ගොඩ වැදුනානම්.....
එතකොට මුල මැද අග තේරෙයි......

  

ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී..



සිරි සිරි පොදක් වැටෙනවා...ජනේලෙන් එහා....
ඇය බලන් ඉන්නවා වැස්ස දිහා......
......
හ්ම්.......

නිකිණි හුස්මක් හෙලුවා..... 
කොළඹ කෝච්චියේ ඉඳගෙන මේ වගේම වැස්ස දිහා බලන් හිටපු මතක් උනා...මීට අවුරුද්දකට ඉස්සර......
ඇය නෙත් දෙක වැස්සෙන් අරන් අල්ලපු සීට් එක දිහාවෙන් තිබ්බා..... හ්ම් හිස් සීට් එකක්.....
ඇස දෙකට ආපු කඳුළු බිංදුව දෙකොපුලෙන් වාන් දමන්න කලින් ඇය ඇස් පියාගත්තා.......


හිත දිවගියා පැයක් ආපස්සට....


අනුරාධපුර ඉස්ටේසමේ පළමු වේදිකාවේ ඇය හිටගෙන හිටියේ පුරුද්දට..... 
කලින්දා පඩිපෙලක් නගින්න ගිහින් වැටිලා උළුක්කු උන කකුල තවම ඇදුන් කනවා...... 
ඉස්ටේසමේ යකඩ කටින් මෙහෙම ඇහෙනවා.....

" දෙවන වේදිකාවට තව සුළු වෙලාවකින් පැමිණෙන සීග්‍රගාමී දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය වනු ඇත. දුම්රිය........"

හ්ම් 

පඩිපෙළ නැගල එහාපැත්තට යන්න එපායැ . බඩු මලු දෙකත් උස්සන් කකුලත් කොරගගහ දැන් ඉතින් පඩි නගින්න එපායැ . 
කොහොම හරි අමාරුවෙන් පඩි පෙළ නැඟ ගත්ත. 
ඔන්න එතකොටම කෝච්චිය ඇවිත් නැවැත්තුව....මෙතන නවත්තන්නේ විනාඩි දෙක තුනයි......ඉක්මනට පඩි බැහැගන්න ඕනෑ ......

හිතුව තරම් ලේසි නෑ ....පඩි බහින එක අමාරුයි.....
ඇස් වලින් කඳුළු පැන්න එලියට......
මහා අසරණ කමක් දැනුනා. 
හ්ම්.......
ඉස්සර නම්......

නිකිණිගේ බෑග් එකත් උස්සගෙන...
අතිනුත් අල්ලාගෙන කෝච්චියට නගින්න හිටිය...
ඔහු.......
යාල් දේවි හූ කියනවා....
කකුල කකියනවා......
මුළු අනුරාධපුරේ අහසම කළු වෙලා.....වැහි බීරිම......හයියෙන් එන හුළඟට ගස් වල කොළ ගසින් වෙන් වෙලා ඇවිත් ඇගේ පාමුල වැටෙනවා...
අනේ දෙයියනේ.....මමත් මේ කොළ රොඩ්ඩක් වගේ නේද......
තඩිම තඩි වතුර බින්දුවක් ආකාසෙන් වැටුන බිමට.....තවත් තඩිම තඩි බින්දුවක් ඇගේ කොපුල් සිපගනිමින් වැටුන බිමට...අහසින් නෙමේ වැටුනේ..ඇගේ නෙතඟින්........

හ්ම්.......

ආයෙත් යාල්දේවි හූ කිව්වා...ඇයට ........

පැන පැන වගේ ගිහින් අද්දන කෝච්චියට නැගගත්තා.......


ආයෙත් යාල්දේවි හූ කිව්වා.......
ඒ සද්දෙට ඇය පියවි ලෝකෙට ආව .
ජනේලෙන් එන හිරිකඩ පොද ඇගේ මුහුණේ එකතු වෙලා ඇස් කොනින් ගලා යන කඳුළු බින්දු සඟවන්න අසාර්ථක උත්සාහයක......

"මිස්....ඔය ජනේලේ පොඩ්ඩක් වහමුද...?"

පිටි පස්සේ සීට් එකේ හිටපු කපල් එකේ තරුණයා ආයාචනාත්මක බැල්මකින් ඇහුව.....



"ආ.....සොරි....."


ඒ තරුණයාගේ කොන්ඩේ රාජීව්ගේ වගේමයි....
ඇයි දෙයියනේ හැමතැනම මට ඔහුව පෙන්නේ..... නිකිණි හිතුව.....
අවුරුද්දකට ඉස්සර ඔහුගේ අතින් අල්ලාගෙන මේ වැහි පොද දිහා බලන් උන්නු හැටි...... 
අද......
ඔහුගේ අලුත් මනමාලි ඔහුත් එක්ක මිණි මිණි පොද දිහා බලාගෙන ඇති......
හ්ම්
ඒත් මම අද තනියම.....නිකිණි හිතුව......


නිරංජලා සරෝජිනී ගයන මේ සින්දුව නිකිණි අහල තියන ලස්සන සින්දුවක් තමයි.....නමුත් රාජීව් තමන්ව දාල ගියදා ඉඳන් සින්දු අහන්නේ නැති ඈට මේ සින්දුව මතක් උනේ නැහැ.....


මිණි මිණි පොදේ ලා අඳුරේ තෙමි තෙමි ගිය දා
ඉඳහිට අදත් සිහිවෙනවා සිරිපොද දැකලා...// ♪ ♫


ආසිරි මල් වරුසාවේ නැහැ අපි තෙමුනේ
වැහි සිරි බලන්නට ඔබ නෑ අද කුඩ සෙවනේ.. //


මිණි මිණි පොදේ..... ♪ ♫


මා හෙලු කඳුලැලි පුරවා වැහිකලු ඒවී
ඔබෙ පාමුල මුතු වරුසා විසිරී යාවී.. //


මිණි මිණි පොදේ.... ♪ ♫



2 comments: