කර්කශ බව විතරයි හැමතැනම....හම පිච්චෙනවා වගේ ඉරේ රස්නෙට......
ඉර ගැන ගානක් නෑ ඇයට .......ඉර පෑව්වත් නැතත් ....... හඳ අහසට ආවත් නැතත්....කමක් නැහැ ඇයට .......
ඇගේ ලොවේ සඳ බැස යන්න.....තව මොහොතයි.......
සිව් වසරක අතීතය....ඔබයි මමයි සෙනෙහසින් සිටි අතීතය..............
ඔහුත්....මැවූ වැලිමාලිගා ......................
ඊළඟ රැල්ලෙන් කැඩී බිඳී යන්න තියෙන්නේ......
ඔන්න ඔන්න එනවා ඊළඟ රැල්ල.....
ඇය .....නියපොතු අග ගෙවිල ලේ එනකන්ම.....
ඇය .....නියපොතු අග ගෙවිල ලේ එනකන්ම.....
ඇඟිලි පුපුරු ගසන කල්ම කාලයේ වැලිතලාව පහුරු ගානවා ......
වැළලී ගිය ඔහුගේ සෙනෙහස සොයන්න....
ඇය හඬනවා ඔහුගේ සෙනෙහස සොයා.....
ඇය හඬනවා ඔහුගේ සෙනෙහස සොයා.....
ඇඩුවට සෙනෙහස නැවත ලැබේවිද.....
හෝපලු වනයම වේලිලා මේ අව් කාස්ටකේට.....
හෝපලු වනයම වේලිලා මේ අව් කාස්ටකේට.....
දුවිලි හුළඟත් එක්ක පරඬැල් කෑලි යනවා....
නමුත් ඒ වියලි හුළඟ මැද අතීතයේ ගුණ සුවඳම හොයනවා ඇය .....
මහා කාන්තාරේක අතරමං වෙලා ඇය ....තනිවම....ඔහු නැතිව... දෙකකුල් පුපුරු ගහනවා රස්නෙට.....
මහා කාන්තාරේක අතරමං වෙලා ඇය ....තනිවම....ඔහු නැතිව... දෙකකුල් පුපුරු ගහනවා රස්නෙට.....
එත් වියෝගයෙන් දුක්වන ඇගේ සිත සොයන්නේ සිසිලසමයි....ගිනිදන කතරෙත්.......
එත් ඔහු යන්න ගිහින් .........
මේ අවදි වෙන්නේ එදා මෙදා තුර සිංහල ගීතයේ හඬ....සිංහල වියෝ ගීතයේ හඬ.....නන්දා මාලිනි ...................මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පද පෙළකට තනුව එකතු කලේ ස්ටැන්ලි පීරිස්...
කාලයේ වැළිතලාව පහුරු ගා
නියග ගෙවී ලේ ගළනා වෙලාවේ...
මිහිදන් වූ ඔබෙ සෙනෙහස සොයන්නම්...
ඒ සෙනෙහස යළි ඉල්ලා හඬන්නම්...
වියැළුනු හෝපළු වනයේ
සුළගේ යන පරඬැල් මැද,
අතීතයක ගුණ සුවඳක් විදින්නම්...
ඒ සුවඳම හමුවන තුරු සිටින්නම්...
ගිණි දැල්වෙන මරුකතරේ
පුපුරු ගසන වැළිකැට මත,
ලතෙත් බවක සිහිලස සිහිකරන්නම්...
ඒ සිහිලම පතමින් මග බලන්නම්...
ඇය බලා ඉන්නවා ඔහු වෙනුවෙන්........

