Wednesday, July 9, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 2........; නිසසල හදවත සසලව කැළඹෙයි

ඔබට මතක ඇති....පහුගිය දවසක..හරියටම කියනවනම් ජුලි දෙක.....

මම පොස්ට් එකෙන් කිව්වා මම කැම්පස් ගිය හැටි....

හ්ම්...

අන්න ඒ විදිහට හරි සන්තෝසෙන් ගෙවුන පළමු වෙනි දවස......
පලවෙනි දවසේ වැඩ කටයුතු එහෙම ඉවර වෙලා හවස දෙකට විතර යන කොළඹ කෝච්චියට අම්මවයි තාත්තවයි ගොඩ කළා....
ඊට පස්සේ පයින්ම ගලහ හන්දියට ඇවිත් බස් එකේ දංගොල්ල හන්දියට ඇවිත් බෝඩිමට ගිහින් නිදා ගත්ත හවස් වරුවම.....
ඔන්න ජුලිදෙක..... 
උදෙන්ම නැගිටලා හත වෙද්දී ගියා කැන්ටිමට.....
එහෙම තමයි ජේෂ්ට අය්යල අක්කල කියල තිබුනේ.....ඊයේ හිනා පුරෝගෙන හිටපු ජෙෂ්ටයෝ අද...... හිනාව ගිලගෙන..... හත් අවුරුද්දකින් හිනාවෙලා නැති උන් වගේ.....
ඉතින් පලවෙනි දවසෙනම් විශේෂ දෙයක් නෑ . 
කාඩ් එකක් දැම්ම මූණා කියල ඉස්සරහට මුලකුරුත් එක්ක.ඔන්න එහෙම එතන පැයක් ගෙවල ආව ELTU එකට. 
ජේෂ්ටයන්ගේ වචනයෙන් කිව්වොත් පර භාෂා අද්‍යන ඒකකයට. හ්ම් මාස තුනක්ම ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන්නේ......වැටුනේ D පන්තියට.... 
ඒකෙත් පස්දෙනා පස්දෙනා ගෘප් කරනවා..... අපේ ගෘප් එකට ඉස්සරහ ග්රූප් එකේ හිටපු ගෑණු ළමයෙක්ව මම දකින්නේ ඔන්න එතකොට..... මම ටිකක් වෙලා බලන් හිටියා.... 
හරිම අහිංසක පාටයි...... 
මම දැන් වෙනම ලෝකෙක...... කහමල් පෙති කඩන් වැටෙනව මගේ ඔලුවට...... 

ඔන්න එක පාරටම ලොකු හිනා හඬක්....... ඇයත් හිනා වෙනවා අතකින් කට වහගෙන......මම වටපිට බැලුව.... මුළු පන්තියම හිනාවෙනවා...මගේ පැත්තට හැරිලා......හ්ම්...අපේ පන්තියේ ඉංග්‍රීසි ටීචර් හිටියේ ඉන්දියන් එක්කෙනෙක්.....මිස් ප්‍රියා...... මිස් මගෙන් ප්‍රශ්නයක් අහල.... එකපාරක්...දෙපාරක්නෙමේ තුන් පාරක්ම....... මම හිටියේ ඉතින් මේ ලෝකෙ යැ.....

වැඩේ මාට්ටුද මන්ද..... වස ලැජ්ජාවයි......
කොහොම හරි ඉන්ටවල් එකත් ආව..... අපේ class එකේ හිටපු අමිලටනම් තේරිලා තිබ්බ මම කොහෙද බලන් හිටියේ කියල... ඉන්ටවල් එකෙන් පස්සේ මෙන්න අමිල සියලු විස්තර හොයන් ඇවිල්ල......
"කැලුම්.....එයාගේ නම ............ කුරුණෑගලින් ම තමයි ඇවිත් තියෙන්නේ..... ඔයාලගේ සහෝදර ඉස්කෝලේ...... දැකල නැද්ද මීට කලින්......"


නෑ නේන්නම්..... කුරුණෑගල නම්...මම දැකල නැත්තේ කොහොමද......එදා කාලය හරි ඉක්මනට ගියා...... මමත් හරි ඉක්මනට ගියා...බෝඩිමට ............... වැටුනා ඇඳට.....ඔන්න ඉතින් මනෝ ලෝකේ...... වෙනද ඇහෙන්නේ නැති කුරුළු ගීත මට ඇහෙනවා වගේ..........

ගත්ත කොලයක් ලියන්න කියල කවියක්.....
කෝ ලියවෙන්නේ නැහැ....මට මෙහෙම උනාමයි.........
බැලු බැලු අත ඒ හිනාව......හ්ම්......
අනේ මම දන්නේ නැහැ..... හවස එරන්ගයත් ඇවිත් ඇහුව මොකද මචන් අද මූඩ් ගහල කියල..................................
මොනවා කියන්නද.........අමාරුවෙන් ලිව්වා පද හතරක්....... පරණ තේමාවක්ම තමයි....


දුටිමි මම සඳු ඇවිත්....
සොඳුරු ගනදුරු රැයක .......
වැටී සුදු සඳ කිරණ.....
ලොවම බබලන අරුම.................


ඊට එහා ලියවෙන්නෙම නැහැ..... මගේ හිතට එන්නෙම ඇය ...ඒ හිනාව..... දිගට දිගේ තිබුණු වරලස...............
අපොයි මටනම් උණ වගේ...... මම ඇස්දෙක පියා ගන්නවා..... මට මතකෙට එනවා ජෝතිපාලගේ සින්දුවක්......


නිසසල හදවත සසලව කැළඹෙයි
ගත සිත අවිවේකයි
සසිකාමිණියේ මටම නොතේරෙන
එකම රහස මේකයි

දහසක්‌ දෙන මැද රසතැන් මුසුවෙන
ගීතනු ලියැවෙනවා
මියුලැස්‌ පරදන ඔබේ ඇස්‌ අභියස
මගෙ දිව ගොත වෙනවා

තෙරපෙන සිතුවිලි පටලැවි බිඳි බිඳි
මුනිවත ගිලිහෙන්නේ
එහි නැත අරුතක්‌ වදන් වැලක්‌ මිස
ඇයි මා ගොළුවෙන්නෙ

සැතපෙන යාමෙදි යටිහිත අවදිව
ඔබ සිහිගංවනවා
කුටියෙහි සරතැස රැවැති විමන් ලෙස
හසරැලි නංවනවා

දෙසවන් සනහන ඒ ලෙංගතු හඞ
දෙසවන් වෙත එද්දෙන්
දෙනයන කළ පින් දෙනයන පිනවන
ඔවු මට පලදෙද්දෙන්



ජෝතිපාලගේ රන් ස්වරය නිහඬ වෙලා ජුලි 7ත් වෙනිදට අවුරුදු විසි හතක් ..... ඔව්..හදවත රත්තරන් ජෝති මියගියේ.....නමසිය අසූ හතේ ජුලි හත.......
ප්‍රේමය ගැන කියන්න ජෝතිගේ ගීයක් ඇරෙන්න වෙන මොන ගී කියන්නද..... දෙදහස් දෙකේ ජුලි මාසයේ මගේ හදවතට කුලුදුල් ප්‍රේමය දැනුනු වෙලාවේ.....මගේ හිතට කොඳුරා කිව්වා.....ජෝති....මේ ගීතය.....අහල බලන්න....... ඇත්තටම ඇයවත් දන්නේ නැහැ මේ කතාව මම දැන් මෙතන ලියනකන්.....


No comments:

Post a Comment