Thursday, June 12, 2014

ඒ වැව් ඉවුරේ දිනෙක රැයේ ......................

පුරහඳ එලිය වැටිලා තිසා වැවට....වැව පැත්තෙන් එන්නේ හරිම සිසිල් සුළඟක්.....වෙලාව රෑ නමය පහුවුනා විතරයි......මම ඈත බලනවා.....කිරි පාටට බබලන රුවන්වැලි සැයේත් ...මිරිසවැටියෙත් ආලෝකය වැටිලා තිසාවැවට .....හරි මැද්දෙන් හඳ එලිය.....එක පාරටම ඇස් නිලංකාර වෙලා ගියා මගේ....... මහසද්දෙකුත් එක්ක වැන් එකක් නැවැත්තුව මට එහා පැත්තෙන්....එකේ හෙඩ් ලයිට් එලියට මගේ ඇස් තවම රිදෙනවා......වැව අයිනේ වීදි පහන් එළියෙන් මට පෙනෙනවා......වන්දනාවේ ආව නඩයක් බැස්ස එලියට අර වැන් එකෙන්....... මහා සද්දයක්.....බොන්ගෝ එකක් එක්ක පැන්න කොල්ලෙක් එලියට.......කට්ටිය හයියෙන් කියනවා සින්දු.......තුන් සරනේද කියන්නේ......
මම අහගෙන ඉන්නවා....
"රම්බරි කියපන් උඹේ නොම්බරේ....." ඔය සීදේවි ගෑණු ළමයි ටිකකුත් තාලේ අල්ලන්නේ......
මට නිකන්ම හඳ දිහා බැලුන.....හඳත් බලාගෙන ඉන්නවා නොසෙල්වී......
ඔය අස්සේ.....වීදුරු බෝතල් එකට වදින කොට එන සද්දෙකුත් ඇහුන.......
ඔන්න එක්කෙනෙක් කෑගහනවා.....
"මචං .....නාමු......වරෙල්ල......"
කට්ටියම දිව්වා වතුරට........
පුද්ගලික රක්ෂණ සමාගමකින් එල්ලපු බෝඩ් එකක් එතන බලාගෙන හිටිය....හුළඟට හෙල්ලි හෙල්ලි.......එකේ පොල්ගෙඩි අකුරින් රතු පාටට ලියල තිබුන.....
" දිය ගැඹුරුයි...පරිස්සමින් " කියල......
ගෙවල් වලදී මාස ගණන් නාන්නේ නැතුව හඩු ගඳ ගගහ ඉන්න අයත්.....වතුරේ......
අර සීදේවි ගෑණු දරුවෝ ටිකත් වතුරේ.........

මම ආයෙත් බැලුව හඳ දිහා.....හඳ දැක්ක මම බලනවා......වහගත්ත මූණ කළු වලාකුලකින් .........දැන් පාර අයිනේ ලයිට් කණුවල එලිය විතරයි........
මම ඇස් පියාගත්තා.........
මම ගියා අවුරුදු දහස් ගණනක් අතීතෙට...එළාරගේ කාලෙට......විජිතපුර සටන ඉවරවෙන්න තව ටික දවසයි.......එදා හඳ එලිය විතරයි තිබ්බේ...ලයිට් නැහැ.....
ඔබයි මමයි හඳ එළියේ හිටිය මතකද.....පින්වත් කුමරිය.......මම අභිමානවත් ලෙස සෙනෙවි ඇඳුමින් හිටියේ.....යන්තම් මතකයි.....
ඇය දුන්නු අසිපත අරන් මම ගියා විජිතපුර සටනට......ඒත් ...කවදාවත්ම ආයේ හමුවුනේ නෑ .....මේ බවය වෙනකන්ම............


මගේ හිත කියවල අකුරු කලේ ආචාර්ය අජන්තා රණසිංහ,

සෝමපාල රත්නායක සංගීතය එක්කලා .....හඬ ආචාර්ය වික්ටර් රත්නායක සමඟ නිරන්ජලා සරෝජිනී



අහල බලන්න.....


තිසා වැවේ දිය රේඛා මත සඳ රේඛා ඇඳුණා විනා
විදුලි පහන් එලි එදා මෙතන නැහැ දැල්වුණේ
විදුලි පහන් කෙදිනද මෙහි නොදැල්වුණේ

ඇකී මැකී යන සෙල් ලිපියක් බඳු අතීතයක් මතකයට නැඟේ
ඒ වැව් ඉවුරේ දිනෙක රැයේ අපි හිටියා සඳ සෙවනේ
ඈත කදෝකෙමි පහන් රුවින් යාන්තමින් මතකය මතුවේ
එදා මා ළඟ ඔබ හිටියා අභිමාන සෙනෙවි සළු පළඳා

එදින රැයේ මේ නුදුරු ඉසවුවේ විජිත පුරේ අවසන් සටනයි
ඔබ දුන් රන් කග සුරත දරා තුරඟු අරා මා ගියදා
ඒ ගමනින් පසු පෙම්වත් කුමරෝ මේ අදයි අපි හමු වූයේ
පුනර් ජන්මෙක අද වාගේ හමුවන්න ඇති අපි දෙදෙනා

මම ඇස් ඇරලා බැලුව......වන්දනා නඩය ගිහින්.....හඳත් ආපහු ඇවිත්....... දිලිහි දිලිහි තියන වීදුරු කටු ගොඩක් වැව් ඉවුරේ...පේනවා හඳ එලියට.....අද පොසොන්....ලංකාව වටෙන්ම එයි....සෙනග......මෙහෙට අද......
තිසා වැවෙන් එහෙම නාල පොඩි ආතල් එකක් අරන් යන්න............හ්ම්


No comments:

Post a Comment