Monday, July 28, 2014

හන්තාන අඩවියේ පිය සටහන් 3........;"ඇයට බාර දෙනවාමයි මගෙ තනිය..."

කැම්පස් කතා දෙකක් මම කලින් ලිව්වා....මතක ඇති ඔබට....ඉතින් අදත් මේ ලියන්නේ ඒකෙ කොටසක්...., මේ කියන දේවල් ගොඩක් මගේ පුද්ගලික අත්දැකීම් තමයි..... ඒත් ඒවා නැතුව වෙන මොනවා ලියන්නද..... කාලෙකින් තමයි මේ ලියන්නේ.... වැඩ වැඩියි මේ දවස් වල.......


උදේ පාන්දරට පුදුම හීතලක් තියෙන්නේ පේරාදෙණියේ..... 
හන්තාන හීතල මීදුම් සළු පොරෝගන බලන් ඉන්නවා.
පොරෝනයේ ගුලි ගැහිලා ඉන්නමයි හිත. ඒත් හත වෙද්දී කැම්පස් එකට යන්න එපාය. කමක් නැහැ තව ටිකක් නිදා ගන්නවා. 
යන්තම් නින්ද යන්න ආව විතරයි...
එරංග ගේ සද්දෙට උඩ ගිහින් ඇහැරුනා....
ඇත්තටම ඒ එරංග ගේ සද්දේ නෙමෙයි මගේ කාමරේ බෙදාගෙන හිටපු හර්ෂ ගේ සද්දේ...
කොහොමෙන් කොහොමෙන් හරි උදෙන්ම නැගිටලා ලක ලැස්ති වෙලා කැම්පස් එකේ කැන්ටිමට ආව කියමුකෝ.... 
ඔන්න ඉතින් ජේෂ්ට උත්තමයන්ගේ ආතල් බලාගෙන....බැනුම් අහගෙන....ඉන්නවා. 
නවක වදය කියල පොදුවේ හැදින්වුවට පේරාදෙණියේ මෙඩිකල් ෆැකල්ටි එකේ තිබුන රැග් එක හරිම සුන්දරයි.... 
යොවුන් වියේ මුල උන්නු අපට ජීවිතයට අත්පොත් තිබ්බේ මේ රැග් එක. විවිධ සමාජ මට්ටම් වල විවිධ පුද්ගලයින් අපේ බැච් එකේ උන්න. උන් හැමෝම එක විදිහකට හදල ගන්න මේකෙන් පුළුවන් උනා. Saranga Dinusha Lanka Geeganage සහෝදරයා මෑතකදී පේරාදෙණි
වෙද පියසට ගිය වෙලාවක ගත්ත පොටෝ වගයක්
පොස්ට් කරලා තිබ්බ ..... දැන් ඉතින් එහෙ ටියුෂන් කඩයක් ගානට වැටිලා. කෝ පේරාදෙණි උප සංස්කෘතිය ......

හ්ම්.....

පිරිමි ඉස්කෝලෙක ඉගෙනගත්ත මට කෙල්ලෙක් එක්ක එක පුටුවක් බෙදාගෙන ඉඳගන්න කිව්වම....කෙල්ලෙකුට බත් කටක් කවන්න කිව්වම මුලින් හීං දාඩිය දැම්ම තමයි....ඒත් අවුරුදු පහකට වැඩි ගණනක් එක පවුලක සහෝදර සහෝදරියන් ලෙස ඉන්න මේ දේවල්....මේ සබකෝලය ඉවත් කිරීම කොච්චර ඉවහල් උනාද.......කොටින්ම ගෑණු ළමයෙක් දිහා "කෑල්ලක්" යන කෝණයෙන් බලන එක වෙනස් උනා මේ නිසා.....හ්ම්


අතුරු කතා ඇති.... ඔන්න ඉතින් මම කලින් කිව්ව විදිහට කැන්ටිමේ අපි ඉන්නවා....ඔන්න එතකොට පරක්කු වෙලා ආපු අපේ බැචාලා බැචීලා සෙට් එකක් බෑග් ඔලුවේ තියාගෙන පෝලිමට එනවා....
ඒ අතරේ මම දැක්ක ඇයත් ඉන්නවා.....
දැන් ඉතින් මට උන් හිටිතැන් අමතක වෙලා...
මගේ හිත සැණකෙළියක් වගේ... ඔන්න මම ඇස් දෙක පියාගත්තා.....නිදිමත හැදිලා නෙමෙයි.....
හැබැයි ජෙෂ්ටයෝ දැක්ක මම ඇස් පියන් ඉන්නවා....
බැනුම් කෝටියයි....ඔන්න මගේ කාඩ් එකත් හැදුන ...
"බකමූණා " කියල.......

