Wednesday, August 27, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 6 - "අඳුරේ කලාගාරේ රැඟුමන් බලනු බෑ"

සරසවියේ තවත් දවසක්....
එහෙන් නවක වදය ..තවත් පැත්තකින් ඇය ....
ඒක නෙමේ ලොකුම ප්‍රශ්නේ ඇය තවමත් කියන්නේ "බෑ " කියල....හ්ම්....
ඔන්න ඉතින් මම චිත්‍ර අදින්නත් පටන් ගත්ත.... 
පටන් ගත්ත කිව්වට කලින් ඉදන්ම චිත්‍ර අඳිනවා තමයි
ඒත් ....ගැණු ළමයින්ගේ චිත්‍ර අදින්න පටන් ගත්ත.....
දවසක් ඇර දවසක් චිත්‍රයක් ඇඳලා දානවා තොටුපොල බිත්ති පුවත් පතේ.....මොනදේ කලත් වැඩක් උනේ නැහැ.....හැබැයි මගේ හිත කියනවා ඇය මට අකමැති නැහැ කියල.... 
ඔන්න ඉතින් දවසක් හන්තාන උඩ ඉඳන් මහා අකුණක් පාත් උනා.... මගේ ඔලුවට....ඔලුවටනම් තුවාල නැහැ ...ඒත් හිතට නම් බරපතලයි..... අකුණ එව්වේ...ඇගේ මිතුරියක්.....හ්ම්.....
දිය යටින් අරන් ආපු ගිනි පන්දමකින් පත්තු කරා ......මාව......
හ්ම්......
මොකක්ද දන්නවද වැඩේ.......ඇගේ මිතුරියෙකුගේ පෙම්වතාගේ යහළුවෙක් කෙල්ලෙක්ව හොයනවලු යාලු වෙන්න.....දැන් මිතුරිය හදනවා ඌට සෙට් කරන්න ......
යකෝ මේක පුදුම කතාවක්නේ.....අම්මල අප්පලටවත් නැති රුදවක්නේ මුන්ට තියෙන්නේ..... ඔන්න දැන් දවසක ඌ එනවලු මෙයාව බලල යන්න...... මට යකා නැග්ග..අසූ හාරදාහටත් ටිකක් වැඩියෙන්.....
මොන ගිනි ගෙඩියක්ද මේ දෙය්යනේ.....

යකෝ පිට එවුන් කොහොමද ගලහ හන්දියෙන් ඇතුලට එන්නේ......කැම්පස් එකෙන් ඇතුලට.....ගමේ වරකා ගමේ කාක්කන්ටනේ.... පිට ඉඳන් එන කොළඹ කාක්කෝ කොහොමද පේරාදෙණිය ඇතුලට එන්නේ.....


මම තෙල් බැම්ම ගාව ඉඳන් බලාගෙන ඉන්නවා හන්තාන දිහා... ඉර නම් පේන්න නෑ ...හිත හොදටම චන්චලයි.....
අනේ ඇය මට ලැබෙන්නේ නැති වෙයිද.....
මට මතක් වෙනවා සින්දුවක් .....මහින්ද අල්ගම ලියපු.....ස්වර්ණලතා කවීශ්වරගේ හඬින් ගැයෙන.......


හන්තාන සෙවණේ
රතු මල් විමානේ
මොහොතක් රැදී ඉන්න සුවසේ
අපි දෙන්නා නෑ පිං කළේ //

සංකාව දීලා දිව රෑ දෙකේ හී
වැලපෙන්නේ හද දුක් දරා
සතුටින් සිනාවෙන් නේවාසිකාගාරෙ
මට ඉන්න බෑ නෙත් අයා

හන්තාන සෙවණේ...

අඳුරේ කලාගාරේ රැඟුමන් බලනු බෑ
තනියක් දැණේ දස වටා
මගේ සිත පුරා වේ සිතුවිලි රැඳී ප්‍රේමේ
නොදැනීම එයි ඔබ කරා

හන්තාන සෙවණේ... //




දැන්නම් හොඳටම අසාධ්‍යයි මට.....
මම තෙල් බැම්ම ලඟින් පහලට බැහැල ගලහ හන්දිය පැත්තට ඇවිදගෙන ආව. 
වසන්ත කාලෙට කහමල් සළු අඳින රොබරෝසියා ගස් මට හරිම අඳුරු...මූසල විදිහට තමයි පේන්නේ ..... 
හන්තානත් බලන් ඉන්නවා ගොලුවෙක් බීරෙක් වගේ.... 
මම හැරුන පේරාදෙණිය ටවුම පැත්තට...පාර පුරා වැලියි පොරියි ඉහල....මම ඉස්සරහ බැලුව....ආ අර යන්නේ අවමගුල් පෙරහැරක් ...කනත්ත පැත්තට වෙන්ට ඕනැ යන්නේ....
ඩුම් ..ඩුම් ...ගාල මල බෙරේ සද්දේ යාන්තමට ඇහෙනවා...
තැනින් තැන විසිකරපු සුදු කොඩි කෑලි ......
මම පාලම උඩ නතර උනා...... 
මහවැලියේ වතුර පෙරලි පෙරලි යනවා...වෙනද වගේ ලස්සන....කිරි පාහ වතුර නෙමේ.....
මඩ පාටට....
මම පේරාදෙණි පාලම උඩට වෙලා ඒ බොර වතුර දිහා බලාගෙන ඉන්නවා. පාලම පටු හින්ද පිටිපස්සෙන් යන වාහන නිකන් ඇඟ උඩින් යනවා වගේ දැනෙන්නේ.....
මට හිතෙනවා මේ බොර වතුර මට අතවනනවා වගේ කියල.... හිත හොඳටම රිදෙනවා....මේ සිසිල් බොර දියේ පහස ලබන්න.....
මගේ හිත බොළඳ උනා......
පාලම මගෙන් වේගෙන් ඈත් උනා... 
මම ඇස් දෙක තද කරලා පියා ගත්තා. 
බොර වතුර කඳේ සීතල මට දැනුන.......
කවුදෝ කෑගහනවා හීනෙන් වගේ මතකයි........
හ්ම්.....

(මතු සම්බන්ධයි )

7 comments:

  1. මේ පැත්තට අද ගොඩවුන හන්දා කලින් ඒවත් කියවලම ඉන්න වෙයි වගේ මේ කතාව මොකද්ද කියලා දැන ගන්න..

    ලියලා තියෙන විදිහ නම් ලස්සනයි..

    ReplyDelete
  2. කැළුම් අය්යෙ පට්ටයි ඈ...
    කතාව ගලායන විදියටම සංකේත රූප චිත්ත රූප මික්ස් කරල ලියල තියෙන විදිය හරි අගෙයි...
    ජයවේවා

    ReplyDelete
  3. කතාව ලස්සනයි.කලින් කොටස් කියෙව්වට කමෙන්ට් කරන පලවෙනි වතාව...ජය වේවා

    ReplyDelete
  4. :D

    Great!

    Dr Kaluarachchi (Biochem)

    ReplyDelete