Sunday, June 7, 2015

ඔබේ ඇසුර අප පින් කල පෙර නිමිතී...



අවුරුද්දක් ගෙවිලා.... ජුනි 05....දෙදාස් දාහතර අවුරුද්ද......
මොකක්ද මේ මම කියන්න හදන්නේ...
ඔබ හිතනවා ඇති.....

මම මේ කතාව පටන් ගන්නම් ඊටත් කලින් ඉඳන්....
ඒ දවස් වල මම හිටියේ මන්නාරමේ..... 
ගෙදරින් ගොඩක් ඈත. බිරිඳගෙන්, දරුවන්ගෙන් ගොඩක් ඈත...
හිතේ දුකින්.....
අර කතාවක් තියෙන්නේ කවියෝ පහල වෙන්නේ තනිකමෙන් කියල......
හ්ම්....
ඒ දවස් වල මම ඔහේ කුරුටු ගානවා...
කවි...කතා.....ඔය වගේ එක එක යාං හෑලි ...

හ්ම්....

ඔය වගේ දේවල් මම එක්කෝ කොළ වල ලියනවා...
එහෙම නැත්නම් Facebook එකේ පොස්ට් කරනවා....
ඒ දවස් වල මට කල්‍යාණ මිත්‍රයෝ සෙට් එකක්ම හිටියා මන්නාරමේ..... සමීරයා...කාන්චනා නංගි ... කපිල මල්ලි.... නාමල්....ආදී එකී මෙකී නොකී සියල්ලෝම.....
සමහරු මට යාං හෑලි ලියන්න සින්දු හොයල දෙනවා..තවත් සමහරු ගුණ දොස් කියනවා... වැඩ කෝටියයි...
ඔය අතර මගේ නිර්මාණ facebook එකේ දානවට තරයේම විරුද්ද උන කෙනෙක් තමයි සමීර.....


"මචන් කැලුමෝ ....උඹ ඔය facebook එකේ ලියන ඒවා වෙන මොකෙක් හරි කොපි කරගෙන උගේ කරගත්තොත්.....පිස්සු නැතුව බ්ලොග් එකක් පටන් ගනින්......"
බ්ලොග් එකක් කියන බීජය මගේ ඔලුවේ පැලකලේ සමීරයයි....කාන්චනා නංගියි....

ඔන්න අන්තිමට මම මන්නාරමෙන් සමු අරන් ආවා...
ඒ එක්කම මගේ සරසවි මිතුරෙක් මට කතා කරනවා.....
අවුරුදු 7කට පස්සේ....
මගේ facebook ලියවිල්ල නිසා....කුෂාන් සුචරිත....... 
ඔහු මගේ නොම්මරේ හොයාගන්න දඟලපු දැඟලිල්ල ඇහුවම මට පුදුමයි.....

කොහොමෙන් කොහොමෙන්හරි අනුරාදපුරේට ඇවිත් මාසෙකට විතර පස්සේ මම හදනවා බ්ලොග් එකක්..... 
මාර කැතයි..... 
එතැනදී මට උදව් වෙන්නේ... Lankantunes සහ දොස්තර.LK නිර්මාතෘ නාමල් සහෝදරයා......

ඔන්න දැන් මම ලියනවා....
හැමදාම වගේ මගේ බ්ලොග් පොස්ට් facebook එකට දැම්මම ඉස්ඉස්සෙල්ලම like එක වැටෙන්නේ මගේ චූටි නංගියා නිර්මලීගෙන්....
ඊට අමතරව මගේ පොස්ට් වල ගුණාගුණ කියන චන්ද්‍රිකා මැඩම් , ලක්මාලි නංගි ..ඇතුළු නම කියූ නොකියූ හැමෝම මතකයි මට....

බ්ලොග් මාවතේදී මට හමුවන විශේෂ චරිතයක් තමයි අවන්හලේ මහේෂ්....ඔහුගේ ගුණදොස් වලට ගොඩක් පිං .....
ලෝකයේ කොනක ලියන සිඳු නංගි මම සැබෑ ජීවිතයේදී දන්නා අඳුනන කෙනෙක් කියල දැනගත්තේ ගොඩක් පස්සේ.... ඔත්තුව දුන්නේ කාංචනා නංගි ......

