Friday, August 29, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 7 - "A part of me will always be with you"



වෙනද වගේ නෙමේ අද මම කතාව පටන් ගන්නේ පහුගීය කොටසේ අන්තිම හරියෙන්....ඒ ටික ආයෙමත් ලියන්නම් මෙහෙම......


......මම පේරාදෙණි පාලම උඩට වෙලා ඒ බොර වතුර දිහා බලාගෙන ඉන්නවා. පාලම පටු හින්ද පිටිපස්සෙන් යන වාහන නිකන් ඇඟ උඩින් යනවා වගේ දැනෙන්නේ.....මට හිතෙනවා මේ බොර වතුර මට අතවනනවා වගේ කියල.... හිත හොඳටම රිදෙනවා....මේ සිසිල් බොර දියේ පහස ලබන්න.....මගේ හිත බොළඳ උනා......
පාලම මගෙන් වේගෙන් ඈත් උනා... මම ඇස් දෙක තද කරලා පියා ගත්තා. බොර වතුර කඳේ සීතල මට දැනුන.......කවුදෝ කෑගහනවා හීනෙන් වගේ මතකයි........හ්ම්.....


"මොකද බකමූණෝ තොට පිස්සුද......" කණ ලඟින්ම ඇහුන මහ හයියෙන්....
මම මැරිලද.... මම තව හයියෙන් ඇස් පියාගත්තා....
"ඒයි .....මොකද තොට වෙලා තියෙන්නේ...." ආයෙත් ඇහුන....මම හිමීට ඇස් ඇරිය .
මම ගඟට පැනල නෑ ...තවම පාලම උඩ .. අපේ ජේෂ්ට උත්තමයෝ දෙන්නෙක් මං ළඟ...
" ඒයි උඹට පිස්සුද...අපි එනකොට අර ගිය ලොරියේ රෝදෙන් වතුර පාරකුත් වැදුන උඹට....උඹ පිස්සෙක් වගේ ඇස් පියාගෙන ඉන්නවා.....
අපොයි..මහවැලියත් හිඳිලා මගේ කටේ කෙලත් හිඳුනා...කොහොම හරි එදා හවස පුංචි පහේ රැග් එකකටත් අහු උනා ඔන්න ඔහොම...
ඒ රැග් එකෙන් බේරිලා එනකොට මගදී ගලහ හන්දිය ළඟ හෝල්ට් එකේදී චන්දන මල්ලි හම්බ උනා....
"කැලුම් අයියේ..උඹ අද ගෙදර යන්නේ නෑ නේද?"
" අද යන්නේ කොහොමද...අද බදාදානේ..."
"ඇයි බන් හෙට...අගෝස්තු 22... පෝය නිවාඩු..."
"ආ ....එහෙමද"
"මම නම් මේ යන්න යන්නේ....අන්න අය්යේ උඹට හොඳ චාන්ස් එකක් තියනවා හෙට..."
"ඒ මොකක්ද" මම ඇහුව.
"........අක්ක ඇහුව, එයා හෙට ගෙදර යන්නේ කියල අපේ කුරුණෑගල සෙට් එකේ අය කවුරුත් හෙට ගෙදර යනවද කියල....උඹ අද යයි නේද කියලත් ඇහුව....මං කිව්වා. උඹනම් යයි අද කියල...හෙට උදේ නමය හමාරට විතර යනවා කිව්වා ගෙදර....ඔන්න අය්යේ...වෙලාව හොඳයි....මම අද යනවා...උඹ හෙට උදේ නමය හමාරට වරෙන් ගලහ හන්දියට....."


