Monday, March 23, 2015

අනේ... හදවත ගොළු උනා....







මාසයක් තිස්සේ ලියන්න හිතුවත් කාලය හරස් වෙලා....ඒත් ඉතින් නොලියා කොහොමද...... ඔහු ගැන
නොලිව්වොත් මහා ගුණමකු කමක් නොවැ..... මම හා හා පුරා කියල පොස්ට් එකක් ලිව්වේ ඔහුගේ සින්දුවක් ගැන.....
මෙන්න තියනවා ඒක


ඔව්....ඔහු නමින් සිසිර සේනාරත්න...
නමසිය තිස් පහේ මාර්තු මාසේ දවසක මෙලොව එලිය දකින සිසිරට ඉතාම කුඩා කාලේදී මවු සෙනෙහස අහිමි වෙනවා.
අන්තිමට ඔහුගේ බර කරට ගන්නේ මහප්පා .....
පවුලේ අයට කුඩා සිසිරව දොස්තර කෙනෙක් කරන්න ඕන උනත් අන්තිමට ඔහු නතර වෙන්නේ සංගීත විද්‍යාලයේ.....
සිසිරට ඉන්ද්‍රානි විජේබණ්ඩාර හමුවෙන්නේ රේඛාව චිත්‍රපටියට සින්දු කියන්න ඉන්දියාවට යන අතර.....
ගුවන් යානයේ එක ළඟ ආසන ලැබුනේ දෛවෝපගතව.....
රේඛාව ඉවර වෙද්දී ලස්සන ආදර කතාවක් ආරම්භ වෙලා.....

සිසිරගේ අතින් මේ ගීය ලියවෙන්නේ ඔන්න ඔය කාලේ....තමන්ම සංගීතයත් යොදලා ඔහු ගයනවා ඇයත් එක්ක...මේ ගීය එවකට කාර්මික නිලධාරි නාරද දිසාසේකර අතින් පටිගත වෙනවා.....
අහල බලමුද ඒක ...

ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...//

ගුරුතුම දවසක් මා හට තැළුවා
දැක මට මතකයි ඈ හැඩුවා
මා අසනීපෙන් සිටි එම දවසේ
ඇඳ ලග ඈ මුළු රෑ සිටියා..

අපි දෙන්නයි එකට පාසල් ගියේ
ගස් සෙවනේ ඉදන් පාඩම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ

ගයා ගීතයන් ගමේ...

නාන වෙලේ මා රැල්ලට අසුවී
යන විට ඔහු විත් ගොඩ ගත්තේ
මා බොරුවට දවසක් තරහා වී
කෑම නොකයි ඔහු සිට ඇත්තේ

අපි දෙන්නයි එකට ‍එහෙ මෙහෙ ගියේ
උදයේ හවහේ සෙල්ලම් කලේ
ඔහු සමගින් එදා ඒ මා තමා
අද නැතුවා ‍වගේ ඈ මේ ගමේ...

ගයා ගීතයන් ගමේ....



එසේ ගැයූ ඔවුන් නමසිය පනස් හයේ මැයි මාසේ දවසක අතිනත ගන්නවා......

සිසිර චිත්‍රපට ගණනාවක සංගීත අධ්‍යක්ෂණය කරලා තියනවා....
හඳපාන, හිතට හිත, සෙනෙහස, පුංචි බබා, මගේ රන් පුතා, දීපාංජලී, ගජමුතු, රන් එතනා, කවුද හරි, පුනරුත්පත්තිය
ඒ අතරින් කීපයක්....
එත් හඳපාන ඒ අතරින් විශේෂයි. නමසිය හැටපහේ තිරගත තිරගත උන හඳපාන නිසා නමසිය හැටහයේ සරසවි සම්මාන උළලේ හොඳම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස සරසවි සම්මානය දිනුවේ සිසිර.....

සරසවි චිත්‍රපට උළෙලට විශේෂ ආරාධිතයා ලෙස ආපු ෆිල්ම් ෆෙයාර්' සඟරාවේ කර්තෘ බි.කේ. කරංජියා සිසිරට සුබ පැතුවේ මෙවර හොඳම නළුවා ඔබ ද? කියල අහලාලු....... නළුවෙකුට උචිත කඩවසම් කමක් තිබ්බ ඔහුට.....

ගුණසේන කඩිගමුව ලියල දුන්න සිසිර ගයන තවත් ලස්සන ගීයක් මෙන්න.....

