Thursday, September 4, 2014

ස්ත්‍රීත්වය ගණිකා වුර්තියේ යෙදවීම...............

යුවතියක් නැග්ග බස් එකකට... 
බස් එකේ හිස් සීට් ගොඩක් තිබ්බ හින්ද වාඩි උනා ජනේලයක් අයිනෙනේ...ඇය ඉස්සරහ බැලුව....
රියදුරු අසුනට උඩින් බුදු හාමුදුරුවොයි, සීවලී හාමුදුරුවොයි, ගණ දෙයියොයි වැඩ ඉන්නවා. 
ආ ... මේ සරස්වතී දේවීන් වහන්සේත් වැඩ ඉන්නේ.... 
සමාජයේ වැදගත් යයි සම්මත ගනයේ රැකියාවක් කරන ඇය බස් එකේ යන්නේ පුද්ගලික වාහනයක යන්න බැරිකම නිසා නෙමේ.... 
නිහතමානී කම හින්ද....
බස් එකට ටික ටික සෙනග පිරෙනවා.... 
ඔන්න බස් එක පිටත් වෙනවා... 
ඇයට එහා පැත්තේ ඉඳගත්තේ තරුණ විය ඉක්මයන්නට ඔන්න මෙන්න කියල තියන පිරිමියෙක්.. 
බස් එක යන්නේ තරමක් කැලෑබද පාරක.. හරිම ලස්සන පරිසරය.... හරිම ලස්සන වැවක්... 
ඇය ජනේලයෙන් එපිට බලාගෙන වැවේ සිරි නරඹනවා... 
වැව මැද්දෑවට වෙන්න කොකෙක් සුදෝසුදු රෙද්දක් පොරෝගෙන 
සිල් රකිනවා....තනි කකුලෙන් හිටගෙන....
හ්ම්....
ඒත් ඇස් දෙක තියෙන්නේ වැව් පතුල දිහාවේ....
ඇහිපිය ගහන වෙලාවකින් කොක් උපාසක මහත්තය වතුරට පාත් උනා...
තඩිම තඩි ලූලෙක් අල්ලාගෙන පියඹලා ගියා....
ඇගේ හිත ගැස්සුනා....
කවුදෝ මොනවහරි කියනවා වගේ ඇහුන හින්ද ඇය ඔලුව හරවල බැලුව. 
එහා පැත්තේ වාඩිවෙලා හිටපු කෙනා කෝල් එකක්....

"මං ගාව වාඩිවෙලා යනවා ලස්සන කෙල්ලෙක්....ඔව්...ඔව්......නෑ ...මගේ මූණවත් බලන්නේ නැහැ....ජනේලෙන් එහා පැත්ත බලාගෙන යන්නේ...."

"මේ මොන කෝලමක්ද .....මට පිස්සු යැ එක එක මිනිස්සුන්ගේ මූණු වලට එබි එබී ඉන්න.." ඇය තනියෙන් හිතනවා....

"ඔයාගේ නම මොකක්ද....කොහාටද යන්නේ....." 

ඔන්න මේ මනුස්සය අහනවා. ඇය උත්තරයක් දුන්නේ නැහැ. තවත් මොන මොනවදෝ කියවනවා. 
අහල පහල මිනිස්සුත් බලනවා ...
මොන කෝලමක්ද මේක....
ඔන්න වඩේ කාරයෙක් නැග්ග බස් එකට... 
අර පුද්ගලයා වඩේ මල්ලක් අරන් දික්කරනවා ඇයට . 

"එපා..ස්තුතියි." ඒ ඇගේ හඬ....

මෙන්න මූ වඩේ මල්ල ඇගේ ඔඩොක්කුවෙන් තියල ඇගේ බෑග් එකෙන් අදිනවා.

"කෝ දෙන්න ඔයා වඩේ කනකන් මම මේක තියාගන්නම්."

අත පුරවල කණට එකක් දෙන්න හිතුන. 
ඒත් අර වාරියපොළ කෙල්ල වැඩේ කාලනේ දැන්... 
මම කනට ගැහුවොත් මමත් ඒ ගානට වැටෙයි...මිනිස්සු මට බනියි. මොකද මං කරන්නේ....ඇය හිතනවා....

බස් එක ඉස්සරහ වැඩ ඉන්න දේව රූප තමන්ට ඔච්චම් කරනවා වගේ ඇයට දැනුන. එතන පත්තිනි රූපයක්නම් තිබුනේ නැහැ....
බස් එකේ යන දෙවි දේවතාවුන් තම තමන්ගේ ලෝකවල....ඇයට වචනෙකින්වත් සහනයක් නැතුව....
මේ විදිහට නොයෙක් අඩම්තේට්ටම් එක්ක ටික දුරක් ආව.... 
පත්තිනි දේවිය බස් එකට නැග්ග මහලු වෙසක් අරගෙන....ආව මේ සීට් එක ලඟට......අර පුද්ගලයට කියනවා මෙහෙම.....

"අනේ පුතේ මට හිටගන යන්න අමාරුයි"


මෙන්න මෙච්චර වෙලා අර යුවතියට වදයක් උන මනුස්සයා හොරට නිඳි .....ආච්චි අම්මත් ඇත අරින්නේ නැහැ....මිනිහගේ උරහිසින් අල්ලලා හෙල්ලුවා.....

