Monday, November 14, 2016

විඳිමි දඬුවම් 3 (සිනාසෙනු මැන එදින මට නොවේ මගෙ හිතට..)






කාලෙකින් ලියන්න බැරි උනා.....හිත එකලාසියක් කරගන්න බැරිවුනා ......
ඒත් මම ලිව්වත් නැතත් නිකිණිලා රාජීව්ලා මේ මහපොළොවේ ජීවත් වෙනවා......
මට ඔවුන්ව අමතක නෑ .....



මේ සටහන කියවන්න කලින් මගේ 2014 ඔක්තෝබර් 25 දා සටහන

සහ
2015 පෙබරවාරි 21  සටහන
කියවන්න...ඔබ හා හා පුරා කියල ගොඩ වැදුනානම්.....
එතකොට මුල මැද අග තේරෙයි......


සිනාසෙනු මැන එදින  මට නොවේ මගෙ හිතට..

"මොකද නිකිණි ඔලුවේ කැක්කුමද? 
මේ.. ඇස් දෙකත් රතු වෙලා" සෙව්වන්දිගේ කට හඬට නිකිණි ඔලුව උස්සල බැලුවා ...

"ඔව්.. ටිකක් විතර"

" මොකද අනේ අප්සට් එක....කියන්නකෝ මොකද උනේ...."

"මොකුත් නෑ ....ඊයේ රෑ නින්ද ගියේ නෑ ....ඒක නිසා ඔලුව කැක්කුමයි..."

නිකිණි ආයෙත් ඔලුව මේසේ ගහ ගත්තා....බොරුවක් කිව්වා තමයි..ඒත් දෙයියනේ කොහොමද මේවා කාටවත් කියන්නේ...... 

නිකිණි එදත් වැඩට ආවේ වෙනද වගේම තමයි....
ඒකාකාරී ජීවිතේ..වැඩ කරන තැනින් ගෙදරට ගෙදරින් වැඩ කරන තැනට .... 
ගෙදරට වෙලා ඉන්නකොට අතීතයේ ඉඳිකටු තුඩු හිත සිදුරුකරන නිසා ඇය කැමතියි වැඩ වැඩිවෙනවට... එතකොට කල්පනා කරන්න කොහෙන්ද වෙලාවක්......

හ්ම්......

අතීතයේ ඉඳිකටු තුඩු හිත සිදුරු කලාම තැනක් නොතැනක් නැතුව ඒ රුහිරු කඳුළු වෙලා ගලනවා...
මේ දැන් උනා වගේ.... 
මොනවා කරන්නද...හිතකට උනත් දරාගන්න පුලවන් තරමක් තියනවනේ....
හ්ම්.....
නිකිණි උදේ ඇවිත් කොරිඩෝව දිගේ ඇවිදගෙන එද්දී චුට්ටක් නැවතුනේ යෙහෙලියක් කතාවට ඈදුන නිසා....
දැන්නම් හිතෙනවා වැඩිපුර කතාකරන්න පමා නොවී ගුඩ් මෝනින් කියල එතනින් ඉක්මනට ආවනම් කියල..... මොනවා කරන්නද උන දේ උනා...
සමහර විට ආයේ ආයෙත් මේ විදිහට හිත රිදෙන්නේ පෙර කල අකුසලයක් නිසා වෙන්න ඇති.....නිකිණි තනියම හිතුවා......

පළල් කොරිඩෝවට ඇතුල් වෙන්න තිබුන වීදුරු දොර ඇරෙන සද්දෙට නිකිනිත්...යෙහෙළියත් හැරිලා බැලුව.....

ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක්.....

