Wednesday, June 3, 2015

මහා සිසිල් බීම දන්සල......මේක ජෝක් එකක් නෙවේ



හදිසි වැඩ වගේකට කොළඹ යන්න උනා. 
අද උදෙන්ම කුකුළා අතේ අරන් පිටත් උනේ වෙලාවට අනුරාධපුරේට එන්න. 
වන්දනාවේ නෙමේ...රාජකාරියට....
අනුරාධපුර මහ ඉස්පිරිතාලෙට.....
කිරිකැටියෝ බලාගන්න ICU එකේ වැඩ කරන නිසා හරියට වෙලාවට කලාවට ඉන්න ඕන වැඩට.....
අම්මේ වාහන පෝලිම.... 
වන්දනාවේ යන වාහන......
වැඩියෙන් තිබ්බේ බට්ටා ලොරි..හත් අට දෙනෙක් පටව ගත්තු ත්‍රීවීලර්.....
හ්ම්
මිනිස්සු තම තමන්ට පුළුවන් විදිහට වන්දනාවේ යනවා...... 
? භක්තියෙන්.......
ඇත්තටම ශ්‍රද්ධාවෙන්ද යන්නේ......
මට මතක් වෙනවා අවුරුද්දකට ඉස්සර මම තැබූ සටහනක් 

මෙන්න කියවල බලන්න.....


ඒ වැව් ඉවුරේ දිනෙක රැයේ ......................

කොහොමින් කොහොමින් හරි කුරුණෑගල පහු උනා..
වෙනදටනම් කුරුනෑගල ඉඳන් අනුරාධපුරේට පැය දෙකයි...
අද වාහන වැඩි හින්ද උපරිම පැය දෙක හමාරක්..තුනක් යයි.....මම හිතුවා.


ඔන්න ටික දුරක් යද්දී මහා පෝලිමක්..... 
විනාඩි පහලවක් විතර යනකන් වාහන එක තැන..
හෙල්ලෙන්නෙවත් නැහැ.....හ්ම්.......

මේ පෝය දවසේ ඇක්සිඩන්ට් එකක්වත්ද...මගේ හිත කිව්වා....
හ්ම්
මම වෙලාවට රාජකාරියට යන්න ඕන..... 
ඒත් ඉතින්
ඔන්න ඔහොම ටික වෙලාවක් යනකොට තමයි දැක්කේ..
ලොකු අකුරින් ලියල තියනවා...

මහා සිසිල් බීම දන්සල කියල.....

ඔලු බක්කෙකුගේ වෙස් මූණක් දාගෙන හිටපු මනුස්සයෙක් ඇවිත් මගේ වාහනේ නැවැත්තුව...
මම හෝන් ගහල ලයිට් ගහල යන්න හැදුවේ බේරිලා...
කොහෙද...
කොල්ල පැනපි පාර මැදට....
මහා හයියෙන් හෝන් ගහගෙන හෙඩ් ලයිට් පත්තු කරගෙන ලොකු අකුරින් DOCTOR කියල රතුපාට කතිරයක් ඉස්සරහ වීදුරුවේ අලවපු මගේ වාහනේට යන්න නොදී පාර හරස් කරලා....


"අනේ මල්ලි මම හදිස්සියෙන් යන්නේ...ICU එකේ වැඩට...."

"කමක් නැහැ ඩොක්ට බීම එකක් බීලම යමු......"

බලෙන්ම වහේ බීම වීදුරුවක් පෙව්වා.....හ්ම් සෑහෙන්න පරක්කුයි.......


තවත් තැන් දෙක තුනකදීම මේක උනා.....

මෙන්න එක තැනක උන දෙබසක්....

" මල්ලි මම හදිස්සියකට වැඩට යන දොස්තර කෙනෙක්..මම වෙලාවට ගියේ නැත්නම් පුංචි දරුවෝ ගොඩකගේ ජීවිත අනතුරේ..." මම කිව්වා.