"අනේ පුතේ මට සීට් එක දෙනවද....."


මිනිහට නැගිටින්න උනා..... ඇය සෑහෙන වෙලාවකට කලින් ඉහලට ගත්ත හුස්ම පහලට හෙලුව ............
ඒ වෙලාවේ බස් එකේ බයිලා සින්දුවක් තමයි දාල තිබ්බේ......
ඒත් මට හිතෙනවා මේ ගීතය ගියානම් කියල.....
මේ සිංහල විරෝධාකල්ප ගීත කලාවේ අග රැජින.....නන්දාමාලනි ගේ හඬ.....
සුහර්ෂනී ධර්මරත්නගේ මේ පද සරණිය....එම්. ආර්. චූලසිංහගේ සංගීතය






බලා එන්ට මහ පෙරහැර
සිදාදියට මං ගිය කල
පෙරළා එන්නට නොහැකිව
පාර වැරදුනි
සෙයිලමේ බමර පිරිවර
උදව්වට ඇවිත් කළ වින
කියන්නට ගියේ දෙවොලට
ගයා යාදිනි

ගොහින් මව්පියන් සමගින්
වැටී අඩදනින් බැතියෙන්
වඳින කල දෙවොල හිසමත
කැඩී පෙරලුනී
සිව්වරම් පතා ළසොවින
තිරෙන් මුවාවට ගිය තැන
අනේ ඳෙවිඳු පාමුල
ඉන සළුව ගිලිහිනී

පිලේ කඩ පිලේ අගුවල
දොලේ තොටුපොලේ බැදිවල
පැලේ වැඩපොලේ ඇවිලී
රාග ලැව්ගිනී
කඩා තන මඩල සරොසින
දවා ගිනි ගැනුන පුරවර
දවාලනු මෙපුර සැනෙකින
සිද්ධ පත්තිනී



බස් එක නවත්තන තැනට ආව...අර පුද්ගලයා බිමට බැහැල බලාගෙන ඉන්නවා.....ඇයව එක්කන් යන්න එන වාහනේ එනකන්ම බස් එකෙන් බහින්නේ නැතිව ඉන්න උනා බයට......


පහුගිය දවස්වල අන්තර්ජාලයේත් මාද්‍ය වලත් ඉහලින්ම කතා කරපු වාරියපොළ සිද්දිය ගැන මම ලිව්වේ නැත්තේ කුණු ගොඩවල් අවුස්සන්න තිබ්බ අකමැත්ත නිසා.... නමුත් මග තොටේදී .... රැකියා ස්ථානවල ..මෙකී නොකී හැම තැනම කාන්තාවන්ට කොච්චර ලිංගිකත්වය මත පදනම් වූ හිරිහැර වෙනවද.... ඉස්සරනම් කෙල්ලෙක් කනට එකක් දුන්නම......එක්කෝ කුඩෙන් හරි සපත්තුවෙන් හරි ආරක්ෂාවක් තිබුනා..... නමුත් අර වාරියපොළ කෙල්ල තැලෙන යකඩෙට උඩ පැන පැන තලනවා වගේ....පැයක් විතර ගැහුවම......කොටින්ම කියනවනම් මන් මේ කිව්ව වගේ සිද්දි වලට මුහුණ දෙන කාන්තාවන් තවත් අසරණ වෙනවා නේද...... හදිස්සියකට කුඩෙන්වත් පාරක් දෙන්නේ කොහොමද....වාරියපොළ කුමාරිහාමිගේ නංගි කියල කියයි මිනිස්සු

4 comments:

  1. Dear Kelum,
    this shows how much you care for females. You belong to the group of males who care for females. You would have been brought up by a good female ( mother), who has taught you such values. Regarding Wariyapola girl , she might be a girl who goes in the bus as she has no other way of going, unlike the girl in your story. She might be a person with many financial , and other social problems. May be that she is subjected to this kind of harassment in daily basis, may be by the same male or different males. We all had seen the video of what she did, not the whole thing. This is after provocation, people kill others in extreme situations of provocation, that is human nature.
    I think we need to look at her not in this manner, may be she was little too much as it appears, but it should not be a reason for other females to not to protest when they are affected. There are enough instances when the female has just given one slap also she was accused with various names. I salute this girl for her courage.More than females may not be able to protest , I think hereafter such males will think twice before they harass females on the road.

    ReplyDelete
  2. ඇත්ත කැළුමො අර පිස්සු මළ හොන්තුව කොරපු වැඩේ හන්ද අපිට දැං කුඩෙං පාරක් වත් කන්න නෑ නෙව... එහෙම ගැහුවොත් අර කෙල්ලට කියන්නෙ අන්න වාරියපොල කෙල්ලගෙ ඥාතියෙක් කියල...
    හරි පව් අනේ...
    හිහි..

    මිනිස්සු විවිධාකාරයි නෙව කැළුම්... අපිට සමහර වෙලාවට හුගක් දේ ඉවසන්න වෙනව...
    අනේ මංද

    ReplyDelete
  3. නන්දා මාලිනි ගේ ආලිය ලන්දට කැසට් පටියේ සිංදුවක්

    ReplyDelete