උතුරු සළු හැඳ පොරවලා
උතුරු දම් හද තවරලා
පතුරණා මුදිතා සිනා
මිතුරියේ ඔබ දු‍ටුවෙමී

සරණ සිල් ගෙන අරණ තුල උන්
උවැසියන් මැද්දේ
ගුවන තරුපිරි වැරුණ සඳ සේ
සිටි පබාවතියේ... සඳසේ සිටි පබාවතියේ

වීතරාගී හදවතකි ඇස
නැත සරාගී රස විඳින්නේ
දෑත සංවරලෙස තබන් මා වෙත
සෙමින් පියවර නගන්නේ

නුමුමුණන්ණෙමි වදනකුදු මම
ඔබට ඇති අපමණ දයාවෙන්
ඉවත් වන්නෙමි වෙහෙර බිම ඇති
නොකිලිටි සුදු වැළි තලාවෙන්



"පුංචි බබා " බයිස්කෝප් එකට සිසිර සංගීතය යොදා ගයනවා ධර්මසිරි ගමගේ ලියු පද වැලක්.... එක අමරණීය ගීයක්.... නිලි රැජින මාලනී ෆොන්සේකා කල එලි බහින්නේත් ඔය බයිස්කෝප් එකෙන් තමයි.....

මාගෙ පුතුට මල් යහන සදන්නේ
දෑස සිහින වැල් පාවී එන්නේ
රෝස කැලේකින් හමුවූ වැන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
මාගෙ පුතුට මල්

පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
අම්ම කියාලයි බහ තෝරන්නේ
අම්ම කියාලයි බහ තෝරන්නේ
ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ
මාගෙ පුතුට මල්

මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
මල් යහනාවේ පුතු නැළවෙන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
කවුදෝ දුන්නේ
කවුදෝ දුන්නේ




ප්‍රවීණ කතුවර කරුණාසේන ජයලත් මහතාගේ ගොළු හදවත තමයි ආදරයේ සංකේතය......
කොච්චර ලස්සනද.....හ්ම්
කරුණාසේන ජයලත් විසින්ම තමන් පොතක් පුරාවට මැවූ චරිත පේලි කීපයකට කැටි කරනවා.....
කාටද මේක දෙන්නේ....
කරුණාසේන ජයලත් ශූරීන්ගේ තේරීම හරියට හරි ......
ඔහු මේ පද පෙළ දෙන්නේ සිසිරට......
ඔහු මධුර මනෝහර තනුවක් යොදල
ඉන්ද්‍රානිත් එක්ක ගයනවා .....
මෙහෙම.....

නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා...//
පවුරු බැදගෙන ‍සිතක වැජබුනු
රසවතී නැ කොයි ගියා..//

ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතුකලා රසබර හැගුම්
දයාවන්තය යොවුන් සිතුවිලි
රසකලා ඔබෙ නෙත් කැළුම්..//

ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආ..දරෙයි...//
අසිමත් ලෙස වැඩුනු දේදුනු
කළුවලා පෙම් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ‍ගොළුවුනා..

ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි..
ආදරය එක අතක ප්‍රේමය
තව අතක මා නැති වුනා
සාගරය වැනි වේදනාවක
අ‍හෝ හිතවත තනිවුනා..

ආදරෙයි මම ආදරෙයි..//
සුගත් තවමත් ආ..දරෙයි
ආදරෙයි මම ආදරෙයි..//
දම්මි තවමත් ආ..දරෙයි

ආ..දරෙයි...///



දුරින් උන්නත් මැරෙන්න මොහොතකට කලින් වතුර ඩිංගක් දෙන්න එන්න කියන්නෙත් මේ පෙම්වතාමයි
ලිව්වේ ප්‍රේමකීර්ති ද අල්විස්......

පිවිතුරු සිතින් එනු මැන ළ‍ඳේ
අවසන් සුසුම් ගිලිහෙන පැයේ
මට පැන් පොදක් අරන් දෝතින්
එතුවක් දුරින් ඉන්න ඈතින්.....


මේ තවත් අමරණීය ගීයක්....

නිල්මිණි දෑසේ මැව් ආලෝකය
හද මැදුරේ නැත නිව්නේ
නිල්මිණි දෑසේ මැව් ආලෝකය
හද මැදුරේ නැත නිව්නේ
මල් වැනි ඒ හද මල් මෙන් මැලවී
ඇයි අද සෝගිනි නැගුනේ
ඇයි අද සෝගිනි නැගුනේ....
නිල්මිණි දෑසේ මැව් ආලෝකය
හද මැදුරේ නැත නිව්නේ....