" ඒ උනාට සර් අපෙන් සරුවත් එකක් නොබී නම් යන්න බැහැ ..ඔන්න"


හ්ම්...


ඇත්තටම මේ මිනිස්සුන්ට පිනක් ලැබෙන්නේ...අර ICU එකේ මම එනතුරු ඉන්න පොඩි උන් ගාවට මට වෙලාවට යන්න දෙන එකෙන්ද ...නැත්නම් 
බීම..කොත්තමල්ලි පොවලා පොවලා...මුත්‍රා බර හිර කරගෙන ඉන්න මට තවත් සරුවත් පෙවීමෙන්ද..... 
ඇත්තම දන්සල යනු වන්දනාවේ යන අයගේ පිපාසය හෝ බද ගින්න නිවීම නොවේද....
කොහොම හරි වෙනදට පැය 2න් යන  ගමනට අද පැය 4ක්
හ්ම් 

මම මෙච්චර කල් මේ බ්ලොග් එකේ ලිව්වේ ගීත වලට සටහන්...
අද මම ලියනවා කතාවකට සටහනක්.....
මේ කතාව රූපවාහිනී වැඩසටහනකට කියන්නේ..... බන්දු සමරසිංහ....
මේක ජෝක් එකක් නෙවේ. 
අහල බලල හිනා වෙන්න... 
කාටද...අපි අපිටමද?



13 comments:

  1. මේක පිස්සු ලෝකයක්. බත්තරමුල්ලෙ ඇතුල් කෝට්ටෙ හන්දියෙ ඊයෙ තිබුන අයිස් ක්‍රීම් දන්සැලක්. බුදු අම්මේ වාහන පෝලිම. ත්‍රී වීල් බයික්ස් විතරක් නෙවේ..හයිබ්‍රිඩ්, ලෑන්ඩ් කෲෂර් හා නාප්‍රකාර පොෂ් වාහන. යකෝ මුන්ට පිස්සුනෙ..අයිස් ක්‍රීම් කෝන් එකක් රු50 ක් විතර වෙයි..කාපන්කෝ කඩෙන් අරන්. අනික රාජගිරිය බත්තරමුල්ල පාරේ මොන දන්සැල්ද? ඔය සල්ලි දීපල්ලකෝ ලමා නිවාසෙකට හරි නැති බැරි ලමයි ඉන්න දුෂ්කර පලාතක ඉස්කෝලෙකට? කවදා ඔලුව පෑදෙයිද මුන්ගෙ.

    ReplyDelete
    Replies
    1. හිඟන මනුස්සයෙක්ට දැන් දන්සල් වලට කිට්ටු වෙන්නවත් බෑ

      Delete
  2. මේ රටේ ඔක්කෝටම පිස්සු.. ඊයේ මම ඉන්න පැත්තේ දුන්තෙල් බත් දන්සලක් තිබුනා. මැණික් බිසිනොස් කාරයෙක්ගේ. රත්නපුර අවිස්සාවෙල්ල පාර සම්පූර්ණයෙන් බ්ලොක්. ඇම්බියුලන්ස් හිටන් බ්ලොක්. කාටද අනේ කියන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇම්බියුලන්ස් හිටන් බ්ලොක්....පින් බේරෙනවා මචන්

      Delete
  3. ඕවට දන්සල් කියන්න බෑ... දන්සලක් කියන්නෙ තමන්ට කැමති නම් තියෙන දෙයක් කාල බීල යන්න ඕනි තැනක්. ඒත් වෙන්නෙ බලෙන්ම ගිල්ලෝල යවන එක... දන්සල දෙන එවුන් ට්‍රයි කරන්නෙ උන් එකතු කරපු ලට්ට ලොට්ට ටික ඉක්මනින් ඉවර කර ගන්න...

    ReplyDelete
  4. අර වීඩියෝවෙන් කියන්න ඕනේ දේ නියමෙට කියල තියනව.