මම බ්ලොග් ලියන්නේ මහ රෑ... 
නිදාගන්න අප්පච්චී එනකන් බලන් ඉඳල නිදිමත වැඩිකමට අම්මගේ අතේ නිදියන ලොකු පුතා බිනුල ප්‍රභාශ්මිත....
අයියට කලින් අප්පච්චිව අල්ලගන්න ඉඳල ඉබේම නින්ද යන පොඩි පුතා දිනුල තශ්මිත....පුතේ සමාවෙන්න....
මම පොස්ට් ලියනදාට කතන්දර කියන්න බැරි උනාට.....

බ්ලොග් ලිවිල්ල හින්ද මහ රෑ දෙගොඩහරි ජාමේ වෙනකන් නිදිමරන මාව ඉවසා වදාරන ආදරණීය බිරිඳ...ගිවානි.... ඔබේ හිත සුන්දරයි.....

මගේ බ්ලොග් එක Follow කරන මිතුරු මිතුරියන් හැමටම පින්....

අවස්ථා කීපයකම මගේ බ්ලොග් එකෙන් උපුටා ගැනීම් හමුවුනා....හිතට පුංචි ආඩම්බරයක්......

කොහොම හරි අවුරුද්දක්ම ලියලා .....සටහන් 77ක් ....
හ්ම්
මේ සටහන් 77ම මේ ලෝකේ මට හමුවෙලා තියන චරිත වටා ලියවුනේ...
එක්කෝ..මිතුරු මිතුරියන් අතර...
එක්කෝ රෝහලේදී..
එක්කෝ කඩපිලේ හෝ සුපර් මාර්කට් එකේ....
හැම තැනම.....

තව දුරටත් ලියන්න පුලුවන්ද....මගේ උඩු හිත අහනවා යටි හිතෙන් ......
හ්ම්.....
හිතල බලන්න ඕනෑ ....

මේ ගමනේ මට හමුවුණු මිතුරු මිතුරියන් සැමට මේ ගීතය උපහාරයක් වේවා.....


වනේ වන සතුන්ටත් වැඩි රුදු තුඩිනී
ඇනී මිනිස් දළ තැවෙනා සඳ සොවිනී
අමාවකට පෑයූ පුන් සඳ ලෙසිනී
ඔබේ දැකුම අප පින් කල පෙර නිමිතී

මිතුරු තෙමේ කුමටද සැපයෙහි පැවතී
මිතුරු සෙනේ කුමටද විපතෙහි නොමැතී
මිතුර ඔබය දුක සැප දෙකෙහිම පැවතී
ඔබේ ඇසුර අප පින් කල පෙර නිමිතී

වනේ වන සතුන්ටත්...

දිවි කතරේ දැවුණා තුන් යාමයක
පිය මිතුරේ ඔබදෝ දිය සීනයෙක
මතු සසරේ යමු උපදින කාලයක
ඔබ ඇසුරේ උපදිමි හැම වාරයක

වනේ වන සතුන්ටත්..




5 comments:

  1. පොඩි කාලෙක ඉදන් බ්ලොග් එක කියෙව්වට කමෙන්ට් කලේ නම් නෑ,,සුභ පැතුම් බ්ලොග් එකේ අවුරුද්දේ උපන්දිනේට

    ReplyDelete
  2. සුබ පැතුම් අයියේ. දිගටම ලියන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  3. සුබ පැතුම් මචෝ...... අව්රුද්දක් කියන්නේ ලොකු කාලයක් පොස්ට් 77ක් කියන්නේ ඊටත් ලොකු දෙයක් ලියන්න දිගටම අපි එනවා බලන්න

    ReplyDelete
  4. මාව අමතක කරල......... හ්ම්ම්ම් !!! බලා ගමු !

    ReplyDelete
    Replies
    1. ලෝකයේ කොනක ලියන සිඳු නංගි මම සැබෑ ජීවිතයේදී දන්නා අඳුනන කෙනෙක් කියල දැනගත්තේ ගොඩක් පස්සේ....

      Delete