සිසි වත උවන නෙත කැලුමන් සැලේයා
මුතු වන් දසන් හිනැහෙන සඳ දිලේයා
කෙහෙරැල සුලං වැද දඟ කර නටායා
හිනැහෙන දිගැස අවිහිංසක ලෙසේයා
සොමිවත දිදුල පොඩි සා පැටවියක් ලෙද
හිමවත සුපිපි පරසතු මල් මිටක් වද
සයුරක මඟ කියන ඉරබටු තරුව ලෙද
මුව පොව්වෙකු අවිහිංසක සිතක් ලද
සෙනෙහස පිරේ නුඹ දුටු සඳ සිතක් පුරා
මදහස නැඟේ මුවඟට සිත පහන් යුරා
පියෙකුගේ ලොවක පින්බර සිහසුනක් අරා
හිනැහෙන දෝණි නුඹ සේ සඳ මඩල සරා.....
මේ ලියල තියෙන්නේ පුංචි දුවෙක් ගැනද......හරිම ලස්සනයි....
ReplyDeletepatta
ReplyDeleteහරිම රහයි. කාටද මේ ලියල තියෙන්නෙ.
ReplyDelete