මම හොඳට ඇස් පිහදාල බැලුව..ශක්‍ර දෙවින්ද්‍රයාවත් චන්දනයගේ වෙස් අරගෙන ඇවිත්ද කියල....
මම බෝඩිමට ගියා නෙමේ යැවුනා. ගලහ හන්දියේ ඉඳන් දංගොල්ල හන්දියටම පයින් ගියේ. පේරාදෙණියේ මල් වත්තේ ගස්වල මල් පිරිලා තියනවා දැක්ක මම... අතර මඟදී ගැටඹේ පන්සලටත් ගිහින් බාරෙකුත් උනා.....
එදා නම් දවස හරි හිමින් ගෙවිල ගියේ. රෑ දෙතුන් පාරක්ම නැගිටලා බැලුව වෙලාව.....ඔරලෝසුව ඉබ්බෙක් වගේ.....
ඔන්න අගෝස්තු විසි දෙක උදේ අට වෙද්දී මම ලෑස්තියි. ඒත් ඉතින් තව පැය එකහමාරක්ම තියනවනේ....
ඔන්න ඉතින් උදේ නමය උනා හරිම හිමින්....මම ගලහ හන්දියට කිට්ටුව..... එක පාරටම මම දැක්ක ඇය වේගෙන් පාර පැනල නුවර යන බස් එකකට නගිනවා....මමත් දුවගෙන ගියා .... පැන්න පාර.....තව පොඩ්ඩෙන් ලොරියකට යට වෙනවා.....බස් එක මග හැරුනා...බස් හෝල්ට් එකේ මම අර කිව්ව කොළඹ කාක්කා ඉන්නවා දැක්ක. ඉතින් මේ ගමේ කාක්කගේ වාසනාවට ඊළඟට ආපු කොළඹ ඉන්ටර්සිටියක් නැවැත්තුව....
.......
මම ගුඩ් ෂෙඩ් බස් නැවතුමට එද්දී ඇය ඇවිත් නෑ . මොකද මම ආවේ අලුත් පාරේ ඉන්ටර්සිටියකනේ...ඔන්න ඇය ආවා. මම ඇයත් එක්ක කතා කළා. ඔන්න ටික වෙලාවක් යද්දී ඇය මං ළඟටම ඇවිත් හොඳට කතා කරනවා. මම බැලුව මොකද කියල.....ආ මේ කොළඹ කාක්කා මෙතෙන්ටත් ඇවිත්..... ඔන්න බස් එක ආව....මම පොරකාල නැගල සීට් එකක් අල්ල ගත්ත...ඒක දිග සුදු පාට තනිදොර FUSO බස් එකක්...වම් පැත්තේ පිටිපස්සට ඉස්සරහ සීට් එකේ ජනේලේ අයිනේ ඇය ....ඊළඟට මම.
කොළඹ කාක්කා අහකට ඉගිලිලා ගියා....
ඉතින් ඔන්න මම වල් පල් කියවනවා...බස් එක පිටත් උනා....මම බස් එකට දෙන්නටම සල්ලි දෙන්න හැදුවට හරි ගියේ නැහැ....මම මට විතරක් සල්ලි දුන්න...
ජනේලෙන් හුළඟ හෝ හෝ ගාල ඇවිත් ඇඟේ වදිනවා. ඇගේ දිගම දිග කොන්ඩේ පුංචි කෙහෙරැලක් මගේ මූණේ දඟ කරනවා....ඇය ඔලුව ඇල කරගෙන ටිකක් මගේ පැත්තට.....හුළඟ හින්ද..... අදනම් සොබා දහමත් මගේ පැත්තේ.......
මම කතාව පටන් ගත්ත....
"දැන් බලන්න ..........අහවලාටත් කොල්ලෙක් ඉන්නවා......අහවලාටත් ඉන්නවා..... ඉතින් කැම්පස් ආවට පස්සේ, ජීවිතයේ හොඳම කාලේ ඒක අවශ්‍යයි.....ආදරය..."
මොන දේ කිව්වත් කියන්නේ " බෑ "
මමත් ඉතින් අත අරින්නේ නැහැ......
බස් එකේ රේඩියෝවේ යනවා සින්දුවක්.....මම කිව්වේ අදනම් සොබා දහමත් මගේ පැත්තේ කියල.....අහල බලන්න....


නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //

සමනළයයි සමන් මලයි
ඒ වගේලු පෙම්වතුන්
මලින් මලේ ආදරේ
අපිට ආස නෑ

ප්‍රියංගනී කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං

දගකාරෙන් නුහුරු කතා
මට කියන්න කෙනෙකු නෑ
හිතින් හඬන ආදරේ
අපට ඕනෙ නෑ

කුසුම්ලතා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං //





පස්සේ දවසක තමයි දන්නේ ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ඉන්ද්‍රාණි පෙරේරා කියන්නේ ක්ලැරන්ස් විජේවර්ධනගේ සංගීතයට අජන්තා රණසිංහගේ අදහසක් කියල.



බස් එක අද ඉක්මනට යනවා. ඒකත් හොඳයි...එතකොට හෝ ගාලා හුලන් එනවා...ඇය ඇගේ කෙහෙරැල් මගේ මූණට එන එක නවත්ත ගන්න අසාර්ථක උත්සාහයක..... බස් එක දැන් ගලගෙදර හරියේ.....
" ලස්සනයි නේද " ඇය කියනවා.
මම ජනේලෙන් එලිය බැලුවා ...... පාර අයිනේ පුංචි පන්සලක්....බෝධිය පාරට නැමිලා.....හරිම ලස්සනයි.....
මම ඇගෙන් ඇහුව මොකද නමයහමාරට ට එනවා කිව්ව කෙනා නමයට ආවේ කියල.....
"බලන්නකෝ කැලුම්....මේ චන්දන මල්ලි කරන වැඩ.... එයා මට ඊයේ කිව්වා අද කට්ටියම ඉන්නවා කියල යන්න..අද උදේ කෝල් කරලා කියනවා ඊයේ හවස හදිස්සියේ එයා ගෙදර ගියාලු.... වෙන කවුරුවත් නැහැලු....අද ඔයා විතරලු යන්න ඉන්නේ....."


"ඉතින් ඒකද අර පන කඩාගෙන ඇවිත් බස් එකට නැග්ගේ..." මම ඇහුවා.
"නෑ ...අර අහවලාගේ යාලුවෙක් අද ඇවිත් මාව බලන්න.....මම හොඳටම බය උනා...ඒ මනුස්සයා මේ බස් එක ලඟටත් ආව.....හොඳ වෙලාවට ඔයා හිටියේ කැලුම් "


හ්ම්..... දෙන දෙය්යෝ ටොකු ඇන ඇන දෙනවලු.


බස් එක විනාඩි දහයකින් විතර නුවර ඉඳන් කුරුණෑගලට ඇවිත්.....
බස් එකෙන් බැහැල යන්නම් කියල ඇය ගියා....
දැන් මම මොකද කරන්නේ....ගෙදර අය දන්නේ මම සිකුරාදා එනවා කියලනේ.ගෙදර යන්නත් බැහැ ..... මම මගේ අතිජාත මිත්‍ර අසංකගේ ගෙදර ගියා....අසංකයා කතාව අහල ඕන් විශ් කරනවා.....තාම මට හා කියලත් නැහැ.......
මෙන්න උඹට ගැලපෙන සින්දුවක්.....ඌ අහන්න දුන්න මට
මේ S Club 7
ඉංග්‍රීසි සින්දුවක්


Everybody's got something
They had to leave behind
One regret from yesterday
That just seems to grow with time
There's no use looking back or wondering
How it could be now or might have been
All this, I know, but still I cant find ways to let you go


I never had a dream come true
'Til the day that I found you
Even though, I pretend that I've moved on
You'll always be my baby
I've never found the words to say
You're the one I think about each day
And I know no matter where life takes me to
A part of me will always be with you


Somewhere in my memory I've lost all sense of time
And tomorrow could never be
Cos yesterday is all that fills my mind
There's no use looking back or wondering
How it should be now or might have been
All this, I know, but still I cant find ways to let you go


I never had a dream come true
'Til the day that I found you
Even though, I pretend that I've moved on
You'll always be my baby
I've never found the words to say
You're the one I think about each day
And I know no matter where life takes me to
A part of me will always be


You'll always be the dream that fills my head
Yes, you will, say you will, you know you will, oh baby
You'll always be the one I know I'll never forget
There's no use looking back or wondering
Because love is a strange and funny thing
No matter how I try and try I just can't say goodbye
No, no, no, no
I never had a dream come true
'Til the day that I found you
Even though, I pretend that I've moved on
You'll always be my baby
I've never found the words to say
You're the one I think about each day
And I know no matter where life takes me to
A part of me will always be


A part of me will always be with you



ඒක ඇත්ත මගේ කොටසක් හැම වෙලේම ඇය එක්ක....ඇය නැතුව මම අසම්පූර්ණයි......


අසංකගේ ගෙදරින් දවල්ට කාල මම ආයෙත් නුවර බස් එකකට නැග්ග පේරාදෙණි යන්න......


2 comments:

  1. හප්පේ කෙල්ලක් හන්ද කන කට්ටක්...
    මට නං ්එම කොරන්නබෑ මළ අතේ ...
    තෝ ඕන රෙද්දක් කොරගන් කියල යනව යන්න...
    හිහි...
    ඊළග එකත් දාන්ඩෝ

    ReplyDelete