නෙරා ආපු උදරයට ඉස් ඉස්සෙල්ලම යොමු උන ඇස් ඇගේ මුහුණ කරා දිවගියා...
කොරිඩෝවේ දිරච්ච සිවිලම එකපාරටම නිකිනිගේ දිහාවට එන්න ගත්ත ගැලවිලා.....
නිකිණිගේ හිසේ සිට පපුවටම ලොකු තුවාලයක්..... හිතයි...පපුවයි ඇදුම් කනවා ඇයට දැනුනා..... 
දෙයියනේ මේ රාජිව්ගේ වයිෆ් නේද......
ඔව්...අර වීදුරු දොරට එහායින් මේ පැත්තට ඇවිදගෙන එන්නේ රාජීව්...... 
නිකිණි පියවි සිහියට ආව...සිවිලිම නම් කැඩිලා නැහැ...ඒත් හිත කැඩිලා , බිඳිලා , විසිරිලා ....
හරියට කැඩපතක් කැඩිලා විසිරිලා වගේ.... 
නිකිණි පස්ස නොබලාම ඇවිදගෙන ගියා කොරිඩෝව පහුකරගෙන........
ඒ ආපු ගමන ඔලුව ගහගත්ත ගමන්ම තාමත්.....
හ්ම්
අවුරුදු තුනකට පෙර මතකයේ නිකිණි අතරමං උනා....
පොඩිවෙච්ච කමිසයක් ඇඳගෙන...මුළු ලෝකෙම ප්‍රශ්න ඔලුවේ පුරෝගෙන උන්නු ඔහු...ඇයට හමුවෙනකොට හිටිය ඔහු.....
ගෙදර කරදර....සොයුරු සොයුරියන්ගේ වැඩ....රාජකාරි ප්‍රශ්න වලින් හෙම්බත්වෙලා....කලකිරීමෙන් උන්නු ඔහු......
මලක් තියා කොලයක් වත් නැති කටුපඳුරක ශුෂ්ක බව දරා සිටි ඔහු....
ජීවිතයේ කටෝර කාන්තාරයේ අතරමං වෙලා සිටි ඔහු........
ජීවිතේ බාධක ජයගන්න....නොසෙල්වී ඉන්න ඔහුට කියල දුන්නේ ඇය ......
ලඟින් උන්නේ ඇය......හ්ම් 

ඒත් .......

ජීවිතේම මූසල රාත්‍රියක් වෙලා අඳුරේ අතරමං වෙලා උන්නු වෙලාවක..... 
හැමදේකටම ලඟින් උන්නේ ඇය .........තරු කැටයක් වගේ...
 නිකිණි ...ඔහුගේ පතිනිය වෙලා....එක කැදැල්ලක තනි වෙන්න...පුංචි දරුවෙක් හදන්න හීන මවව නිකිණි......
ඔහුගේ ලෝකයේ තනි තරුව වූ නිකිණි......
කවමදාවත් හිතුවෙ නෑ නිකින්නියේ ඉඩෝරෙට අහුවෙලා ඉරිතැලුණු වැවක් වගේ තමන්ගේ ජීවිතේ මේ විදිහට ඉරිතලයි කියල.....


රාජිව් දැක්කද දන්නේ නෑ මාව....නිකිණි හිතනවා..... සමහර විට හිනාවෙනවා ඇති පිස්සුවෙන් වගේ ආදරය කරපු මට.... මොනවා කරන්නද........


දයා ද අල්විස් නිකිණිගේ සිතුවිලි ලියල තිබුන ....බොහෝ ඉස්සර.....සෝමපාල රත්නායක ස්වර රටා මුසුකලා.....නිරංජලා සරෝජිනී මේ ගයන්නේ නිකිණිගේ යටිහිතද.......




මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට
එකම එක මලක් වී සුවඳ දුන්නෙමි කලෙක
වසන්තය අලුත් මල් අතු පුරා ගෙනෙන විට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

ඝන අඳුරු රැයක් වී හැඬූ විට ජීවිතය
පැතුම් දී එළි කළෙමි පුංචි තරුවක් විලස
සිනාසෙන පුරා හඳ වඩින දා පෙර මඟට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

සිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස
රුවන් මාළිගාවක පහන් දල්වනු කුමට
ඉඳ හිටක සොයද්දී යටගියාවේ මතක
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට ...//


2 comments: