Saturday, July 19, 2014

කුමටද ඔබ දුන් කවිකම

හීං වැහි කෝඩයක් ඇදන් වැටුන....මහ වැස්සක් නෙමේ ....නිලි වැස්සක්.....අව් කාස්ටකේට ඉරිතැලිලා ගිය හිත ගාව.... නැත්තම් කොහෙද වැහි මේ වන්නිකරේ.... හ්ම්
මිදුලේ කොනක හීං බූටියා පඳුරක උදේ පිපිච්ච මලක් අව්වට කරකුට්ටන් වෙලා තිබුන....මම ඇස් දෙක පියා ගන්නවා.....

කන්දෙකට ඇහෙනවා හෝ හෝ ගාල එන හුලං සද්දේ..... 
කිසිම තෙතමනයක් නෑ තමයි ඒ හුළං වල.... 
හුළං සද්දේ අතරින් ඇහෙනවා මට ඇගේ හඬ.....
මේ ඇගේ කතාව...... මේ ඇගේ හඬ....... අහන්න ඔබත්....

හ්ම්.......
මට කවි තියා අකුරක්වත් ලියාගන්න බැරිවයි උන්නේ...හරියට....හ්ම් ඔබ මාව කවියෙක් කලා ....
මසිත තලා පෙලා දඬුවම් දුන්නේ ඇයි ....ආදරය කලාටද....ඔබ මගෙල පැළඳු පෙම්මල්දම අනුකම්පා විරහිතව කඩා දැමූහැටි .... 
ඒ මල්දමේ මල් සීසීකඩ.... අඩිය තියල ඇවිදගන්නවත් බැහැ ....මල්පෙති පැගෙයිද මගේ දෙපයට........මම කවියෙක් වෙලා.....ඔබ මාව කවියෙක් කරලා........
සන්සුන් විල්දියක් වගේ මගේ සිත..... 
රෑ එළිවෙනකම් රජරට සේවේ ඇහෙන පිරිතක් වගේ මගේ හිත.....
තිසා වැව් දියේ රඟන හංසයෙක් වගේ.......
හ්ම්
පිවිතුරු මගේ හිත.......
කළඹා දැම්මේ ඔබ.....නොසිතු මොහොතක.....පුදුමයි......මගේ හිතද මේ.....
අනේ ඉස්සර විදිහට ඉන්න තිබුනානම්...තනිකඩව.....ඒත් ඔබ මා එක්ව දුටු සුන්දර සිහින.....
කෑලි කෑලි වලට කැඩුන සිහින....
කොච්චරක් නම් සිහින දැක්කද.....ඔව්.....ඔබෙයි මගෙයි සිහින
ආදරය විවාහය ..... එච්චරක්ද.....නෑ දරුවන් ගැන......
ඒත් ....නොහිතපු වෙලාවක ..... ඔබ දුරක ගිහින්......
රෑ නිදි නැති ඇස් වලට කඳුළු උල්පත් විවර වෙනවා..... මේ ගිනි ගහන ඉඩෝරේ උනත් වාන් දමනවා...... කම්මුල්.....
ඒක දන්නේ හැමදාම තෙත බරිත වෙන කොට්ටය විතරයි......මේ රාත්‍රිය ගෙවෙන්නේ කීයටද....එක්කෝ මේ කරුවල හොඳයි.....ඔබ නැතිව කරුවල වුනු ලොවට මේ කරුවල මොකක්ද......
ඉක්මනට මගේ මූණ හංගගන්න පුළුවන් රාත්‍රී කරුවල සළුවෙන්.....
දැන් ඉතින්.....මොකටද මේ කවිකම.....අප ගැන දුක් ගී ලියන්නනම්...................

ඔබත් එන්න අඬන්න ඇයත් එක්ක.... ඇගේ දුක තුනී වෙන එකක් නැහැ.....ඒත් අපි අඬමු 
ලියවුනේ සුනිල් ආරියරත්න අතින්....ස්වර රටා ස්ටැන්ලි පීරිස් අතින් 
ඔව්..... මේ ඇගේ හඬ..... දීපිකා ප්‍රියදර්ශනී පීරිස් ...............



සිත පෙලා දී දඬුවම්.....
කඩා ගෙලැ ලූ මල්දම්
ආලයට කර සරදම්
අගෙයි ඔබ දුන් කවිකම්....//


නොසිතූ මොහොතක මල් හී සර විද
කළඹා ... සන්සුන් හදවත

මටනම් පුදුමයි අකුරක් බැරි මට
ඔබ පිලිගැන්වූ .....කවිකම


සිත පෙලා දී දඬුවම්.....



ලොවට පෙනෙන්නට සිනාසුනත් අද
වැලපේ ......හදවත තනිවම
අපගැන දුක් ගී පබදින්නට නම්
කුමටද ඔබ දුන් කවිකම


සිත පෙලා දී දඬුවම්.....

No comments:

Post a Comment