Thursday, October 26, 2017

ඔබ නෑ දෙවෙන්දොරා.....


සුවඳත් අරගෙන යනවද දවසක
නැවත නොඑන්නට තමබොචි සොහොනට.
අද අද පමණයි .. හෙට හෙට පමණයි...
අද අප උන්නට .. හෙට මා පමණයි....

සුබකි මලක් අත කෝපි සුවඳ මැද
ඔබ ඒවිද හිත පෙරමං බැලුවට
මමමම විතරයි ඔබ නෑ දෙවෙන්දොරා.....
ගිය උන් සේරම ආවද දෙවෙන්දොරා.....

කබුකි නැටුම් හල් දොරකඩ හවසක
යන එන නෙත් මැද ඔය නෙත් සෙව්වට
නොරිකොම විතරයි ඔබ නෑ දෙවෙන්දොරා......
ඉක්මනින්ම ගිය ඔබ කොයි දෙවෙන්දොරා.....

6 comments:

  1. හරිම ලස්සනයි. කොහොමත් මම ආසයි නොරිකො සහ දෙවෙන්දරා සං ගැන ලියන කවි වලට

    ReplyDelete
  2. අහා! මල්ලි, කළින් ලියා තිබුණා නම් මම මේකට ගන්නවා...
    http://yasanathsithuwili.blogspot.com/2013/02/blog-post.html

    ReplyDelete
  3. ප්‍රේමය නෙතු අග
    සිතුවම් මැවුවට
    හදවත පමණක්
    ඉකිබිද වැලපෙන

    සැනසීමක් නැති
    හීන අහුරු නැති
    අවිනිශ්චිත මම
    මියැදුනු දෙවෙන්දොරා...

    ReplyDelete