Saturday, June 7, 2014

වසන්තය ගැන සිතන්නට නම්................

හරිම ගිරිස්මයක් තියෙන්නේ මේ දවස්වල.....අනුරාධපුරේට උඩින් එක එල්ලේ ඉර.....
ඉරට හැතප්මයි.. දවල්නම් බැරි යැ . රෑටත් එහෙමයි.... කමිසයකුත් නැතුව මහ රෑ දොර ඇරගෙන එලියට බැස්ස. ගෙට එහා පැත්තේ තියන වැව පැත්තෙන් සීතල හුළඟක් එනවා තමයි....එත් වෙනදා වගේ හෝ ගාල අද හුළඟ නෑ .
අපිට කියල කොච්චරනම් දුක් කම්කටොලු වේදනා තියනවද..... ඒ වේදනා හමුවේ, ඒ ගැටළු හමුවේ දෙදෙනෙක් අතරේ කොච්චරනම් ප්‍රශ්න, බහින්බස්වීම් ඇතිවෙනවද......එත් ඒවා කොච්චර කාලයකටද......ඒවා ඉවරයි.....දැන් හිනාවෙන්න.....මගේ ගොරහැඩි කටහඬින් කියනවට වඩා සුනිල් එදිරිසිංහ මේක කියද්දී කොච්චර ලස්සනද.....

සිනහ වෙනු මැන
වේදනා පිසදා //

වෙරළ රළ හා තරහ වී නැත
මියුරුසර වෙණ හා බිඳී නැත //
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

සිනහ වෙනු මැන...

කඳුල දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම් //
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

සිනහ වෙනු මැන... //

මේ කතාව කවුරු කාට කියන කතාවක්ද...පෙම්වතෙක් පෙම්වතියකට කියන කතාවක්ද.... සැමියෙක් බිරිඳකට කියන කතාවක්ද....මිතුරෙක් මිතුරියකට කියන කතාවක්ද.....
මේක ඕනැ කෙනෙකුට කියන්න පුළුවන්......
වෙරල කවදාවත් රල සමඟ තරහ වෙයිද.....රල නැතිනම් වෙරලින් ඇති පලය කීම...මියුරුසර වීණාව හා තරහ වේවිද.....වීණාවක් නැතිනම් මියුරුසරයක් කොයින්ද...අහසට සඳ හා තරහවිය හැකිද...සඳ නැති අහස කොතරම් කරුවලද...පහුගිය දේවල් මගේ හිතේ නැත.....ඔබ නැතිනම් මම කවුද...පරණ දේවල් කුණු කූඩයට දමා අනේ..... පොඩ්ඩක් හිනාවෙනවා ද ..
කොච්චර ලස්සනද..
අනේ පොඩ්ඩක් හිනාවෙන්න
මේ දුක් දොම්නස නිවන්න නම් ....... මේ අවට බඹර සැණකෙළි දකින්න......ඉන් ඔද වැටී ලස්සන ගී ගයන්න ...... වසන්තයක් වන් අපේ අනාගතය ගැන හිතන්න...... තව කොච්චරක්නම් දේවල් තියනවද......ඉතින් පරණ දේවල් අමතක කරලා චුට්ටක් හිනා වෙන්න.....
කොච්චර ආදරයක්ද....කොච්චර ලෙන්ගතු කමක්ද......හිතේ තියන ලෙන්ගතුකම දොරේ යනවා......හ්ම්.......
මේ සින්දුව හරිම රහයි.....
තව මොනවා ලියන්නද.......අතීතය මත්තෙම නැහෙන්න එපා....අද වර්තමානයේ ජීවත් වෙන්න....හොඳ මිනිසෙක්, ගැහැනියක් විලසට.....එතකොට එය ලස්සන අනාගතයකට පාර කියාවි....
මේක ඔබේ ....මගේ....ඇයගේ ...ඔහුගේ....ඔවුන්ගේ ගීතයයි.....හිත සැනසුම ගෙනෙන ගීතයයි.....අවිහිංසක සිතක සොඳුරු අයාචනයයි ......
අනේ...... දැන්වත් යාන්තමට වගේ පොඩ්ඩක් හිනාවෙන්න.....ගස්සල අහක බලාගන්නේ නැතුව.....
.............
හ්ම්.......
ඇති යාන්තං ......
අන්න කටකොනින් යාන්තමට හිනාවුනා


No comments:

Post a Comment