මොනවත් ලියන්න හිත දෙන්නෙම නැහැ.
ලෝකයම හිස් වෙලා වගේ....
කවුරු හරි මගේ අතපය හතර කපල පාරක් අයිනේ දමල ගිහිල්ල වගේ....
කිමද මේ අරුමේ.......
මේසේ උඩ මගේ බත්පත හීතල වෙනවා.....දවල්ටත් කෑවේ නෑනේද.....හ්ම් කිසිම පිරියක් නැහැ නොවැ .....
මේසේ උඩ මගේ බත්පත හීතල වෙනවා.....දවල්ටත් කෑවේ නෑනේද.....හ්ම් කිසිම පිරියක් නැහැ නොවැ .....
හ්ම්
.වතුර ටිකක් වත් බොන්න ඕන.....
හ්ම්....
ඒකත් තිත්තයි වගේ.....
මගේ මුළු හිතම හිස්....
මගේ මුළු හිතම හිස්....
වැව් ඉහත්තාවේ ගෙදර පිහිටලා තියන නිසා හෝ හෝ ගාල හුලං එනව තමයි,,,,ඒත් කොයි සිසිලසක්..... දාහය ගත පුරාම......මගේ ඇඟ පිච්චෙනවා වගේ....
හරිම මූසලයි ගෙදරම.....කිසිම හාහූවක් නැහැ.....
අඩුම තරමින් පොඩි පුතාල දෙන්නවත් අද සද්ද කරන්නේ නැහැ......
මොකක්ද මේ අරුමය.....
මට මේ පාළුව නුහුරුයි....
මට මේ පාළුව නුහුරුයි....
ඇගේ හිනාවක්....ඇගේ කතාවක්....එහෙමත් නැත්තම් ඇගේ නෝක්කාඩුවක් නැතුව........
මම ජනේලයෙන් ඇස් ගත්ත අහකට....
තවම හරියට වචන කියන්න බැරි ලොකු පුංචි පුතා.....මොනමොනවදෝ කියවනවා....
මම හැරිලා බැලුව....
ඇයට නින්ද ගිහින්.... ඔව්..පුතාලගේ ආදර අම්මට නින්ද ගිහින්.....මගේ ආදර බිරිඳට නින්ද ගිහින්.....
අසනීපය නිසා ඇඟේ අම්මරුවට වෙන්න ඇති....
පුතා ඇගේ කොන්දට අලවල තියන.....සුසුම්නා තරලය ගත් තැන ලොකුම ලොකු ප්ලාස්ටර් එක අතගානවා. පව් පොඩි එකා මොනවා දන්නවටද..... පොඩිඑකා ටත් දැනෙනවා ඇති පාළුව......
මටත් දැනෙන.....
මම කලිනුත් කියල තියනවා ඔබට...මට හරියටම තේරුම ගැලපෙන සින්දු මතක් වෙන්නේ නැහැ කියල..... මම කියන්නේ සින්දු වල තේරුම නෙමේ.....මොකක් හරි වෙලාවක මට මතක් වෙන සින්දු.......
මම කලිනුත් කියල තියනවා ඔබට...මට හරියටම තේරුම ගැලපෙන සින්දු මතක් වෙන්නේ නැහැ කියල..... මම කියන්නේ සින්දු වල තේරුම නෙමේ.....මොකක් හරි වෙලාවක මට මතක් වෙන සින්දු.......
මේ ඇහෙන්නේ සුනිල් එදිරිසිංහගේ හඬ......රෝහණ වීරසිංහ අතින් රටා මැවිච්ච මේ පද රටාව කේ.ඩී .කේ.ධර්මවර්ධනගෙන්......
කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
හදා ගත් ලුණු මිරිස රහ නැත
මොකද මන්දා දිවට වූයේ
සැලේ ගහ කොළ සුළඟ ඇත එද
සිහිල කොයි අත ගියාදෝ
කෝල බව මුසු සිනා හඬ නැත
සවන් බිහිරිව ගියාදෝ
කලේ පැන් ඇත නැවුම් රහ නැත
මොකද මන්දා ලිඳට වූයේ
පුළුස්සා ගත් රොටිය කර වී
මොකද මන්දා ලිපට වූයේ
පුරුදු නිවහන නුහුරු වී නම්
කාට මේ ගැන කියන්නෙම්
කාට මේ ගැන කියන්නෙම් මම
බිරින්දෑ නෑ ගම් ගොහින් ///
මගේ බිරිඳ ගමේ ගිහින් නෙමේ....
නෑගම් ගිහිනුත් නෙමේ......
ඇයට අසනීපයි හොඳටම....උදේ ඉඳන් එක එක පරීක්ෂණ කළා.....
මල පාලුයි මුළු ගෙදරම.......
මමයි පොඩ්ඩෝ දෙන්නයි බලාගත්තු අතේ බලාගෙන.....
අපි තුන්දෙනාටනේ පාඩු..ඇයට අසනීප උනාම......
හ්ම්....
මට නිදිමත එන්නෙත් නැහැ..... ලොකු පුතාටත් එහෙමයි....චූටියට නම් නින්ද ගිහින් අම්මට හේත්තු වෙලා......
අනේ...ඇය හොඳට ඉඳල මම අසනීප උනානම්.......
ඇය හොඳට හිටියනම්...මේ ගේ පුරාම ඇහෙන්නේ ඇගේ හඬ....
වෙලාවකට මට කතා කරනවා.....වෙලාවකට ලොකු පුතාට...වෙලාවකට පොඩි පුතාට......නැත්නම් අපි තුන්දෙනාටම බනිනවා.....අයෙත් හිනා වෙනවා........
අපි තුන්දෙනා එකතුවෙලා කොච්චරනම් වද දෙනවද ඇයට .....නේද මගේ පුතේ....
අපි තුන්දෙනා එකතුවෙලා කොච්චරනම් වද දෙනවද ඇයට .....නේද මගේ පුතේ....
මම බලන් ඉන්නවා.......හිස් බැල්මකින්.......
හෙට උදේ පාන්දරම ගුලිවෙලා නිදාගෙන ඉන්න අපි තුන්දෙනා ඇහැරවන ඇගේ හඬ වෙනද වගේ ඇහෙන්න කියල අපි ප්‍රර්ථනා කරමු...නේද පුංචි පුතේ.....
හෙට උදේ පාන්දරම ගුලිවෙලා නිදාගෙන ඉන්න අපි තුන්දෙනා ඇහැරවන ඇගේ හඬ වෙනද වගේ ඇහෙන්න කියල අපි ප්‍රර්ථනා කරමු...නේද පුංචි පුතේ.....
හ්ම්...
ඒත් අද මට නින්ද යන එකක් නැහැ.....
No comments:
Post a Comment