Saturday, July 5, 2014

සිත් සේ විඳින්න නාලිනී එන්න.....

මා රැගත් වාහනය හැල්මේ දුවනවා තන්තිරිමලේ පාර දිගේ....මීට අවුරුදු දෙක තුනකට කලින් හිටිවනම ආපු සංවර්ධනය නිසා පාරවල් නම් කාපට් තමයි....නමුත් මිනිස්සුන්ගේ ජීවිත වලගොඩැලි පිරුන...ගල් මතු වෙච්ච පාරක් වගේ.....
පාර අයිනේ තිබුන වැව හිඳිලා ගිහින් කොටු කොටු රටා මැවිලා....
වැහි කාලෙට ලස්සනට රූමත් යුවතියක් වගේ බබලන මේ වැවේ.....
වියලි පතුලේ කොටු රටාව.........හරියට වේලුන හම පැළුන යුවතියක් වගේ......

ඇය ගැන තමයි අද කියන්නේ.....ජීවිතේ වසන්තය ගෙවෙන්නටත් පෙරම ඉඩොරයකට අහුවෙච්ච ඇය ....වසන්තයේදීම දුක් දොම්නස් ඉහිලූ ඇය .....
නාලිනී ....
ඇයට එන්න කියන්නේ කවුද....
නෑඹුල් තරුණයෙක්.....
ජීවිත කතර අතරමං වෙච්චි මේ තරුණියට ආරාධනය නෑඹුල් තරුණයෙකුගෙන්....
එන්න...මල්පිපිලද කියල බලන්න.....ජීවිතේ සමහර විට ඔබ දැකල නැතුව ඇති..මේ මල් මල් වසන්තය...
ඔබේ නෙත් වැව් දිය කොපුල් බැම්මෙන් වාන් දමාවි.....ඇස් දෙක රිදෙයි...ඒත් එන්න...
නිම්හිම් අහන්න ඕන නැහැ....මේ වසන්තයේ සුවඳ.....මේ වසන්තය අහන්න...දකින්න ,විඳින්න එන්න....

දුක් දොම්නස් වලින් පිරිච්ච....නවතින්නේ නැතුව එක හැල්මේ ගලා හැලෙන ගංගාවක් වගේ මේ ජිවිතේ....ඉතින් මේ ජීවිත ගංගාවේ සිසිලසක් ඔබට දැනේවිද.....
නිල්වන් වනරොදේ මල් මල් හිනාවන් දිදුලන ......මල් වල පැණි උරාබොන යොවුන් වියේ.....
මෙහි ව්‍යංගයෙන් කියන්නේ මොකක්ද....... කොච්චර කෙළිදෙලින් පිරිච්ච.....මල් පැණි උරාබොන වසන්තයක්ද.....එහෙත් ඇය .....
මම දනිමි......ඔව්...ඔබ දුක් කම්කටොලු දිරියෙන් යුතුව ඉසිලු නිසා...ඔබේ සිත සියුමැලි නැහැ.....බඹරුන්ට පැනිබොන්න දෙන මල් පොහොට්ටු වගේ
ඔබ ජීවිතය විඳලා නැහැ විඳවලා මිසක්....
නමුත් මගේ ගව්ගනනක් විශාල ප්‍රේම විජිතය සකුණ ගීතයක් සේ එකලු කල මගේ පෙම්බරිය ඔබයි....
විවාහයෙන් තැලී පොඩිවී ගිය , දුක් කම්කටොලු ඉසිලු.....පසුව තනිවූ යුවතියකට...ගැහැනියකට ...අවිවාහක තරුණයෙකුගේ හිතේ ඇතිවූ ආදරය.........ලිව්වේ සමන්ත හේරත්......

මේකේ පුදුම වචන හරඹයක් තියෙන්නේ.....මේ ගීතයේ දෙවැනි අන්තරා කොටසේ කරන වචන හරඹය දෙවැනි වෙන්නේ නන්දාමාලනි කියන සුනිල් ආරියරත්නගේ " මගෙ සිහිනය මට දකින්න " ගීතයේ අර " සන්දස් විදා මොනරු රඟති මේඝ වල පාවේ " කියල පටන් ගත්තු අන්තර කොටස් දෙකට විතරයි කියලයි මට හිතෙන්නේ....ඔබට හිතෙන්නේ කොහොමද.....

රෝහණ වීරසිංහ කොච්චර මධුර මනෝහර සංගීතයක්ද එකතු කරලා තියෙන්නේ....මේකේ සංගීතයත් ඉතාම සුවිශේෂී.....අහලම බලන්න ඔබත්...හැබැයි ඇස් දෙක පියාගෙන.....හඬ කවදත් අභියෝග සහිත ගී ගයන සුනිල් එදිරිසිංහයන්ගේ.....


නාලිනී එන්න මල් පිපී දැයි බලන්න
කඳුලක් නැගෙයි නෙතග රිදුනත් ඉතින් එන්න
නිම් හිම් අසා නොගෙන මල් මධු සමේ සුවඳ
සිත් සේ විඳින්න නාලිනී එන්න

දුක් දොම්නසින් ගහණ හැල්මේ ගලා හැලෙන
දිවි ගං දියේ නුඹට සිහිලක් නොවේ
නිල් වන රොදේ නිලන මල් මදහසින් දුලන
මල් වල පැණි උරණ යෞවන වියේ

නාලිනී එන්න...

නුඹ දිරි දැරී බැවෙන සිත සියුමැලී නොවන
දුටු දැයි අනේ කවර මිහිරක් ලොවේ
පිය රැව් සලා සකුණ සිය ගවු ගණන් විසුළ
විජිතය පෙමින් වතල සෞමිය මගේ

නාලිනී එන්න...

මම දැක්ක මේ වගේ යුවතියන්..කාන්තාවන්...යන පාර අයිනේ ගෙවල් වල.....ඒවාට ගෙවල් කියල කියන්න පුලුවන්ද...... වත්තේ හැදෙන මොනවහරි දෙයක් ගේ ඉස්සරහ පාරේ හදපු මැස්සක් උඩ තියාගෙන.....මමත් ගත්ත දිවුල් මල්ලක්ම..... හැබැයි ගැට කාලෙම කඩලා අව්වට රත්වෙලා....මොකක්දෝ වෙලා ඒවාට.....ඇයගේ ජීවිතය වගේ

Sameera දිල්හාන් සහෝදරයා නාලිනී ගීතය ගැන ලියන්න කියල ගොඩක් කල්.....ඔන්න අන්තිමට ලිව්වා....ආ ගිය කතාවක් වැල් වටාරම් එක්කම.....

No comments:

Post a Comment