Tuesday, July 1, 2014

කඳවුර ළඟ දූවිලි සුළඟේවත්.....................

රත් වෙච්ච හුළඟත් එක්ක දුවිල්ල කැරකි කැරකි එනවා....
වැලි කාගෙන ඇස් දෙක ඇරන් ඉන්න හැදුවත් දූවිලි හුළඟ මට ජයගන්න දෙන්නෙම නෑ .
 මම ඇස් දෙක පියගන්නවා..... 
ඒත් සුළඟ ජය අරන් ...... කෙවෙන ඇස්දෙක මට කියන්නේ මම පැරදුන කියල........
මගෙත් එක්ක හිටිය සහුර්දෙකුගෙන් වතුර බෝතලයක් ඉල්ලගෙන ඇස්දෙක හෝදගත්ත ..... හරිම දැවිල්ලක්.....


මන්නාරමේ තියෙන්නේ පිටි වැල්ලක් කියල සිංදුවල මහා ලොකුවට ලියල තිබුනට ...ඒ පිටි වැල්ල හුළඟත් එක්ක දඟකරන්න හැදුවම හරිම කරදරයක්....හොඳ වෙලාවට අද රිය පදවන්නේ මම නෙමේ....
මන්නාරමට ඇතුලුවෙන තැන පාලම ළඟ තල් අඩි කඳවුර මායිමේ.....පිළිමයක් පේනවා ...... නෑ ඒ හමුදා සෙබලෙක්....ඔහු තියුණු බැල්මකින් බලාගෙන ඉන්නවා , දුවිලි හුළඟට පරාද නොවී......
ඔහු මේ කරන්නේ රස්සාවක් විතරක්ද...... ඔබට මෙහෙම කරන්න කිව්වොත් රස්සාවට හරි.........ඔබ.....??

ඔහුත් දෙමවුපියන්, සහෝදර සහෝදරයින්,නෑදෑයන් , පෙම්වතියක්, බිරිඳක්,දරුවන් ඇති මනුස්සයෙක් නේද.....
ඔහු ගෙදර එනකන් කව්රු කව්රු මග බලාගෙන ඇත්ද....
දැන්නම් ලොකු බයක් නෑ ...ඒත් අවුරුදු පහකට ඉස්සරනම් කොහොමද.....
ඔහුගෙන් තොරතුරක් එනකන් බලන් ඉන්නවා තරුණියක්.....
කාලිදාස කවියා වලාකුලක් අතේ පණිවිඩයක් එව්වනම්.....ඇයි ඔහුගෙන් තොරතුරක් නැත්තේ......කඳවුර ළඟ කැරකෙන දුවිලි හුළඟ අතේවත් පණිවිඩයක් එවන්න......
ලාමක සුන්දර කවි සිතක් තිබ්බ ඔබ.......අද ඔබේ හිත දරදඬු වෙලාද .....දැන් ඔබ කවි පද මුමුනන්නේ ගිණි අවියටද.......හ්ම්
ඔබේ සිත ගමට දිව එන්නේ නැතිද.....වෙඩි හඬ ඇසෙන තල අරඹෙන් මිදී.....ඒ සිහිනය.....වෙඩි පුපුරණ කොට බොඳ වෙලා යනවද....
කවි පද ලිව්ව ඔබ.....අද ....සීපද කිව්ව ඔබ අද......
ඉතින් අපේ සිහිනය සැබෑවක් වන දවස කවද්ද......

මම තවමත් ඇස්දෙක පියාගෙන....
වැලි හුළඟට ඇස් රිදෙන හින්ද නෙමේ.....මට මනසින් ඇහෙනවා සරත් දසනායකගේ සංගීතය....නිලාර් එන්. කාසිම් ගේ පද .....නිරෝෂා විරාජිනීගේ දුක්බර හඬින් ....

කරදිය සුළඟට සුසුමක් හැරදා
මුරකුටියේ නිදි වැරුවද අයියණ්ඩී
හිත තුළ තෙරපෙන සිතිවිලි පොදි බැඳ
ගිනි අවියටදැයි කියන්නෙ ළං ළංවී
මරණය අත වනනා යුද දොරකඩ
ළය දරදඬුදැයි කියන්න සන්සුන්වී
කඳවුර ළඟ දූවිලි සුළඟේවත්
හසුනක් අමුණා එවපන් අයියණ්ඩී

නිදිමත ඉසිලූ දෑසට
කඳුළැලි බර වැඩිදෝ
සිතිවිලි ගොළුවුණු රෑකට
ඝණඳුර කළු වැඩිදෝ
වෙඩි හඬ නෑසෙන ඈතක
හිත ඉගිලී යාදෝ
පුපුරණ විට ළඟ පාතක
සිහිනය මියැදේදෝ

කවි පද ලියවුණු දෑතට
ගිනි අවි බර වැඩිදෝ
සීපද මිමුණූ රෑකට
වෙඩි හඬ රළු වැඩිදෝ
නිහඬව සුසුමක යා කළ
දුක සුළඟෙක යාදෝ
සිහිනය සුපිපෙන ඈතට
දුර කොයි කොතරම්දෝ


මේ අවුරුදු පහකට කලින්.....
ඒ රුදුරු යුද්ධය අතීතයට එකතු වෙලා   අවුරුදු පහයි.....
කීයෙන් කී දෙනාටද මතක තිබ්බේ.....
රට දැය රැකපු....අදටත් රකින රණවිරුවෝ ගැන අද කීදෙනෙක් කතා කරනවද.......
මිතුරනේ......ඔබ ඔබේ පපුවට තට්ටු කරලා අහන්න...... ඔබට එදා වගේම අදත් ඔවුන් ඔබව රකිනවා....

තවත් අතුරු කතාවක් තියනවා.... මම ලියන පොස්ටු අස්සේ අතුරු කතා ලියන්න ගිහාම එකේ රසය වෙනස් වෙනවා කියල එක සහුර්දයෙක් මට බැනල තිබුන.....ඒත් මේ කතාවත් අදම කියන්න එපැයි . මේකත් රණ විරුවෝ ගැනම තමයි.අපි වෙනුවෙන් ගිහින් අබාධිත වුන අපේම සහෝදරයෝ වෙනුවෙන්.....වැඩිය කතා නෑ ......මේ සේනානායක වේරලියද්ද


පිනි වැස්ස සැපයි ගිනි අව්ව දුකයි
දන්නේ බොල් හුලඟ තමයි
මුර මැස්ස කැපයි නිදිසුව අකැපයි
ඉන්නේ සීරුවෙන් තමයි

සෙබලානනේ සංග්‍රාමයේ ජය පැරදුම දෙකම එකයි
සුහදානනේ සුභ සාමයේ තීරකයා ඔබම තමයි

තුන්යම හිටගෙන සමහර විට එක පිම්මේ
වෙඩි සැර ඇවිදින් දුක සැප විමසයි හැල්මේ
කියවෙන රණ ගී මදනල පමනයි දන්නේ
කදුලින් හිනැහී දිරියෙන් ජය ලැබ ගන්නේ

රුධිරය පුදා දිරියෙන් දිරි ලැබ ගන්න
සතුරන් පරදා නිරතුරු ජය ලැබ ගන්න
ඉදිරියටම තිබු පය යලි පස්සටනොම ගන්න
රස්සාවට ආවත් නොබියව යුද්ධ කරන්න

සෙබළානනේ සංග්‍රාමයෙන් තොර ලෝකය තනනු මැන
සුහදානනේ සුභ සාමයේ සංදේශය ලියනු මැන

No comments:

Post a Comment