Thursday, August 14, 2014

දෝණි ඔබටයි


සිසි වත උවන නෙත කැලුමන් සැලේයා
මුතු වන් දසන් හිනැහෙන සඳ දිලේයා
කෙහෙරැල සුලං වැද දඟ කර නටායා
හිනැහෙන දිගැස අවිහිංසක ලෙසේයා


සොමිවත දිදුල පොඩි සා පැටවියක් ලෙද
හිමවත සුපිපි පරසතු මල් මිටක් වද
සයුරක මඟ කියන ඉරබටු තරුව ලෙද
මුව පොව්වෙකු අවිහිංසක සිතක් ලද

සෙනෙහස පිරේ නුඹ දුටු සඳ සිතක් පුරා
මදහස නැඟේ මුවඟට සිත පහන් යුරා
පියෙකුගේ ලොවක පින්බර සිහසුනක් අරා
හිනැහෙන දෝණි නුඹ සේ සඳ මඩල සරා.....



3 comments:

  1. මේ ලියල තියෙන්නේ පුංචි දුවෙක් ගැනද......හරිම ලස්සනයි....

    ReplyDelete
  2. හරිම රහයි. කාටද මේ ලියල තියෙන්නෙ.

    ReplyDelete