Thursday, October 19, 2017

ආදරණීය අඳුර...




හඬා වැලපෙන අහස මම
සිනාසෙන වැව් තරඟ ඔබ...
වැව් දියේ සෙනෙහසින් නැලැවෙන
සුමුදු සුදු සියපතයි ඇය.....


අහසෙ පිපි තරුපතිය මම
කැලුම් ලද මහ පොලොව ඔබ
ලෙවන් හද ගැබ පෙමින් ඉල්ලන
සුමුදු සුදු තරුමතිය ඇය......


සැලෙන නැලැවෙන පහන ඇය
සිඹින රෑ මද පවන ඔබ...
බිදුණු පෙම් සිත් පතන තනිවන
රැයේ නිසසල අඳුර මම......

8 comments:

  1. අනුරාධපුරයෙන් ලියන කවි වල වැව් ගැන තියනවමයි.
    /සැලෙන නැලැවෙන පහන ඇය
    සිඹින රෑ මද පවන ඔබ// මේ දෙන්නෙක් ගැනද එක්කෙනෙක් ගැනද

    ReplyDelete
    Replies
    1. මෙහි කථකයා කාන්තාවක්......
      එවිට
      මම = යුවතියක්
      ඔබ = තරුණයෙක්
      ඇය = වෙනත් යුවතියක්

      Delete
  2. අපූරුයි.

    ජයවේවා!!!

    ReplyDelete