    ReplyDelete
  5. විඩියෝ එකේ බන්දු ඇත්තම කතාව කියනවා කිසි අඩුවක් නැතුව.. ඇත්තටම දන්සල් වදින්න ඕනකමක් නැති වෙන හදිස්සියකට ගමනක් යන කෙනෙක්ට ඔය රස්තියාදුවෙන් මිදෙන්න සෑහෙන්න වෙලාවක් යනවා..

    ReplyDelete
  6. පිස්සුව එන්න එන්න වැඩිවෙනවා මිසක් අඩුවෙන බවක් පේන්න නෑ. අනුන්ට හිංසාකාරී ලෙස "පින් "කිරීම ශ්‍රීලාන්කික ලක්ශනයක්ද මන්ද.
    පාර අවහිර කිරීම පමනක් නෙමෙයි මොහිදීන් බෙග් මගින් අහල පහල එවුන්ගේ කං පැලීම?

    ReplyDelete
  7. අයියත් පොසොන් එකට දන්සැලක් දුන්නා කියල ආරන්චියි..... ;-)
    අපි නම් බලන් හිටියෙ කවුරුහරි අපිවත් නවත්තල බොන්න දෙනකම්............ කාටවත් අපිව පෙනුනෙ නැද්ද කොහෙද

    ReplyDelete
    Replies
    1. දුන්නා තමයි... අයිස් ක්‍රීම් දන්සලක්....වන්දනාවේ යන අයට ..... කිසිම පාරක් බ්ලොක් නොවෙන්න...
      සිඳු නංගිට අයිස් ක්‍රීම් ලීටර් 4ක්ම කන්න ආසයි කිව්ව නිසා අයින් කරලා තිබ්බා

      Delete
  8. කියන්න දේ්වල් නම් ගොඩයි පුතා. ඉස්සරලම චූටිපුතාට කොහොමද දැන්? දන්සැල් වලින් මම දකින එකම හොඳ තමයි කාටහරි මොනවහරි දෙන්න මුදල් හා කාලය වෙන්තිරීමේ සංස්කෘතිය රැක ගන්න යාන්තම්ට හරි උදවු වෙන එක. ඉන් බැහැර පින් සිදුකර ගන්නේ නැහැ, සාමානය මිනිස් ගුණාංග හා සිතුවිලි වත් අරමුණ උදෙසා වන ක්‍රියාවක් වත් නැහැ. ඉන් සාමාණ්‍ය සමාජයට වන හානියනම් උපරිම. ඔබේ කලා හැකියාවන් ඔබව දිවයිනේ පළමු තත්වයට ගෙනගියා අමතක නැතිව ඇතිනෙ? මට පෙනෙන්නෙ ඒ කලා හැකියාවම තමයි ඔබ නිහතමානී සාමාන්‍ය මනා සමාජ අවබෝධය ඇති පරිපූර්ණ මිනිසකු කරලා තියෙන්නෙ. ඔබ ලංකාවෙ පිළිගත් වෘත්තිකයින්ට වඩා සාමාන්‍ය මිනිසකු ආකාරයෙන් සමාජය දකින්නෙ පැහැදිලිවම ඒ නිසයි. ඔබේ මූහුණ සජීවීව ඔබ දැකලා නැහැනෙ.මම දකිනවා. දිගට යන්න ඔබ දැන් මේ කරගෙන යන්නෙත් සමාජ මෙහෙවරක්. ඔබ Dr. Kelum නෙවෙයි කැලුම්පුතා අපිට සමාජයට. මම කැමතිම ඔබේ කථාවක් කියෙව්වා. අර ගෑනු ලමයත් එක්ක පලමු වරට බස්එකේ ඇවිල්ලා ගෙදර යාගන්න බැරිව අපේ ගෙදර ආපු දවස. ඒක දැනගත්තෙ දැන්නෙ. නැතිනම් මට එදාම නියම උපදෙස් ටිකක් දෙන්න තිපුනා. (අර කවියා හදද්දි හැමදාම බැන්නෙ?) ඔබට ජය! වාසල අංකල් -(අසංකගෙ තාත්තා)

    ReplyDelete