මධු මලකට බඳු මුව මදහාසේ
මධු මලකට බඳු මුව මදහාසේ
රන්මුතු මිණිකැට වටිනා
ආදරයක රස සිහින මවා දුනි
පෙම්බර සිතිවිලි අමුනා
මධු මල පරවී මුතු ඇට විසිරී
මා හැදු මාලිග බිඳුනා..
එහි ආලෝකය නිවුනා
එහි ආලෝකය නිවුනා...

නිල්මිණි දෑසේ මැව් ආලෝකය
හද මැදුරේ නැත නිව්නේ

කිංකිණි සිහින හඩින් මසුරන් වැනි
ගැයු ගී මට සිහි වෙනවා
දෙසවන මී පැණි වැනි ඒ ගී හඩ
සුලගේ අද මුමුනනවා
ගීයට ගීයෙන් බැදි හද බිදුනොත්
දෑසට කදුලැලි එනවා..
මම තනිවම වැලපෙනවා
මම තනිවම වැලපෙනවා

නිල්මිණි දෑසේ මැව් ආලෝකය
හද මැදුරේ නැත නිව්නේ


සිසිර වෙනත් ගායක ගායිකාවන්ට තනු බොහොමයක් හදල දුන්න....
ඒ අතර ජෝතිපාල, සුජාතා අත්තනායක,හරූන් ලන්ත්‍රා , මිල්ටන් පෙරේරා ආදී මෙකී නොකී අය විතරක් නෙමෙයි......සී.ටි.ප්‍රනාන්දුත් ඉන්නවා..
බටහිර ආරට ගැයෙන සී.ටි.ප්‍රනාන්දුගේ මී වදයකි ජීවිතේ ගීතයේ තනුව සිසිරගේ කියල දන්නේ කීයෙන් කී දෙනාද.....




ඒ වගේම සිසිර හොඳ ගේය පද රචකයෙක්....තමන්ට වගේම අනෙක් සහෝදර ගායක ගායිකාවන්ටත් ඔහු ගීත ලිව්වා....ඒ අතරින් එච්.ආර්. ජෝතිපාල ගැයූ ‘ඔබේ පෙම් වදන් නෑ’ ගීය අමතක කරන්නේ කොහොමද....



සිසිර හඳපාන චිත්‍රපටියට ගයනව මෙහෙම.....

ඈත අහසේ නැගේ දිනිදු පායා.....
ඈත අහසේ නැගේ දිනිදු පායා.....
සීත සුළඟින් ගෙනාවේ...ආදරේ....ආදරේ...ආදරේ.....සිහින චායා....






සල් සපු මල් දෙවැට දිගේ පිපිලද දුනුකේ.....
පෝයට දළදා වඳින්න එනවද මැණිකේ ...කියා අහිංසක යෝජනාවක් කරන්නෙත් ඔහුමයි.......




ජීවිතයේ යථාර්තය.. ප්‍රේමය ගැන මනා විග්‍රහයක් දෙන ගීයක් ලියවුනා දයා ද අල්විස් අතින්.... සංගීතය යොදා ගයන්නේ සිසිර......


අහසේ ඈතට
පාවී යනවා
සරුංගලේ
සරුංගලේ...

පුංචි තිතක් වී
පුංචි ම පුංචි තිතක් වී
ඈතින් ඈතට
ඉගිලී යනවා
සරුංගලේ
සරුංගලේ...

සැරසිලි දාලා
කවුද හැඩ කළේ
සරුංගලේ නෑ දන්නේ
අන්න ඒ ලෙසේ
නිදහස සොයනා
ඔබෙ හිත මා
සසලන්නේ...

නොපෙනෙන ඈතට
ඉගිලී ගියදා
ඉරණම කෙලෙසද වන්නේ
ඉරුණු සරුංගල්
තැන තැන වැලපෙනු
නැති දෝ ඔබට
පෙනෙන්නේ...




මේ සොඳුරු ප්‍රේම තරඟයක්....වික්ටර් රත්නායකගේ සහ සිසිර සේනාරත්නගේ හඬින් ......ලිව්වේ අජන්තා රණසිංහ .....

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම....

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම
ලලිත පෙම ....