මට මතක් වෙනවා සරච්චන්ද්‍රයන්ගේ මළවුන්ගේ අවුරුදු දා.........
දෙවෙන්දොරා සං .......නොරිකෝ සං ....
"........එතකොට හෙට ඔබ නෑ. ඔබ ඉන්නේ අද විතරයි. අදත් හෙටත් දෙකම එකයි. අද දවස හමාර වුණාම හෙට දවස. අදත් හෙටත් දෙකම එකයි. අද අපි දෙන්න ඉන්නවා. හෙට මම විතරයි. හෙටත්, අනිද්දාටත්, කවදාටත් මම විතරයි. මොකක්ද වෙනස ?අද වගේම හෙටත් කවුරුත් නැගිටිනවා. කනව, බොනව, වැඩට යනව, කතා බහ කරනව. මාත් මේ ඔක්කොම කරනවා. ඒත් මම විතරයි. ඔබ නෑ.”
මම එබඳු වියරු බස් නො දෙඩුවෙමි. එබඳු බස් දොඩා ඔහු වෙහෙසන්නේ කුමට ද?ඔහු නිසොල්මන් ව සිටී. සිත දැඩි කරගෙන, ආශ්වාස ප්‍රශ්වාස පවා නොකර. ඔහුගේ තීරණය අනිවාර්ය ය. ලෝකයේ ජරා මරණය සේ වෙනස් නොවන නියත ධර්මතාවයකි එය.
“තව කල් දැම්මත් කවදා හරි යන්න එපා ය? මොකොටද කල් දාලා. ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්.”
ඔහු දෙතොලින් මෙබස් කොඳුරන්නා සේ මට දැනුණි. යළිත් ආ නොහැකි නිසා නොවේ ද ඔහු යන්නේ. නොගියොත් යළි ආ නොහැකි ය. යාම හොඳයි. ගොස් ඊම ද හොඳයි. ලොවැ ඇත්තේ යාම ඊම ය. නෑවිත් යන්න බැරිය. නොගොස් එන්න බැරිය......."
හ්ම්.....ඒ සරච්චන්ද්‍රයනේ මළවුන්ගේ අවුරුදු දා .....නමුත් අද ඔහු ඇයව හැරදා යන්නේ මළවුන් සමඟ නොවේ.....තමබොචි සුසානයට නොවේ........
ඇය අතහැර ඔහු යන්නේ....වෙනත් 'ඇය'ක් සමඟද.........
මුනිවත හොඳයි............
මේ සටහන එවන් ප්‍රේමයෙන් පැරදුන අයට ..

ඈට ......
ඔහුට.........
හිත හදාගන්ට නොවේ......
කියවල තව ටිකක් අඩන්ට .......කඳුළු වාන් දමන්ට.......
කොහොම හරි ඔන්න තවත් පොස්ට් එකක් ලිව්වා.....දැන් ඇති වගේ.......තවත් නම් ලියන්න බැහැ කියල හිත කියනවා......ගොඩක් වෙලාවට......තව පොස්ට් එකක් දෙකක් ලියල මම නවත්වාවී මේ ලිවිල්ල......සමහර විට ලබන සතියෙම.......
මේ කතාවෙන්නේ මම නෙමේ......

නොරිකෝ එක්ක දෙවෙන්දොරා සං ..........................................
"ඇයි කතාවක් බහක් නැතිව ඉන්නේ? අද දවස අගෙයි නෙ?”
“ ඔව්, හොඳයි. ඒ වුණත් ඒ තරම්ම හොඳ නැති පැත්තකුත් තියෙනවා.”
“මොකක් ද ඒ? කියන්න. අද සන්තෝස නැද්ද?”
“සන්තෝසයි. ඒත් සන්තෝසෙ එක්ක ම කණගාටුවකුත් තියෙනව.”
“මොකක් ද කණගාටුව?”
“කොයි දේත් එහෙමනෙ. සැප කෙළවර වන්නේ දුකෙන්.”
“ඕකමයි නිතර ම කියන්නේ. මට නම් අද ලොකු ම සතුටක් දැනෙනව.”
“මං හිතන්නේ අපි මෙහෙම සන්තෝසෙන් කාලය ගත කරනව තමයි. දැන් අපේ සිත් සතුටින් පිරිලා තියෙනව. ඒ වුණත් වෙලාව ගත වෙන්න වෙන්න මේ සතුට අඩු වෙනව නේ ද? අන්තිමට, හිත සම්පූර්ණයෙන් හිස්වෙලා යනව නේ ද?”
“අන්තිමට වෙන දේ ගැන හිතන්නේ නැතිව මේ මොහොත ගැන හිතලා සතුට විඳින්න බැරි ද?”
“අන්තිමට වෙන දේ කොහොමද හිතින් අහක් කරන්නෙ? දැන් එක් එක්කෙනාගෙ සමාගමෙන් ආස්වාදයක් ලබනව. තව මොහොතකින් අපට වෙන් වෙන්න සිද්ධවෙනව. එතකොට කොයි තරම් දුකක් ද?”
“ඒකට කරන්න දෙයක් නෑ. ඒ ලෝකෙ හැටි. එක දිගටම අපි එකට හිටියොත් අපට එක එක්කෙනාගෙ සමාගම අප්‍රිය වෙන්නත් ඉඩ තියෙනව. ඒ නිසා අපි දෙන්න අන්‍යෙන්‍ය සමාගම ප්‍රිය කරන කාලය තුළ දී වෙන් වෙන එක වැඩිය හොඳ නැද්ද?”
.........................දැන් ඇති ..........................
No comments:
Post a Comment