ඔන්න ඔය අතරේ කැන්ටිමේ එක කෙළවරක එකම ගාලගෝට්ටියයි.... එක ගෑණු ළමයෙක් කලන්තේ දාල වැටිළලු ....අපිත් බෙල්ල දික්කරගෙන බලාගෙන ඉන්නවා....හරියට උම්මග්ග ජාතකේ කේවට්ටයා වගේ....කොක් කරක්සේ දික් වූ ගෙල ඇතිව....
ඔන්න ඉතින් ජේෂ්ටයෝ ත්‍රී වීලර් එකක් ගෙනාව..අර ගෑණු ළමයව හෙල්ත් සෙන්ටර් එකට එක්කන් යන්න....අපිට තාමත් පෙනෙන්නේ නැහැ කවුද ඒ කියල.... ඔන්න එතකොට අපේ Panduka Mahamithawa ජේෂ්ටයා එනවා මං හිටපු පැත්තට......

"ආ උඹ වරෙන් ......නැගල පලයන් උඹත් මේ කෙල්ලොත් එක්ක ත්‍රී වීලර් එකේ....උඹලගේ බැචීලගේ තනියට...."

මමත් නැග්ග දුවල ගිහිල්ල....
දෙන දෙයියෝ ටොකු ඇන ඇන දෙනවලු...... කලන්තේ දාල තියෙන්නේ ඇය ......

ඔව්..."ඇය" තමයි....පරක්කු වෙලා ආපු හින්ද අද හොඳටම බැනුම් අහල...කලන්තෙත් දාල......
ඔන්න ඉතින් කොල්ල බැහැල වැඩ......ෆාමසියෙන් බෙහෙත් ගෙනත් දෙනවයි...කෑම ගෙනත් දෙනවයි...වැඩ කෝටියයි.....කලන්තෙට පිං සිද්ද වෙන්න යන්තම් වචනයක් දෙකක් කතා කරගත්ත.....
ඔන්න එදා බෝඩිමට ගියේ සතුටින් ඉපිලී ඉපිලී.......දංගොල්ල හන්දියේ ඉඳන් බෝඩිමට පයින් යන ටික කොහොම ගියාද කියල මතකත් නැහැ......
කෙලින්ම ගිහින් ඇඳට වැටුන කොල්ල දැන් මනෝ ලෝකෙක.....
කතාකරපු දේවල් බයිස්කෝප් එකක් වගේ මැවිලා පේනවා.....

"ඔයා කුරුණෑගල ද.."

'ඔව් "

"ඉස්කෝලේ....."

"බ්ලා ...බ්ලා .....බ්ලා ..."

"ඉතින් සිකුරාදාට ගෙදර යන්නේ කොහොමද"

"අපි....කුරුණෑගල කට්ටියම දොළහට ඉවරවෙලා බස් එකේ යනවා"

හ්ම් ...
කෝච්චියට ආයුබෝවන්.... මේ සතියේ ඉඳන් මමත් යනවා බස් එකේ..කුරුණෑගල පැත්තෙන්...

ඔන්න ඉතින් කොල්ලට නින්ද ගියා.....කල්පනා කර කර ඉන්නකොට.....
ඇයව පෙනෙනවා හීනෙන්......මුතු වරුසාවක් වගේ පින්නට තෙමුණු වෙල් එළියේ ඇය .......
ඇය .......
මුතු මැණිකේ කෙනෙක් වගේ.....
මට මතක් වෙනවා ප්‍රේමකීර්ති ද අල්විස් ලියපු...වික්ටර් රත්නායක සංගීතය යොදල ගයපු සින්දුවක්.......
මුතු මැණිකේ ගැන.....
ප්‍රේමකීර්ති හරි ලස්සනට මෙහි විරිත...එළිසමය ගලපනවා.....
පිටය....ඇටය.....කැටය .......මටය.....
දෙනිය ......පැණිය ......වැනිය......තනිය......
කොච්චර ලස්සනද.......අහල බලන්න



මුතු වරුසාවට තෙමිලා
පිනි ඉහිරුණු වෙල් එළියේ
මුතු සහලින් දෝත පිරූ
මුතු මැණිකේ... මුතු මැණිකේ...

වතක මහිම නා දළු තොල් පෙති පිටය
කෙතක මහිම රන් කරළක මුතු ඇටය
පිනක මහිම පිං වපරැ'ති නෙත් කැටය
මැණික මගේ මුතු මැණිකේ හිමි මටය...

එළිය කරයි සඳ නැඟ වෙල ළඟ දෙනිය
බඹරු උරනවලු මී වද වල පැණිය
සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය
ඇයට බාර දෙනවාමයි මගෙ තනිය...

පරිසරයේ සුන්දරත්වයත් එක්ක ඇගේ සුන්දරත්වය කොච්චර ලස්සනට ලියල තියනවද.....වෙල ළඟ දෙනිය සඳ රැස් වලින් එලියවෙනවා....බඹරු රොන් ගන්නවා....මගේ හිතේ සතුට වක්කඩ කැඩුවා වගේ......
ඔව් මම හිතා ගත්ත අනිවාර්යයෙන්ම........


"ඇයට බාර දෙනවාමයි මගෙ තනිය..."


No comments:

Post a Comment