කිරිසාගරයෙන් කිඳුරු ලියන් ආවා
මට පෙම් මුතුලැල් පළඳනවැයි කිව්වා
සුර ළඳුන් වනේ දේව ළඳුන් ආවා
මට මල් සරගේ දුන්න අරන් ආවා

කිඳුරු ලතාවිය
දිව්ය කුමාරිය
මට කුමට ළඳේ නැත්නම්
ඔය දේහ සුරූපය

සද්දන්ත කුලේ ඇතා පිටින් එන්නම්
රන්පාවඩ මත කැන්දාගෙන යන්නම්
රන් මිරිවැඩි රන් කසී සලුත් දෙන්නම්
ගාන්ධාරයෙන් විලවුන් ගෙන එන්නම්

පොකුරු හිනාවයි
දෑස ඉනාවයි
වත සුවඳ කොකුම්
බිඟු රොන්
හද ගීත ලතාවයි

මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ වත මනකල් උකුළු මුකුළු පෙම
මුකුළු පෙම....
මංගල මල්දම පතා හිඳිම් මම පතමී මම
මට නොවෙද ලඳේ නෙත නිලුපුල් සලිත ලලිත පෙම
ලලිත පෙම ....

මුකුළු පෙම....
ලලිත පෙම ....
මුකුළු පෙම....
ලලිත පෙම ....



පහුගිය පෙබරවාරි හතර වෙනිදා ඒ මියුරු සරය සදහටම නිහඬ උනා....
ඔහුට නිවන් සුව.........

2 comments:

  1. මීට පෙර නම් මේ අඩවියට ආ බවක් මතක නැහැ. ඔබ පදිංචිව සිටින්නේත් මට එතරම්ම දුරකින් නෙවෙයි වගේ. මම ඉන්නේ දම්බොක්ක හන්දියේ සිට පයින් යා හැකි දුරකින්. පොතුහැර පැත්තට වන්නට. රඹුක්කන ප්‍රදේශයේ මා දන්නා එකම වෛද්‍යවරයා වන්නේ මගේ පාසල් මිතුරකු වන රාජා විජේතුංග මහතායි.

    ඔබ වැනි කෙනෙක් අපේ කාලයේ ගායකයකු පිළිබඳව මෙසේ සංවේදී වීම ගැන සතුටු වෙනවා. ලිපිය ඉහලින්ම අගය කරනවා.

    සිසිර සේනාරත්න මහතා මුල් කාලයේදී ඉන්දියානු අභාෂය සහිත සිංහල චිත්‍රපටි වලටයි දායක වුනේ. එපමණක් නොවේ, ගායන ලොවේ ඉදිරියට යාම සඳහා, යම් ජනප්‍රියත්වයක් ලබා ගැනීමට, ඔහුට සිදුවුනා හින්දි චිත්‍රපටි ගීතවල තනු අනුව සැකසු, සිංහල ගීත ගායනා කරන්නට. උදාහරණ කීපයක් මේ.

    'රෑ හඳ පායාලා අද වාගේ' නමැති ගීතයේ මුල් හින්දි ගීතය මේ තියෙන්නේ.
    https://www.youtube.com/watch?v=iD5pNcyQdGU

    ගයා ගීතයන් ගමේ වෙල් එළියේ ගීතයේ මුල් හින්දි ගීතය මේ තියෙන්නේ.
    https://www.youtube.com/watch?v=gn0ySV_UASE

    'ශ්‍රීපා වඳිමු මුනිගේ' ගීතයේ මුල් හින්දි ගීතය මේ තියෙන්නේ.
    https://www.youtube.com/watch?v=e2D-kjOMNF0

    තවත් මේ වගේ ගීත තියනවා. නමුත් මේ ශ්‍රේෂ්ඨ ගායකයා පසුව ස්වතන්ත්‍ර නිර්මාන කරණයේ යෙදෙන්නට පටන් ගත් නිසාත්, ඔහුට ශ්‍රීලාංකික සංගීතඥන්ගේ ආධාර අනුබල ලැබුන නිසාත්, ඉතා රසවත්, සංවේදී, නිර්මාණ කරන්නට ඔහුට හැකිවුනා.

    මේ අසහාය ගායකයා පිළිබඳව මමත් සටහනක් තැබුවා මගේ අඩවියේ. එය
    මෙතනින් බලන්න

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කොමෙන්ටුවට....
      ඔබ කියන දොස්තර රාජා විජේතුංග අර සෙත් සෙවණ රෝහල ආරම්හ කිරීමට මුල්වී පසුව ඉන් ඉවත්වූ කෙනාද. ඔහු මගේ පියාගේ සරසවි මිතුරෙක්....( අපේ තාත්ත ගියේ ආර්ට්ස් ෆැකල්ටි හොඳේ )

      Delete